2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

සුද්දගේ ගල විදිල්ලත් නැගලම ගිය කතාවක්

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 136

සිරාවටම Cricket කියන්නේ ලංකාවේ සදාතනික Trend එකක්නේ සුන්දරා.  ඔන්න අපි Cricket ගැන ආයේත් Y Trend එකක් අරගෙන ආවා. පහුගිය කාලේ චාටර් වෙලා තිබ්බ ක්‍රිකට් සීන් එක ආයේ ටිකක් ෆෝම් වෙලා තියෙන්නේ. අපි නම් මැච් බලන්නේ නෑ කිව්ව අයත් ආයේ මැච් බලනවාලූ. සුදාලා දන්නවානේ මේ දවස්වල LPL තරගාවලිය පැවැත්වෙනවා. ඒ නිසාම සමාජ මාධ්‍ය ඇතුළේ එක එක ජාතියේ Trend හැදිලා. අපි කතා කරන්නේ අන්න ඒ සීන් කෝන් ගැන.

Lanka Premier League කියන්නේ මොකක්ද කියලා ආයේ අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑ වස්තු. මේ වෙනකොට රටේ අංක එකේ Y Trend එක තමා LPL. ඒ නිසාම මේ Story එක අපිට මඟහැරලා යන්න බෑ සුදෝ. සාමාන්‍යයෙන් අපි Sports Trend ගැන කතා කරනවා අඩුයි. සමහරුන්ට මේ සීන් සෙට් නෑ. ඔන්න එහෙනම් අද පොඩ්ඩක් ඉවසා වදාරන්න ඕනෑ එයාලා. අපි කතා කරන්නේ දෙවැනි වතාවට පැවැත්වෙන LPL වටේ ගොඩනැගිලා තියෙන Trend ගැන. ගිය පාරත් අපි සීන් එක ලාවට කතා කළා. සමහර විට අපේ පැංචෝ පැංචියන්ට මතක ඇති.

මචාලා දන්නවා LPL Teams හැදිලා තියෙන්නේ රටේ ප්‍රධාන නගර පහක් පදනම් කරගෙන. සාමන්‍යයෙන් ලෝකය පුරා මේ යුගයේ ෆැන්චයිස් ලීග් වල Format එක තමා ඒ. ඒ ගැන ලොකුවට පැහැදිලි කරන්න වෙලාවක් නෑ මචෝ. කොහොම හරි LPL නිසා මේ වෙද්දී රටම බෙදිලා. ලංකාවේ ක්‍රිකට් Fans ලා බුකියේ ඇතුළේ පහට බෙදිලා. එක එක ආතල් ගන්නවා සුන්දරා. ගාල්ල, කොළඹ, මහනුවර අය තමා වැඩි ආතල් දෙන්නේ. ගාල්ලේ කස්ටිය දකුණු සීන් එකේ අමුතු ලයින් එකක් දෙනවා. ඉතින් ඒක අනික් අයට දිරවන්නේ නෑ. ගාල්ලේ කණ්ඩායමේ නම Galle Gladiators නේ මචෝ.  ඒ නිසා GG කියලත් මෙයාලා කියනවා. දකුණේ ගැම්ම ඇඟට අරගෙන තමා කස්ටිය සීන් එකේ ඉන්නේ.

පෝස්ට්වල Comment තීරුවේ කට්ටිය මරා ගන්නවා. මේ අස්සේ මහනුවර අයට නිතර දෙන ආතල් එක තමයි සුද්දා ගල විද්ද සීන් එක. ගියපාර නම මේ පාර නුවර ටීම් එක වෙනස් කරලා. KANDY WARRIORS තමා මෙයාලගේ නම. මේ ටීම් එක නිසා අය නිලෙලාස් සීන් එකට දාලා  තියෙන්නේ කට්ටිය. නුවරයි ගාල්ලයි  තමා බුකියේ වැඩිපුරම ඇරියස් තියෙන්නේ. MEMS එහෙමත් සෑහෙන්න තියෙනවා. ඒ අස්සේ කොළඹ අය තමා පොරවෙන්න දඟලන්නේ. ඒත් Colombo සෙටාර් එකට දකුණෙන් මහනුවරින් එන ඇටෑක් එක සුළුපටු නෑ. කොළඹ අය පොෂ් සීන් එකේ ඉන්නේ. මේ  ටීම් එකේ නමත් මේ පාර වෙනස් වුණා. Colombo Stars තමා මෙයාලාගේ නම.

