2022 ජනවාරි 08 වන සෙනසුරාදා

මිලියන 100ක් ටෙලිග්‍රෑම් පස්සේ...

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 116

ඔන්න මචෝ අද අපි කතා කරන්න යන්නේ Mobile App එකක් ගැන පට්ට Y Trend එකක්. මෑත කාලෙ ලංකාවේ අපේ සුදාලා ගොඩක් දෙනෙක් මේ App එක Mobile එකට දා ගත්තා. සමහරවිට මචෝ ඔයාගේ Smart Phone එකෙත් දැනටම ඇති. අටුවා ටිකා ඕන නෑ ගලපන්න යන්නේ Telegram App එක Trend වීමේ Story ය. Digital ලෝකයත් එක්ක Update වෙන ඕනෑම පැංචෙක් පැංචියෙක් දන්නවා මේ Application එක ගැන. සීන් එක අපේ අයට වැඩියෙන් සෙට් වුණේ පහුගිය කොරෝනා කාලේ. අවුරුද්දක් වගේ ඇතුළත ලංකාවේ Digital Society ආක්‍රමණය කරන්න මේ App එක සමත් වුණා. ඇත්තටම ඒක මාර සීන් කෝන් එකක් තමා වස්තු.

සීන් කෝන් එක දන්න නොදන්න ෆ්‍රොන්තොලා ඔක්කොටම තේරෙන විදිහට සරලව මුල ඉඳන් කතාව ගලපන්නම්කෝ. මෙහෙමයි. සරලව කියනවා නම් Telegram කියන්නේ messaging සේවාවක්. ඒ කියන්නේ WhatsApp, Viber, Messenger වැනි ප්‍රසිද්ධ messaging Application එකක්. සුදාලා දැනටමත් භාවිත කරන WhatsApp, Viber, Messenger වගේම තමා Telegram App එකත්. ඒකේ මහ ලොකු වෙනසක් නෑ. හැබැයි වැඩේ කියන්නේ WhatsApp, Viber, Messenger ගාණටම Telegram දැන් ලෝකේ ජනප්‍රිය වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒක එක්තරා ආකාරයකට Wow කියන්න පුළුවන් සීන් කෝන් එකක් තමා මචෝ.

කොහොම වුණත් අද ඊයේ ලංකාවේ අපේ අතර Telegram ඇප් එක Trend වුණාට මේක ටිකක් පරණ Application එකක්. රුසියානු ජාතික ව්‍යවසායකයෙකු වන Pavel Durov විසින් multi-platform messaging සේවාවක් ලෙසින් තමා Telegram ආරම්භ කරන්නේ. 2013 ඔක්තෝබර් 20 තමා පළවෙනි වතාවට Android දුරකථන සඳහා සීන් එක හඳුන්වා දෙන්නේ. 2021 අවුරුද්දේ දත්තවලට අනුව ලෝකය පුරා මිලියන 500ක් විතර දෙනා Telegram භාවිත කරනවා. වැඩිපුර පිරිසක් Telegram භාවිත කරන්නේ රුසියාවේ. මොකක්ද මේක නිර්මාණය කරන්න මූලික වෙන්නෙ රුසියානුවෙක්නේ. දැනට ලෝක මට්ටමින් ගත්තාම Chatting App වලින් 6 සහ 7 ස්ථානවල තමා Telegram තියෙන්නේ. ලංකාවේ නම් පළවෙනි හතර ඇතුළේ තියෙනවා කිව්වොත් හරි මචෝ.

2020 අවුරුද්දේ විතරක් මිලියන 100ක පිරිසක් Telegram භාවිත කරන්න පටන් අරගෙන තියෙනවා. මේක මෙච්චර  ජනප්‍රිය වෙන්න ලොකුම හේතුව මොකක්ද කියලා  සුදාලා හිතනවා ඇති. Digital ලෝකයත් එක්ක ඉන්න වස්තුලා නම් සීන් එක දැනටමත් දන්නවා ඇති. අනෙක් Application වලට සාපේක්ෂව Telegram වලින් ලැබෙන ආරක්ෂණය තමා හේතුව කිව්වොත් නිවැරදියි. කිසිම සමාගමකට හෝ තුන්වැනි පාර්ශ්වයකට Telegram හරහා හුවමාරු වන ඔබේ පණිවිඩ සහ සාකච්ඡා බැලීමට නොහැකි වන ලෙස end-to-end encryption කියන තාක්ෂණය ඔවුන් භාවිත කරනවා.

