2021 ජුලි 03 වන සෙනසුරාදා

මල කෝළම් ෆොටෝ මඟුල්

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 186

මචෝ වර්තමාන ලෝකයේ මිනිස්සු වැඩිපුරම අවධානයෙන් බලන්නේ මොනවාද? මටනම් හිතෙන්නේ Photos දිහා තමා මිනිස්සු වැඩිපුර අවධානයෙන් බලන්නේ. සුදාලා චුට්ටක් කල්පනා කරලා බලන්නකෝ අද ඡායාරූපවලට තියෙන අවධානයේ තරම. Social Media වලට ගියොත් අපි මොනවාද දකින්නේ වැඩිපුර?  Photos නේද? පොතක් පත්තරයක් අතට ගත්තත් අපේ අවධානය යන්නේ ඒකේ තියෙන Photos වලට නේද?  ඉතින් අපි දෙන්න යන්නේ Photos photoshoot ගැන widened එකක්.

Photoshoot කිව්වම මචෝ මේ දවස්වල එකම පිස්සුවක්. Wedding වලට free shoot. නළු නිළියන්ගේ ලොකු ලොකු Shoot. Birthday වලට Anniversary වලට වෙනම Shoot. වෙන්ඩ නළු නිළියන්ගේ අමුතු අමුතු Shoot. සෝෂල් මීඩියා ඇතුළට ගියාම සුදාලට මේ ඔක්කොම බලාගන්න පුළුවන්. කාලෙන් කාලෙට මේවා Social Media වල මාර Trend  නිර්මාණය කරනවා. ඒ වගේම මේවා ගැන ඇනුම් බැණුම්, විචාර, අගය කිරීම් අප්‍රමාණ පළවෙනවා. ඉතින් අපි පළවෙනියට කියන්න ඕනා පිස්සු විකාර ගොඩක් අතරේ නිර්මාණාත්මක වැඩත් කෙරෙනවා. කොහොම වුණත් මේක ලංකාවේ ලොකුවටම අරක්ගත්ත Y Trend  එකක්. ලෝක මට්ටමින් මේක තිබුණත් ලොකුවටම සමාජගතවෙලා තියෙන්නේ ලංකාව, මැලේසියාව, තායිලන්තය වගේ රටවල තමා.

ඇත්තටම අපි හොයලා බලන්න ඕනෑ ඇයි මේ විදිහට Photo Shoot පට්ට Trend එකක් වුණේ  කියන කාරණාව. මෙහි සීන් එකට ගොඩක් හේතු තියෙනවා. ඇත්තටම කාට හරි ඕනනම් සීරියස් අරගෙන ඒ ගැන පොඩි රිසර්ච් එකක් කරන්න පුළුවන්. දන්නවනේ අපි මේ ඔක්කොම කියන්නේ ආතල් එකට. හැබැයි සුදාලාට ගන්න දේකුත් තියෙනවා මේවාවලින්.  මතකද අර "දැනගන්න මාගේ රූපය මං පොටෝජනික්" සින්දුව. ඔය බහුතර Photo Shoot වලට ඒක තමා හේතුව. තමන්ගේ රෑපය ගැන සමහරැන්ට තියෙන්නේ මාන්නයක්. ඒ වගේම තමන්ව ලෝකයට ලස්සනට පෙන්නන්න තියෙන මාර වුවමනාව. Photos Shoot ඇතුළේ මෙයාලා බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ දේ. ඊට වෙනස් අරමුණු බලාපොරොත්තු එහෙමත් තියෙනවා. අපි හිමිහිට කතා කරමුකෝ මචෝ.

මොකක්ද මේ wedding වෙඩින්වලට කරන Pre Shoot පිස්සුව. ඉස්සර මතක ඇති සුදාලට වෙඩින්වලට කළු සුදු මංගල ඡායාරෑප තිබුණා. ඇඳගෙන කරගෙන Studio ගිහිල්ලා ෆොටෝ ගැහුවා. නැත්නම් ඡායාරෑප ශිල්පියෙක් ඇවිල්ලා වැඩේ කළා. ආරම්භයේ මේකට හේතුව  මතකයන් සුරක්ෂිතව  ආරක්ෂා කරලා තියාගන්න මිනිසුන්ට තිබුණු වුවමනාව. එහෙම බැලුවාම ඔය අපේ අම්මලා තාත්තලා, තාත්තලගෙ ආච්චිලා සීයලාත් ඉතින් photoshoot කරලා තියෙනවා. හැබැයි පහුගිය දශක තුන හතර ඇතුළේ මංගල ඡායාරෑපකරණය වෙනම විෂයක් බවට පරිවර්තනය වුණා. ගෙදර ඇවිල්ලා ෆොටෝ එකක් දෙකක් ගහපු අය අන්තිමට මංගල දවසේ ගෙදර පදිංචිවෙලා ෆොටෝ ගහන්න පටන්ගත්තා. ඊටපස්සේ මංගල්ලේ කෙරැණේ Photographers ලාට ඕන විදිහට.

