2023 මැයි 21 වන ඉරිදා

’’ගේමින් රැඩිකල්’’ ළිඳ ළඟ ගෑනු කතා වගේ ඈ

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 101

අපේ Yong Generation අතර තියෙන සුපිරි Y Trend එකක් අදත් අපි අරගෙන ආවා. මේක ටෙලි කලාවට බර සීන් එකක්. ඒ නිසාම මේ Subject එක සමහරුන්ට Touch වෙලා ඇති. ඒත් බහුතරයක් දෙනාට අපි මේ කියන්න යන සීන් කෝන් එක ගැන එච්චර ලොකු Idea එකක් නෑ. 

දැන් ඉන්න කෙල්ලො කොල්ලො අතරින් සැලකිය යුතු පිරිසක් Television එකත් එක්ක නෑ මචෝ. සමහරක් විට අපේ ෆෙන්තොලත් එහෙම අය වෙන්න පුළුවන්. ඒ නිසා ඔය ටෙලිනාට්‍ය අනම් මනම් එක්ක මේ Generation ඉන්නේ බොහොම අඩුවෙන් කියලා තමයි වැඩිහිටි අය හිතන්නෙ.

ඒත් ඒක ඇත්ත කතාව නෙවෙයි. Television එක එක්ක ලොකු ගනුදෙනුවක් නැති වුණාට, දැන් අලුත් Generation එක YouTube එකේ ටෙලිනාට්‍ය හොරාට කාමරවල තනි තනියම බලනවා. මේ අය ආලින්දයේ රූප පෙට්ටියෙන් ගැලවිලා ගියපු එක තමා වෙච්ච ලොකුම වෙනස. අනික් පැත්තට මෙයාලා බහුතරය බලන්නේ ගෙවල්වල වැඩිහිටියෝ බලන ටෙලි නිර්මාණය නෙවෙයි. වෙනම line එකක ඒවා. 

මේක සිරාවටම Y Trend එකක්. මේක තුළ අමුතු අමුතු ලස්සන සීන් කෝන් ගොඩක් තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. ඊට කලින් අද වෙනකොට ටෙලි නිර්මාණවල තත්ත්වය සම්බන්ධව පුංචි පැහැදිලි කිරීමක් කර ගන්න ඕනේ මචෝ. අද ලංකාවේ ටෙලි නිර්මාණ දිහා බැලුවොත් වර්ග තුන හතරක ටෙලිනාට්‍ය තියෙනවා කියලා තමා අපිට නම් පේන්නෙ. ඔන්න සුදාලා අපිත් එක්ක අමනාප වෙන්න ඔට්ටු නෑ. ටෙලි නිර්මාණවල නම් කිහිපයක් අපිට භාවිත කරන්නම වෙනවා මේක පැහැදිලි කරන්න.
අංක එක, ආදර මල් ෆැන්ටසියානු මොඩලයේ ටෙලිනාට්‍ය. සරලවම කිව්වොත් දෙවෙනි ඉනිම Vibe එකේ ටෙලි. දෙවැනි එක තමා 'සම්මාන Target ෆුල් සම්භාව්‍ය' ටෙලි. ඒ කියන්නේ මචෝ මාණික්කාවත ජාතියෙ ටෙලිනාට්‍ය. තුන්වැනි එක තමා අපිට මෙතනදි වැදගත්ම. 'ගේමින් රුඩිකල් Marketing ටෙලිනාට්‍ය. කූඹියෝ තමයි සම්ප්‍රදායේ Godfather වුණේ. කොහොම වුණත් මේ සම්ප්‍රදායන් දෙක තුන අතර දෝලනය වන ටෙලිනාට්‍යයත් තියෙනවා. නාඩගම්කාරයෝ වගේ ටෙලිනාට්‍ය ඒවාට උදාහරණ.

මෙතැනදි පට්ට Y Trend  එකක් බවට පත්වෙමින් තියෙන්නේ, 'ගේමින් රුඩිකල්' සීන් එකේ නිර්මාණ. මේ දවස්වල ඒ වගේ නිර්මාණ රුල්ලක් අපිට පේන්න තියෙනවා. මේක සිරාවට Y Trend කියලා අපි කිව්වේ හේතුවක් ඇතිව. දැන් කොල්ලො කන බොන තැන්වල පවා මේ නිර්මාණ ගැන කතා කරන්න පටන් අරගෙන. ඉස්සර කාන්තාවෝ ටෙලිනාට්‍ය ගැන නාන ළිඳ ළඟදි කතා කළා වගේ සීන් එකක් තමා මේකත්. 

ටෙලිවිෂන් එක පැත්තෙන් ගත්තොත් මේ දවස්වල 'කොඩි ගහ යට', 'Bio' වගේ නිර්මාණ මේ අපි කතා කරන line එකේ තියෙන්නෙ. හැබැයි සුදූ, අපි මේ නිර්මාණ විශිෂ්ටයි, මේවාම තමයි පට්ට කියන්නේ නෑ. අපි සුදාලාට මේ පෙන්නන්නෙ, ලංකාවේ Tele drama සමඟ අලුතින්ම නිර්මාණය වෙලා තියෙන Y Trend එක. ඒ කොහොම වුණත්, මල් සුරංගනා ආතල්වලට කැමති සෙට් එක තාමත් ඒ ජාතියෙ කතා පිස්සුවෙන් වගේ බලන බවත් මතක් කරන්න ඕනෑ. ඒක එයාලගේ කැමැත්ත.