සුදාලට මතකද දන්නේ නෑ.. 2018 දී රුසියාව Telegram ban කළා? ඒකට හේතුව රුසියානු රජය මේ end-to-end encryption එකේ key එක ලබාගැනීමට කළ ඉල්ලීමක් Telegram සමාගම ප්‍රතික්ෂේප කිරීමයි. සීන්කෝන් එක ග්‍රීක් වගේ වස්තු. සරලව කතාව කියනවා නම් අපි කවුරුත් කැමති නෑ අපේ පෞද්ගලික සම්බන්ධතා ගනුදෙනු ගැන පිට අය දැනගන්නවාට. අපි හිතාගෙන ඉන්නවා අපේ Mobile එක අපේ Chatting Application හරි ආරක්ෂිතයි කියලා. ඔව් මචෝ ආරක්ෂිත වෙන්න පුළුවන්. නමුත්  වස්තු ඒ සමාගම් අදාළ රටට වගකින්න ඕන. App එකේ තියෙන්නේ අපේ තොරතුරු වුණාට ඒ සමාගම තියෙන්නේ අමෙරිකාව වගේ රටක නම් ඒ අදාළ තොරතුරු ජාතික ආරක්ෂාව තකා අමෙරිකාවට බලන්න පුළුවන්.

තේරුණාද පැංචෝ අපි හිතන තරම් දේවල් සරල නෑ. කොහොම හරි Telegram ලා 2018 දී රුසියාවට අදාළ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළා. ඒක වෙනම ලොකු කතාවක්. දැන් සමාගම තියෙන තැන මාරු කරලා. ඉතින් පහුගිය කාලේ WhatsApp භාවිතයේ පෞද්ගලිකත්වය ගැන ඇතිවුණු ගැටලු ගැන සුදාලා දන්නවා ඇති. ඒකෙනුත් වැඩිපුර වාසි වුණේ Telegram සමාගමට. ආ එතකොට ඔයාව ට්‍රැක් කරනවා වගේ බයක් දැනෙනවා නම් කැමති නම් වහාම Telegram වලට මාරුවෙන්න පුළුවන්. 

ලංකාව පැත්තට ආවොත් Telegram Group  සහ Chanel තමා වැඩේ ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව. Trend හදන හැම විෂයක් ගැනම වගේම News, Gossip Films, TV Series වගේ දේවල් වෙනුවෙන් මුලින්ම Telegram ලංකාවේ ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. පස්සේ මේක Marketing සීන් එකේ දී පාරිභෝගික සේවාවක් විදිහට සමාගම් භාවිත කරන්න පටන් ගත්තා. ඔන්න ඔය වගේ දේවල් නිසා තමා ලංකාවේ Telegram Trend එක නිර්මාණය වුණේ. තරුණ පරපුර Privacy ගැන වැඩිපුර හිතන්න ගත්ත එකත් රුසියානු සංචාරක කර්මාන්තයත් මේකට එක්තරා මට්ටමකට හේතුවක් මචෝ.

Telegram වල දැන් සෑහෙන්න පහසුකම් තියෙනවා. මුලදී සාමාන්‍ය Massage App  එකක් වුණා. දැන් Telegram පට්ට Update සුදෝ. Cloud based නිසාවෙන් එකවර උපාංග කිහිපයක් කිසිම ගැටලුවකින් තොරව වෙන වෙනම භාවිත කරන්නත් අවශ්‍ය නම් එකම app එක තුළ විවිධ දුරකථන අංකවලින් ගිණුම් රාශියක් නිර්මාණය කර ගන්නත් ඔබට පහසුකම් තියෙනවා. ඕනෑම ඡායාරූපයකට හෝ වීඩියෝවකට animated stickers එකතු කරන්න වගේම ඉතා පහසුවෙන් Video එකක් වුණත් අවශ්‍ය ආකාරයට brightness, saturation වෙනස් කර ගන්න ඔබට පුළුවන්. ඒ ගැන වැඩි විස්තර කියන්නේ නෑ පැංචෝ හොයලා බලන්නකෝ.

එතකොට මචෝ Telegram එක්ක එන searching පහසුකම තවත් විශේෂ දෙයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔයාට අවශ්‍ය දෙයක් search පහසුකම මගින් search කරලා හොයාගන්න පුළුවන් මේ සීන් එකේදී. චිත්‍රපටයක්, ටීවී සීරිස් වගේ දේවල් විතරක් නෙමෙයි පරිගණක ක්‍රීඩා Documentary ඇතුළු එකී මෙකී නොකී බොහෝ දේ මේ විදිහට හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අවශ්‍ය Groups, Channel වලටත් සම්බන්ධවෙලා ආතල් එකේ ඉන්න වගේම official වැඩ කර ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔහොමයි සීන් එක. සුදාලත් Try කරලා බැලුවට වරදක් නෑ. එහෙනම් ලබන සතියේ හමුවෙමු.

♦ නිසල්