2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

බිංදුවෙන් පටන් ගත්ත සින්දු

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 109

සංගීතය කියන්නේ සදාතනික Y Trend එකක්. ඒක ඇතුළේ තවත් Trend ගොඩාක් තියෙනවා. ඒ නිසා මචෝ පොදුවේ Music ගැන Y Trend එකක් ගලපන්න හරිම අමාරුයි. ඒත් සුදෝ මේත් Music ගැන Trend එකක්ම තමා. හැබැයි අද අපි කතා කරන්නේ ලංකාවේ කාලෙන් කාලෙට වෙනස් වුණ සිංදු ඇහිල්ල ගැන Y Trend.

අපේ රටේ සුදාලාගේ සිංදු ඇහිල්ලේ ඉතිහාසය ලාවට හරි ගලපගන්නේ නැතිව මේ වැඩේ කොරන්න බෑ. ඔන්න එහෙනම් අපි කාලතරණය කරමු සුටුස් ගාලා. අපි හිටියේ කවියක් සීපදයක් කියාගෙන. ජන ගී එහෙමත් අපිට තිබුණා. හැබැයි සුද්දාගේ පැමිණීම තමා වර්තමාන සිංදු ඇහිල්ලේ ආරම්භය. සහෝලා දැකලා ඇති ග්‍රුමර්ෆෝන් සමහර විට. අර ලොකු තැටි දාලා සින්දු අහන ඒවා මචෝ. ආන් එවා මුල් කාලේ යුරෝපා ආභාෂය සහිත පවුල්වල අපූරු විනෝද භාණ්ඩයක් වුණා. ඒ කියන්නේ මචෝ ඒ කාලේ සින්දු ඇහුවේ ලොකු ලොකු පවුල් වල අය. ඒවත් ඉංග්‍රීසි සින්දු.

ඔන්න සුදූ මේ කාලෙ තමයි රේඩියෝ යුගයේ පටන් ගත්තෙ. අන්න එතකොටම ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුත් සින්දු අහන්න පටන් ගත්තා. ඒ සීන් එක වෙච්ච විදිය ගැන පැහැදිලි කරන්න නම් පොතක් ලියන්න වෙනවා. කොහොම හරි රේඩියෝ එක හින්දා තමයි ලංකාවේ සංගීත සංස්කෘතියක් ඇතිවුණේ. සරලව කිව්වොත් ලංකාවේ සින්දු හදන, සින්දු කියන, සින්දු අහන මිනිස්සු නිර්මාණය වෙන්නේ රේඩියෝ සිලෝන් එක හින්දා. මේ කාලේ මිනිස්සු රේඩියෝ එකක් තියෙන ගෙදරකට කඩයකට එකතුවෙලා රේඩියෝ එක අහගෙන හිටියා. මේ අතර ලංකාවේ සිනමා කර්මාන්තයක් ඇතිවුණා. ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා චිත්‍රපටියක් බලලා සින්දුවක් අහන එකත් වෙනම ආතල් එකක් වුණා මචෝ.
ඉතිහාස කතාව ගළපන්න ලේසි නෑ වස්තු. පට්ට දිගයි. තැටිවලින් රේඩියෝවලින් සින්දු අහපු අපේ අයට ඊළඟට හම්බවුණේ කැසට්. සංගීතයට ලොකු වාණිජ වටිනාකමකුත් එකතු වුණා මේ වැඩෙන්. ගොඩක් අයට කැසට් එකතු කරන පිස්සුවක් හැදුණා. නිකම් පිස්සුවක් නෙවෙයි එක යුගයක තරුණ පරම්පරාව උමතු කරපු පිස්සුවක්. කැස්ට් පීස් දාන්න පුළුවන් සෙටප් කියන්නේ මේ කලේ සුපිරි භාණ්ඩයක් තමා ඉතින්. සුදාලට මතකද වෝක්මන් එක. ඒක ඒ කලේ පට්ට ඩිවයිස් එකක්. එහෙම ඒවා ඒ කාලේ තිබුණේ ටිකක් සල්ලිකාර පවුල්වල අයටයි, පවුලේ කවුරු හරි රට ඉන්න අයටයි තමා.

ඔන්න ආවා මචෝ CD යුගය. Music Album CD පටන් ගත්තේ අනූව දශකයේ අග භාගයේ වගේ. CD Player එකක් කියන්නේ මේ කාලෙ සුපිරි භාණ්ඩයක්. ඒත් මේ සීන් එක කනපිට පෙරලෙන්න වැඩි කාලයක් ගියේ නෑ. ඇත්තටම මචෝ ඊට පස්සේ තමා අපේ කතාවට අදාළ සීන් එකට එන්නේ. අවුරුදු ගාණක් හිමීට හිමීට වෙච්ච පරිවර්තනයන් අධිවේගීව සිද්ධ වෙන්න පටන් ගන්නවා. මේ වෙද්දී රෑපවාහිනිය සංගීතයට ලොකු ඉඩකඩක් දීලා තිබුණේ. සංගීත සංදර්ශන යුගයක් ආරම්භ වෙලා තිබුණා. සංගීතය බත් වගේ වෙලා තිබ්බේ. ඒ කියන්නේ සුදෝ නැතුවම බැරි දෙයක් වුණා. පාටි, කානිවල්, සංදර්ශන ආතල් ලෝකයක් තිබ්බේ.

