2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

එකවර රැසකට පෙම් කළ ආක්ෂේ

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 139

2021 නොවැම්බර් 05 වැනිදා තිරගත වූ ආක්ෂය කුමාර් සහ කත‍්‍රිනා කයිෆ් ප‍්‍රධාන චරිතයන්ට පණ පොවන රෝහිත් ශර්මා අධ්‍යක්ෂණය කළ සූර්ය වංශී හින්දි සිනමාපටය මේ වනවිටත් ඉන්දියානු රුපියල් කෝටි 209.50ක් (2021 නොවැම්බර් 12 වැනිදා වනවිට) ආදායම් වාර්තා තබමින් සුපර් ඩුපර් සිනමාපටයක් බවට පත්වෙලා අවසන්. මේ සිනමාපටයෙහි සාර්ථකත්වයක් සමඟින් ආක්ෂය කුමාර් මිනිසුන්ව උන්මාදත්වයට පත්කොට අවසන්. සූර්යවංශී සිනමාපටය කොරෝනා වෛරසය හේතුවෙන් තිරගත වීමට තිබූ කාලයේ තිරගත කිරීමට අපොහොසත් වූ අතර එය තිරගත වූයේ නොවැම්බර් 05 වැනිදා බව ඔබ මේ වනවිටත් දැන සිටින්නට ඇති. අද මේ ලිපියෙන් එම සිනමාපටය ගැන අපි තවත් කතා කිරීමට බලාපොරොත්තු නොවන අතර වැඩිහිටි, ළමා භේදයකින් තොරව ආදරය කරන ආක්ෂය කුමාර් ගැන ඔබට සිනහව සහ පුදුමය ඇති කරවන දේවල් කිහිපයක් ගැන මේ ලිපියෙන් ඔබට අපි කියනවා.

ආක්ෂය කුමාර් කියන්නේ බොහෝ අපහසුතා දරාගෙන හින්දි සිනමා ක්ෂේත‍්‍රයේ තමන්ගේම අනන්‍යතාවයක් ඇති කරගත්ත නළුවෙක්. ඔහු තිරයට පමණක් නොව සැබෑ ජීවිතයේදීද ප්‍රේමයේ රජ කිරුළු පැළැඳූ රජෙක් වූ බව ඔබ සැම දන්න කාරණයක් බව නොඅනුමානයි. ආක්ෂය විවිධ භූමිකා නිරූපණය කළ හැකි නළුවෙක් බව විවිධ චරිතයන්ට පණ පොවමින් ඔප්පු කර ඇත. ඔහුගේ ජීවිතයේ සැඟව තිබූ පැතිකඩ මොනවාද කියලා අපි සොයා බලමු.

ආක්ෂය කුමාර බැංකොක්වල ජීවත් වෙද්දී මාෂල් ආර්ට්ස් (සටන් කළා) උගන්වන කාලයේ ඔහුගේ ශිෂ්‍යයෙක් ඔහුට නිරෑපණ ක්ෂේත්‍රයට එන ලෙස යෝජනා කොට ඇති අතර ආක්ෂය ඒ ගැන අවධානය යොමුකොට මුම්බායිවලට පැමිණීමෙන් අනතුරුව නිරූපණ ශිල්පියෙක් විදියට වැඩකරලා තියෙනවා.

ආක්ෂය කුමාර්ගේ ඉදිරියේදී දැකගන්නට ලැබෙන වෙබ් සීරීස් එකක් තමයි එන්ඩ් කියන්නේ. එය බොහෝ කාලයකට කලින් මුම්බයිහිදී රෑගත කරන ලද අතර එහි ආක්ෂය කුමාර් බොහොම භයානක අනතුරුදායක දර්ශනයන්වලද පෙනී සිට තියෙනවා.
ඩිස්කවරි නාළිකාවේ සුප‍්‍රසිද්ධ වැඩසටහනක වූ මෑන් වස් වයිල්ඩ් හි බියර් ග‍්‍රිල්ස් එක්ක තමන් ගිය ගමන වික‍්‍රමාන්විතයන්ගෙන් පිරිණු වනාන්තර වෙත ගිය ගමන අමතක නොවන බිහිසුණු එකක් කියලා ආක්ෂය කුමාර් හිතනවා. ආක්ෂයට පෙරාතුව අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, නළුවන් වන රජිනි කාන්ත්, රන්වීර් සිං, විකී කෞශාල් ද මෙම වැඩසටහනෙහි කොටස්කරුවන් ලෙස වැඩසටහනට සම්බන්ධ වෙලා තියෙනවා. 