දැන් ටෙලිවිෂන් එකම විතරක් නෙවෙයි, ලංකාවේ ටෙලිනාට්‍ය සමාජගත කරන්නෙ. YouTube series විදිහටත් මේ වෙනකොට නිර්මාණ එළි දකිනවා. 'ජෑම්', 'කොළොම්බියා' කියලා කියන්නේ මෑත කාලීනව එහෙම සමාජගත වුණු නිර්මාණ. ඒවත් අයිති වෙන්නේ අපි අර කිව්ව category එකට. ඒ කියන්නේ මේ නිර්මාණකරුවෝ තමන්ට එළියෙන් මේ ජාතිය audience එකක් ඉන්නවා කියලා හඳුනාගෙන තියෙනවා, ඒ නිසා risk එකක් අරගෙන TV එකෙන් මෙයාලා එළියට ඇවිත්.

ඇත්තටම මේ Y Trend එක නිර්මාණය වෙන්න හේතු ගොඩක් තියෙනවා මචෝ. විශේෂයෙන්ම ලංකාවේ සමාජ දේශපාලනික වටපිටාව මේකට බලපාපු බව පේනවා. ටිකක් වෙනස් Thinking pattern එකක ඉන්න Creators සෙට් එකක් දැන් බිහිවෙලා ඉන්නේ ඒ නිසා. මුලින්ම මේ ජාතියේ සීන් කෝන් තිබුණේ විකල්ප ධාරාවන් ඇතුළේ. දැන් මේ සීන් Mainstream එකට ඇවිල්ලා තියෙනවා. ඒක තමා විශේෂත්වය. මේකෙ නම් හොඳ නරක දෙපැත්තක් තියෙනවා.

තව දෙයක්, පසුගිය කාලේ ලංකාවේ අලුත් Generation එක ගොඩක් expose බටහිරට. ඇමෙරිකානු සහ බටහිර TV Series බලන්න ගොඩක් දෙනෙක් පුරුදු වුණා. මීට අවුරුදු දහයකට පහළොවකට ඉස්සෙල්ලා රටම වෙලාගෙන තිබුණු ඉන්දියානු ටෙලි උමතුව. අපේ සුදාලට මතක ඇති. ඒ Vibe එකට විරුද්ධව තමා කට්ටිය මේ පැත්තට බර වුණේ. කොහොම හරි ඒ නිර්මාණවලට expose වෙලා, ලංකාවේ සමහර නිර්මාණ බලනකොට කට්ටියට, වැඩේ සෙට් නැති ගතියක් තේරෙන්න පටන් ගත්තා. ඒ නිසා තමා ගොඩක් දෙනා ලංකාවේ ටෙලි බලන එක නතර කළේ.

ඔන්න ඔතනදි ලංකාවේ අලුත් Generation එක වෙනසක් හොය හොයා හිටියා. අපි මුලින් කතා කරපු රුඩිකල් ගේමින් Type එක එළියට ආවේ මේ වෙලාවෙමයි. Production එකේ කොලිටියට වඩා, මෙතනදි බටහිර නිර්මාණයක් බලලා ලැබෙන නිර්මාණ රසයට සමාන යමක් හොයාගන්න තමයි අපේ අය උත්සාහ කළේ. කොහොම හරි අඩු වැඩි වශයෙන් මේ නිර්මාණය ඇතුළේ ඒ වැඩේ සිද්ධ වුණා.

අනිත් එක මේවායේ නිර්මාණ කාර්යයන් සඳහා පොඩි 'ගිල්ට්' එකක් ලංකාව ඇතුළේ හැදුණා. සරලවම කියනවා නම් අමුතු පොරවල් සෙට් එකක් ටිකක් එකිනෙකාට සෙට්වෙලා වැඩ කරන්න පටන් ගත්තා. ඒ නිසාම ප්‍රේක්ෂකයෝ මේ line එකට ලොකුවටම සෙට් වුණා. වෙනම Fan base එකක් ඇදුණා. දැන් වැඩේ ඊළඟ Level එකට යන පාටක් පේන්න තියෙන්නෙ. තවදුරටත් ගොඩක් දෙනා ටෙලිවිෂන් එක මතම යැපෙන්න කැමති නෑ.

අද වෙනකොට මුළු ලෝකයම රූපවාහිනී මාලා නාටක කියන නිර්මාණ කාණ්ඩය ඇතුළේ, වෙනම Level එකකට ඇවිල්ලා ඉන්නෙ. Netflix වගේ දේවල් එක්ක ලෝකය අලුත් ගමනක් ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා අපේ අයටත් අලුත් ගමනක් යන්න මේක තමා හොඳම කාලේ. 

කොහොම වුණත් අවසානයේ අපි කියන්නේ නෑ, මෙව්වා තමා හොඳම නිර්මාණ, අරවා හරි නෑ කියලා. මිනිසුන්ගේ රසය විවිධයි. ඒ නිසා කාගෙවත් රසයට ගරහන්න අපිට අයිතියක් නෑ. අපි සුදාලට පැහැදිලි කළේ Situation එකයි, සිරාවටම මේ වෙද්දි නිර්මාණය වෙලා තියෙන Y Trend එකයි ගැන.

I නිසල්