රෑපවාහිනියත් ලොකුවට සංගීතය ගැන අවධානය යොමුකළා. දෙපැත්තෙන් වැඩේ වෙනම විදිහකට නැගලා ගියා. සින්දු ඇහිල්ල විතරක් නෙවෙයි බැලිල්ලත් පටන් ගත්තා. Music වීඩියෝ හැදුණා. VCD Albums ආවා. ඊටපස්සේ DVD ආවා. මෙහෙම තමයි මචෝ ඩිජිටල් යුගය ආරම්භය. මේ වෙද්දී සාමාන්‍ය මිනිස්සු සින්දු අහන්න විතරක් නෙවෙයි සිංදු කියන්නත් පිස්සුවක් හදාගෙන තිබුණේ. තවදුරටත් සංගීතයේ ඉහළ කියන්නේ එක පන්තියට අයිති දෙයක් වුණේ නෑ සුන්දරා. හතු පිපෙන්න වගේ ගායක ගායිකාවෝ බිහිවුණා. එලිමහන් දර්ශන තිබුණ හින්දයි ලොකු අවුලක් වුණේ නෑ. ඇත්තටම කියනවා නම් උප සංස්කෘතීන් තුන හතරක් සංගීතය සම්බන්ධව මේ වෙද්දී එක් රට තුළ පැවතුණා.

Music video කියල කියන්නේ වෙනම දෙයක්. ඒක පට්ට Y Trend එකක් වුණා. මුලදී සීන් එකට මාර ඒකාධිකාරයකුත් තිබ්බා. ඒත් පස්සෙන් පහු මචෝ වැඩේ හැමෝම අල්ලගත්තා. මේක සංගීතයේ වෙනම කොටසක් විදිහට ඉස්සරහට ආවේ. අන්තිමට මියුසික් වීඩියෝ එකක් නැතුව සිංදුවක් කරල වැඩක් නෑ වගේ තැනකටත් ලංකාවේ කට්ටිය ආවා. ඒත් දැන් තත්ත්වය ඊට වඩා වෙනස් වෙලා. මියුසික් වීඩියෝ වුණත් එක එක කැටගරිවල එක එක විදිහට කෙරෙනවා. ඒකත් මචෝ සංකීර්ණ විෂයක්.
චූටි රිවස් එකක් ගහලා ආයෙ පස්සට ගිහිල්ලා ඉස්සරහට එමු. Mobile එක වගේ දේවල් තරුණ පරම්පරාව අතට එනකොට සීන් එක දරුණු වුණා. අමතකද අයිපොට් වගේ දේවල් ආවා. ඒත් කිසිම Trend එකක් කාලයක් තිබුණේ. පෝන්වල සිංදු දාගෙන ඇහැව්වා. චිප් අරගත්තා. සුදාලට හිමීට කල්පනා කරලා බලන්න වෙච්ච සන්තෑසිය. ඇත්තටම සම්පූර්ණ කතාව ගලපන්න අපිට අමාරුයි. හැබැයි ඒ ඩිජිටල් යුගයේදී රෙකෝඩ් බාර් අතුගෑවිලා ගියා. තවදුරටත් කැසට් කියලා දෙයක් නම් වලංගු උනේම නෑ CD, VCD, DVD වලට වුණත් වැඩි කාලයක් සංගීතය සම්බන්ධ සීන්කෝන් එකේ ඉන්න බැරිවුණා.

ඔන්න මචෝ අද තත්ත්වේ ගැන කතා කළොත් ලෝකෙ තියෙන ඕනෑම සින්දුවක් ඕනෑම කෙනෙකුට ඕනම වෙලාවක නිදහසේ අහන්න පුළුවන්. දැන් මුළු සංගීතයම තියෙන්නේ සයිබර් ලෝකේ කොටසක් විදියට. අවශ්‍ය වෙන්නේ Mobile එකක් විතරයි. හැබැයි ඉතින් ග්‍රුමර්ෆෝන් එකේ ඉඳලා අද වෙනකල් තාමත් Music අහන්න එක එක ඩිවයිස් නිර්මාණය වෙනවා. ඩිවයිස් පැත්තෙන් බැලුවොත් මේ Bluetooth යුගය මචෝ.
අද අපේ රටේ පාරකට බැස්සත් කෙල්ලො කොල්ලො කන් දෙකේ headset එකක් ගහගෙන සින්දුවක් අහගෙන යනවා දකින්න පුළුවන්. ඒ වගේම පාටියකදි බ්ලූ ටූත් බෆල් එකක් නැත්නම් පොඩි JBL එකක් අනිවාර්ය අංගයක් වෙලා. ඇත්තටම මම මේ සීන්කෝන් එක ගලපලා කරලා බැලුවම පේනවා. ලංකාවේ වගේම මුළු ලෝකෙම වේගයෙන්ම වෙනස්වුනු ක්ෂය වුණු Music කියලා. සුදාලත් මේ එක එක යුගවල music වෙනුවෙන් එක එක වැඩ කරල ඇති. නිකන් ඉන්න වෙලාවක ඒ මතකය අවදි කරගෙන බලන්නකෝ. පට්ට ආතල්.

එහෙනම් ගිහින් එන්නම් ටටා බායි. ලබන සතියේ හමුවෙමු.