ආක්ෂය කුමාර් බච්චන් පාණ්ඩේ සිනමා පටයෙහි වෙනස්ම චරිතයකට පණ පොවන අතර බච්චන් පාණ්ඩේ සිනමා පටයේ පෝස්ටර් එක ට්විටර් ගිණුම හරහා තම ප්‍රේක්ෂකයින් හා බෙදාගනිමින් බච්චන් පාණ්ඩේ 2022 ජනවාරි 26 වෙනිදා තිරගත කරන බව ආක්ෂය කුමාර් සටහන් කොට තිබුණි.

ආක්ෂය කුමාර්ගේ පෙම්වතියන්ගේ ලැයිස්තුවේ පළමුවෙන්ම ඉන්නේ නිරෑපණ ශිල්පිනියක් සහ නිළියක් වන පූජා බත‍්‍රාය. සිනමා ක්ෂේත්‍රයට පැමිණීමට පෙර ආක්ෂය නිරෑපණ ශිල්පියෙක් ලෙසින් කටයුතු කරද්දී ඇයත් සමග ආක්ෂය බොහෝ ආදරයකින් වෙළී සිට ඇත. එහෙත් සිනමාපටයන් වලට ආක්ෂයගේ ආගමනයටත් සමග ආක්ෂයට සැලෝලයිඩ් පටිවල මායාව තුළ කොතරම් අතරමං වූවාද කිවහොත් පූජා සහ ආක්ෂය අතර දුරස්ථභාවය දවසින් දවසම වැඩිවෙලා තියෙනවා. ඒ වගේම එක දවසක් ආදරණීය බැඳීම බිඳීගොස් තියෙනවා. ආක්ෂය කොතරම් ප්‍රේමාන්විත ක‍්‍රීඩකයෙකු බවට පත්ව සිටියේද යත් ඔහු සුරෑපී සහ ආකර්ෂණීය නිළියන් දෙදෙනෙක් වන රවීනා තන්ඩන් සහ ශිල්පා ශෙට්ටි සමඟ එකවර පෙම් සබඳතා පවත්වා තියෙනවා. නමුත් ආක්ෂයගේ සැබෑ තත්වය දැනගත් මේ නිළියන් දෙදෙනාම ආක්ෂයගෙන් ඈත්වෙලා තියෙනවා. ශිල්පා ශෙට්ටි සමඟ ආක්ෂය කුමාර් විවාහ ගිවිස ගැනීමත් සිදුකර තිබෙන බව ශිල්පා විසින් වරක් පාපොච්චාරණය කරලා තියෙනවා... ඛිලාඩියෝන්කා ඛිලාඩි සිනමාපටයෙහි රෑගත කිරීම් අතරතුර රේඛා සමඟ කරන ලද රොමෑන්ස් ඉතාම ජනප‍්‍රියත්වයට පත්ව තියෙනවා. එහෙත් රේඛා ආක්ෂයට වඩා බොහෝ වැඩිමහල් නිසා මේ සම්බන්ධයද මතභේදවලට ලක්ව තියෙනවා. ඔවුන්ගේ ආදර කතාවට ඉන්දීයාවේ මාධ්‍ය මගින් හුළං ගසා තිබුණටත් වඩා හුවා දක්වා තියෙනවා. ඒ දිනවල රේඛා සහ ආක්ෂය විසින් ඔවුන්ගේ සම්බන්ධය ගැන කිසිවක් ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර එය සදහටම නොකියූ සහ සංකීර්ණ එකක් බවට පත්ව තියෙනවා.ට්වින්කල් ඛන්නා සමග ආක්ෂය විවාහ වූවාට පසුවද ආක්ෂයට වෙනත් නිළියන්ගෙන් ආකර්ෂණයෙහි අඩුවීමක් සිදුවූයේ නැහැ. ආක්ෂය කුමාර් ප‍්‍රියංකා චොප්රා සමගත් ආදරයෙන් වෙළී සිට තියෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වෙයි නේද.? ආක්ෂය කුමාර්ට ට්වින්කල් විවාහ කර ගැනීමට අවශ්‍යතාවයක් නොතිබූ බව දන්නේ බොහොම අතලොස්සක් පමණි. ට්වින්කල් ඛන්නාගේ මව ඩිම්පල් කපාඩියාගේ බලපෑම මත ආක්ෂය කුමාර්ට ඇයට හිස නමා ට්විනකල් සමඟ විවාහ වෙන්නට සිදුව තියෙනවා.

