2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

තින්කිව් අයියාහ්... ලව් යූ උම්මා

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 118

ඒක් බාර් වීඩියෝ එක බැලුවාද  සුදාලා. ඔන්න අද Y Trend එක අපි අරගෙන එන්නේ Gaming Stars ගැන. මේ කතාව ගලපන්න හේතුව තමා ඒක බාර් සීන් එක. පහුගිය දවස්වල Facebook පැත්තෙ ගියා නම් අපේ පැංචෝ පැංචියෝ සීන් එක අනිවාර්යයෙන් දකින්න ඇති. නැත්නම් ඒ සීන් එක ගැන හදපු Memes හරි දකින්න ඇති. ඒ සීන් කෝන් පට්ට Viral වුණා මචෝ. හරි කමක් නෑ සීන් එක නොදැකපු අයත් ඉන්න පුළුවන් නිසා අපි ඒක බාර් සීන් Video එක ගැන පැහැදිලි කරලාම වැඩේ පටාන් ගමු පුතී.

ඔන්න Gaming Stream කරන ගෑනු ළමයෙක් ඉන්නවා. එයා ලංකාවේ Gaming community එක ඇතුළේ කාලයක් ඉඳන් පට්ට ප්‍රසිද්ධයි. ඒකට හේතුව එයා Streaming කරන විදිහ. ඒක පැහැදිලි කරන්න නම් අමාරුයි මචෝ. මොන්ගල්, ආතල්, ගොබ්බ, කියුට්, සෙක්සි, පට්ටයි වගේ ඕනෑම වචනයකින් ඒ සීන් එක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔය Viral ගිය Video එකේ මේ ළමයා 'Ek bar' කියන මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධ හින්දී සින්දුවට ඩාන්ස් කරනවා. තමන්ගේ Gaming Stream එකට කොල්ලෝ තරු දෙනකොට තමා මේ ළමයා මෙහෙම ඩාන්ස් කරන්නේ. ඉතින් එක කොල්ලෙක් දිහට හරහාට තරු දෙනවා ඉතින් මේ ළමයා එක දිගට නටනවා. ඒ අතර තරු දෙන දෙන පාරට 'තින්කිව් අයියාහ්... ලව් යූ උම්මා' වගේ ස්තූතියකුත් මේ ළමයා කරනවා. ඒ නැටුම ගැන කිව්වොත් නම් මචෝ ඒක පොඩි ගවුමක් ඇදලා උකුල නටවලා දාන ඩාන්ස් එකක්. සීන් එක මෙහෙම පැහැදිලි කරන්න අමාරුයි. සුදාලාම බලන්න කෝ.

ඉතින් මේ Live Stream වීඩියෝ එකෙන් කවුරු හරි මේ කොටස කපලා අරගෙන දැම්මා Facebook Page එකක. ඔන්න ඔතනින් තමා රටම ඒක් බාර් වෙන්න පටන් ගත්තේ. අපි Facebook Live Gaming Streams ගැන මීට කලිනුත් කතා කරලා තියනවා. ඒත් මේ වෙනකොට මචෝ &ඒක් බාර්* සීන් එක නිසා රටම මේ Y Trend එක ගැන කතා කරනවා. තරු කියන්නේ සල්ලි නේද? කොහොම එහෙම තරු දෙන්නේ? අපිටත් බැරිද Game ගහලා සල්ලි හොයන්න. වගේ ප්‍රශ්න මේ දවස්වල හැමතැනම. ඒ අතර ඔය Viral Video එකට බනින අය වගේම හොඳ කියන අයත් බුකියේ සෑහෙන්න ඉන්නවා. සදාචාරය සභ්‍යත්වය ගැන වගේම Marketing වගේ දේවල් ගැනත් මේ වෙලාවේ බුකියේ කතා වෙනවා. ඉතින් සුදෝ අද අපි මේ සීන් කොන් ඔක්කොම ගැන සරලව කෙටියෙන් කතා කරමු.

මුලින්ම සුන්දරා මේකේ Technical කැල්ල පැහැදිලි කරගමු. නැත්නම් නැත්නම් සමහරුන්ට මේ කතාව ග්‍රීක් වාගේ වෙයි මචෝ.

 තමන් ගහන Game එකක් Facebook, YouTube, Twitch වගේ සජීවීව සමාජ මාධ්‍යයක වේදිකාවක සජීවී විකාශය කිරීමට තමා Live Gaming Stream කරනවා කියලා කියන්නේ. මේක දැන් කාලයකට ඉස්සර වෙලා පටන්ගත්ත දෙයක්. ඒත් පහුගිය අවුරුදු දෙකක කාලය ඇතුළේ මේක ලෝක මට්ටමේ අති දැවැන්ත Y Trend එකක් වුණා. ඇත්තටම පහුගිය කාලේ සමාජ මාධ්‍ය ඇතුළේ සිද්ධවුණ දැවැන්තම පරිවර්තනය Gaming Stream කියලා අපිට කියන්න පුළුවන්. දැන් සුදාලා YouTube එකට ගියත් Facebook එකට ගියත් Gaming කියලා වෙනම කොටසක් තියෙනවා. මං හිතන්නේ ගොඩාක් දෙනෙක් දැකලා ඇති. ඒකවත් දැකලා නැත්නම් කියන්නේ වෙන්නේ &අඩේ මචෝ සොරි බ්‍රෝ. ඔයා අප්ඩේට් නෑ. ආයූ කිඩිම් මී.* කියලා.