පස්සෙ කාලෙක මේ Pre Shoot සීන් එක ලෝක මට්ටමින් තමයි අපිට ආවේ. මුලදී මේක තිබුණෙ ඉහළ සමාජ පන්තිය අතරේ. හැබැයි අපේ ඡායාරූප ශිල්පියෝ ඉක්මනට ඒක පහළ පන්තියේ අයටත් හුරැ කළා. අඩු වියදමින් කරන්න පුළුවන් දේ මුලදි කරලා දුන්නා. පස්සේ සීන් එක නැගලා ගියා. Pre Shoot එකක් නැතිව වෙඩින් එක කරන්න බෑ වගේ ලයින් එකටම අද ඇවිල්ලා තියෙනවා. Location හොයන එක, මේකට හරි යන ඇඳුම් ගන්න එක, කවුරුත් නොකරපු දෙයක් කරන එක, තමන්ගෙ ලොකු සීන් පෙන්නන එක දැන් මේකෙ අනිවාර්ය අංගයක්. වුවමනාවක් නැති වුණත් දැන් මේක නොකර ඉන්න බැරි දෙයක් බවට පත්වෙලා. තමන්ට බැරි වුණත් වැඩේ ගොඩක් අය කරන්න බලන්න නොකළොත් හරි නෑ කියලා හිතෙන හින්දා. දුක තමයි සුදු පුතේ.

ඊළඟට වෙන්ඩ නළු නිළියෝ වගේම වෙන්ඩ Photographers ලාත් පොරක් වෙන්න හිතාගෙන මේ Photo Shoot සීන් එකේ විකාර දේවල් කරනවා. කොන් Models ලා වෙන්න යන අය මාර පිස්සු සීන් කරන්නේ. තමන්ගෙ අඟ පසඟ පෙන්නලා ජනප්‍රිය වෙන්න දඟලනවා. ඒ අස්සෙ අමුතු අමුතු වැඩ කරලා ෆීල්ඩ් එකේ පොරක් වෙන්න සමහර Photographers ලාත් දඟලනවා. ඇත්තම කියනවනම් මේක ලොකු වෘත්තීය වටිනාකමක් තියෙන දෙයක්. ඒ වගේම විශාල වාණිජ වටිනාකමකුත් තියෙනවා. හැබැයි මේ පඳුරකට පයින් ගැහුවාම විසිවෙන විකාරකාරයෝ සම්පූර්ණයෙන්ම මේ වෘත්තිය විනාශ කරලා දානවා. ඒක තමයි මචෝ අද වෙද්දි සිද්ධවෙන්නේ. ඡායාරූපයක් කියලා කියන්නේ මතක වස්තුවක් කියලා හිතාගෙන හිටපු යුගය දැන් ඉවරයි. බඩු සුලබ වෙලා වැඩ බාල වෙලා.

ඉස්සර ඡායාරූපයක් මොකක් හරි මාධ්‍යයක පළකරගන්නවා කියන එක බොහොම අමාරැ වැඩක්. නමුත් සයිබර් ලෝකය අපේ දෝතට ආවට පස්සේ ඒක හරි Simple වුණා. ඔන්න ඔතනදි තමයි මේ වෘත්තීය වටිනාකම නැතිවෙන්න පටන්ගත්තේ. ඇත්තෙන්ම මිනිසුන්ට මේකේ හොඳ නරක තෝරාගන්න බෑ. මචෝ ඒ නිසා මේකට සාමාන්‍යයෙන් දොස් කියලා නම් වැඩක් නෑ. හැමෝම කැමතියි තමන්ව ලෝකෙට ලස්සනට පේනවනම්. පොරක් වෙන්න තියෙනවානම්. ඔය ආසාවල් ලස්සනට පාවිච්චි කරන්න පුළුවන් මේකෙ ඇතුළෙදි වැඩ බැරි ටාසන්ලට. මොකද ඊයේ ගන්න ඡායාරූපය ප්‍රදර්ශනය කරන්න මාධ්‍යයක් දැන් එයාලට තියෙනවා. ඉතින් මේ දේවල් නිසා ලෝකෙ පුරා මේ කර්මාන්තය අගාධෙට යනවා කියලා තමයි ජාත්‍යන්තර වශයෙනුත් කතා වෙන්නේ. අන්න ඒ නිසා තමයි අපිත් මේ ට්‍රෙන්ඩ් එක දාන්න හිතුවේ. නිර්මාණාත්මක හැකියාවක් තියෙන වැදගත් ඡායාරූප ශිල්පීන් වෙනුවෙන් ඔන්න අපි මෙදා පාර Y Trend එක දුන්නා.
චුට්ටක් කල්පනා කරලා බලන්නකෝ..