දඹුල්ලත් ලාවට සීන් එකේ ඉන්නවා. ලොකුවට නෑ. Dammbulla Giants සීන් එකට එන්න නම් දඹුල්ල ග්‍රවුන්ඩ් එකේ මැච් තියෙන්න ඕනෑ වස්තු. මේ දවස්වල ලොකුවට වෙන්නේ දඹුල්ලට අනික් කට්ටිය සීන් එක දාන්න එක. යාපනය සීන් එකට අවතීර්ණ වෙලා නෑ. ගිය පාර දිනුවේ යාපනය මචෝ. ඒ වුණාට. උතුරෙන් ළාවට සීන් එකක් දෙනවා. අපි බලමුකෝ ඉස්සරහට. JAFFNA KINGS වෙනුවෙන් උතුරේ කෙල්ලෝ කොල්ලෝ සීන් එකට ආවා නම් මරු. මේ දේශපාලන බඩකඩිත්තු නිසා උතුරේ ආතල් කැඩිලාත් කියලා වෙලාවකට හිතෙනවා. අපි බලමුකෝ ඉස්සරහාට.

කොහොම හරි මේ සීන් එකෙන් ගොඩ ගියේ පොඩි පොඩි youtube channel කරන අයයි ෆේස්බුක් Page කරන අයයි. සූදාලාට කියන්න මෙයාලාත් තැනක තැන එක එක පැති වලට බෙදලා ගහමරා ගන්නවා. ඒ නිසා තාමයි සෝෂල් මීඩියා ආතල් කෝටියක් වෙලා තියෙන්නේ. ලංකාවේ LPL ආතල් එක රන් කරන්න Official විදිහට කරන දේවල් හෙමත් තියෙනවා. හැම ටීම් එකක්ම වෙනම ගේමක් හදාගෙන තියෙනවා. ඒ වගේම හෑෂ් ටැග් හෙමත් තියෙනවා. ඒක වෙනම ආතල් එකක්.
ගියපාරට වඩා මේ පාර පොඩ්ඩක් සැර බාලවෙලා කියලා කිව්වොත් වැරදි නෑ. තාම තරගාවලියේ පටන් ගත්ත විතරක් නිසා කියලාත් කියන්න පුළුවන්. ගියපාර Profile Pic Frame හඳුන්වා දීලා තිබුණා මේ වෙද්දී. ඒ විතරක් නෙවෙයි Challenge Hash Tag හෙමත් තිබුණා. කොහොම වුණත් තාම මේ පාර මේ දේවල් පටන් අරගෙන නෑ. තරඟාවලියේ මුල් අදියර කොළඹ පැවැත්වෙන නිසා ප්‍රේක්ෂකාගාරය ආතල් තියෙනවා. ඊට පස්සේ ඒ තරගාවලිය අවසාන අදියරට එද්දී මෙහි අතර දෙගුණ තෙගුණ වී වෙයි කියලා හිතන්න පුළුවන්.

අපි අද කතාකළේ අපේ මචාලා ගන්න ආතල් ගැනනේ. බුකියේ ටුව්ටර් එකේ ඉන්ස්ටගෑම් එකේ නිල නොවන එක එක ආතල් එකවුණේ LPL වෙනුවෙන් නිර්මාණය වෙලා. තව මේ ඒ කණ්ඩායම්වලට support කරන Fansලා group එහෙම සෑහෙන්න හදාගෙන කෝ තෝ දෙනවා. සීන් එකට එන්ටර් වෙලා බැලුවොත් ඇත්තටම සුදෝ මේක ආතල් ලෝකයක්. වැඩේ ඉස්සරහ සතිවලදී උපරිමයට නැගලා ගියොත් අපි තවත් Y Trend එකක් අරගෙන එනවා මචෝ. අපේ රටෙහි අපේ දෙයක් වලිනුත් සපෝට් එකක් දෙන එක ආතල් එකක් ගන්න එක වරදක් නෙවෙයිනේ සුදෝ. එහෙනම් ගිහිල්ල එන්නං ටටා බායි.