දැන් සුදාලාට සීන් එක ටික ටික පැහැදිලි වෙන්න ඕනෑ හරිය. ඊළඟට ප්‍රශ්නය මොනවාද මේ තරු කියන එක. තරු කියන්නේ සල්ලි... සල්ලි මචෝ සල්ලි. Facebook එකේ Gaming Streamers ලාට Donate කරන්න පුළුවන් ක්‍රමය තමා Stars කියන්නේ. එක එක Social Media Platform එක විදිහට Streamers ලාට Donate කරන්න පුළුවන්. ඒ කියන්නේ මචෝ ඔයා Live බලලා සතුටු වෙන ගමන් ඒක කරන අයට සතුට ආධාරයක් දෙන්න පුළුවන්. ඕ තවත් සරල කරන්නම් කෝ. ඔන්න වෙසක් තොරණක් බලන්න සුදාල යනවා. ඒක බලලා සතුටු වෙලා කීයක් හරි එතන තියෙන ආධාර කවුන්ටරයට දෙනවා. අන්න ඒ වගේ සීන් එකක්. අඩේ මචෝ පත්තු වුණා. මේ තොරණ උදාහරණයෙන්ම මේ සීන් එක සුදාට පැහැදිලි කරන එක පට්ට ලේසියි. ආගමකට කරන අපහාසයක් කියලා නම් හිතන්න එපා හරිය. ඉන්න කෝ ඉතුරු ටික මෙහෙම පැහැදිලි කරන්නම්. මචාලට තේරෙනවාද බලන්න.

දැන් හිතන්නකෝ තොරණට ආධාරයක් දෙනකොට මොකද වෙන්නේ. කවියෙක් ඉඳන් අපේ සුභපැතුම කියවලා කවියකුත් කියනවා අපි වෙනුවෙන්. සමහරු කවි අහන්නම තොරණට සල්ලි දෙනවා. සමහරු ඇත්තටම වැඩේ හොඳ හින්දා දෙනවා. තව තව හේතු තියෙනවා. ඉතින් හිතන්න අර නංගි බබාගේ Stream එක තොරණක් කියලා. එයාට ආධාර දෙන අයට එයා කවි කියන්නේ නෑ. කොට සායක් ඇඳලා උකුල පද්දලා ඩාන්ස් එකක් දාලා නම කියලා ලව් යූ අයියාහ්... උම්ම්...මා කියනවා. ඉතින් මේක බලන්න ආතල් එකට කට්ටිය ආධාර මෙයාට දෙනවා. ආධාර කියන්නේ තරු බං තරු.

මෙහෙමයි Facebook එකේදී ඩොලර් 1 කට තරු 100 වගේ ගන්න පුළුවන්. ඒක Facebook එක හරහාම Online මිලදී ගන්න හැකියාවක් තිබෙනවා. එතකොට අර ඒක් බාර් නංගිට හම්බවුණේ තරු. කියනේ සල්ලි. තරු 50ක් 100ක් නෙවෙයි 500ක් 1000ක් වුණත් දෙන අය ඉන්නවා අපේ Gaming Community එක ඇතුළේ. ඉතින් හිතන්නකෝ මේ සීන් එකේ වානිජ පැත්ත ගැන. මේක ජීවන උපායක්. Streamers ලාට තරු සල්ලි කරගන්න පුළුවන් අමතක කරන්න එපා.

මෙහෙමයි මේ නංගි සල්ලි හොයපු ක්‍රම හරිද වැරදිද කියලා අපි කතා කරන්නේ නෑ. සමහරුන්ට අනුව අපේ Societyයේ යථාර්ථය හඳුනගෙන නංගි ලස්සනට ගේමක් ගහගෙන යනවා. ඒ නිසා &අන්න Marketing* කියලා සමහරු කියනවා. නමුත් තවත් සමහරු කියන්නේ මේක පරිහානියක් කියලා. සදාචාරය සභ්‍යත්වයට ගැන විවේචන එල්ල වෙනවා. ඒ කොහොම වුණත් මේ ළමයා ගැන වෙනම කතාවක් ලියන්න පුළුවන්. ඒ වාගේ Stream එකට වැටෙන අසභ්‍යය Comment ගැන එයාගේ හැසිරීම ගැන, එයාගේ වගේම තරු දෙන අයගේ මනෝභාවයන් ගැන. අඩේ සීරියස් වුණා සොරි ඈ. ඇත්තටම මචෝ ඒක වෙනම සීන් එකක්. ආයෙත් කියනවා අපි මේ වැඩේ ගැන හොඳ නරක කියන්න යන්නේ නෑ මේ වෙලාවේ. සුදාට අපිට මේ ගැන ලොකු කතාකරන දවසක් උදාවෙයි.

කොහොම හරි Gaming Stream ගැන ලංකාවේ පත්තරයකින් මුලින්ම කතා කරේ අපි. ඒ මීට කාලෙකට කලින්. එදා අපි කිව්වා මේක මුළුරටම කතා කරන Y Trend එකක් වෙයි කියලා අනාවැකියක්. ඔන්න මචෝ එහෙම වුණා. දැන් කතාව ඉවර කරන්න ඕනෑ. 

මේ Gaming Stream ගැන කතා කරන්න නම් ඕනෑ තරම් දේවල් තියෙනවා. අපි සීන් එක ගැන ඇලට් එකේ හිටියේ මචෝ දිගටම. අන්තිමට කියන්න ඕනෑ ලංකාවේ Professional විදිහට වැඩකර Streamers ලා ඉන්නවා. විවාදයක් නැතිව අගය කරන්න ඕනේ දේවල් ගොඩක් තියනවා. ඉතින් E Sports ගැන ලොකු කතාවක් අපි ළඟදීම අරන් එන්නම් මචෝ. ලව් යූ උම්ම්මා.... !