දොන් බොස්කෝහි පාසැල් අධ්‍යාපනයෙන් පසුව ආක්ෂය මුම්බායිහි ගුරු නානක් ඛල්සා හි කොලේජ් අධ්‍යාපනය ලැබීම සිදුකොට ඇත. ටයිකොන්ඩො බ්ලැක් බෙල්ට් ලැබීමෙන් පසුව සටන් කලාව හැදෑරීමට ආක්ෂය කුමාර් බැංකොක්වලට ගිහින් තියෙනවා. එය අවසන් කොට නැවත ඉන්දියාවට පැමිණීමෙන් අනතුරුව ෆොටෝ ෂූට් එකක් සිදු කිරීමෙන් අනතුරුව ආක්ෂය කුමාර්ට දීදාර් සිනමාපටය ලැබී තියෙනවා.

නළුවෙක් විදියට ආක්ෂයට ප‍්‍රධාන චරිතයකට පණ පොවන්න ලැබී තියෙන්නේ සෞගන්ද් හින්දි සිනමා පටයටය. එයට පෙරාතුව ආක්ෂය කුමාර ආජ් නැමැති සිනමා පටයෙහි සටන් කලාව උගන්වන පුහුණුකරුවෙකුගේ චරිතයකට පණ පොවා ඇති අතර එයට ඔහුට නිසි ඇගයීමක්වත් ලැබී නොමැත. ක‍්‍රියාදාම නළුවෙක් විදියට ආක්ෂය කුමාර් සාර්ථකත්වයට පත් වූ අතර කිලාඩි සිනමාපට මාලාව නිසා ආක්ෂය කුමාර් හින්දී සිනමා කර්මාන්තයෙහි කිලාඩි කුමාර් බවට පත් විය. ආක්ෂය කුමාර්ගේ සම්පූර්ණ චංචල සහ නිශ්චල වත්කම් ප‍්‍රමාණය මිලියන 273ක් නොඑසේ නම් ඉන්දියානු රුපියල් කෝටි දෙදහසක් පමණ වෙනවා. 

සම්මාන ප‍්‍රදානෝත්සවයක් අතරතුර ආක්ෂය කුමාර්ව එම සම්මාන උළෙල අවසන් වනතුරු රඳවා තබා ගැනීමට සංවිධායකවරුන්ට අවශ්‍යව ඇති අතර හොඳම නළුවාට හිමි සම්මානය ඔහුට ලැබිය යුතුයැයි ඔහු කොන්දේසියක් පනවා තියෙනවා. මෙය 2009 වසරේදී සිදුව තිබූ අතර ඒ අතර තුර ඔහුගේ සිංග් ඉස් කිං සිනමාපටය තිරගතව තියෙනවා. එහෙත් ඒ වසරෙහි රිතික් රෝෂන්ගේ ජෝදා අඛ්බර් සහ අමීර් ඛාන්ගේ ගජිනි සිනමාපට තිරගත වූ අතර ඒඅවාට සිනමා ප්‍රේක්ෂකයින් බෙහෙවින් ආකර්ෂණය විය. රිතික් රෝෂන් සිනමා සම්මාන උළෙලට නොපැණියහොත් ආක්ෂය කුමාර්ට හොඳම නළුවට හිමි සම්මානය ලබාදීමට සම්මාන උළෙලහි සංවිධායකවරුන් තීරණය කොට තිබූ අතර එම සම්මාන උළෙලට රිතික් සහ ආක්ෂය කුමාර යන දෙදෙනාම පැමිණ තිබුණා. අවසානයේදී එම සම්මන උළෙලෙහි සංවිධායකවරුන් විසින් හොඳම නළුවාට හිමි සම්මානය රිතික් රෝෂන්ටත් ජනප‍්‍රිය නළුවට හිමි සම්මානය ආක්ෂය කුමාර්ටත් පිරිනමන ලදි. එයට ආක්ෂයට හොඳටම කේන්ති ගියද ආක්ෂය ඒ අවස්ථාව ඉතාම දක්ෂ ලෙස හසුරුවමින් ආමීර් ඛාන්ගේ ගජිනි සිනමාපටය ගැන බෙහෙවින් වර්ණනා කොට ඒ තමන්ට ලැබුණු සම්මානය ආක්ෂය කුමාර ආමීර් ඛාන්ට හිමි විය යුතු බව පවසා ඒ සම්මානය අමීර් ඛාන්ට ලබා දීමට කටයුතු කොට ඇත. 

ආක්ෂය කුමාර් චරිතයන්ට පණ පොවන ඕ මයි ගෝඩ් 2, රාම් සේතු, බච්චන් පාණ්ඩේ, අතරන්ගී, මිෂන් සින්ඩරෙල්ලා, ගෝර්ඛා යන සිනමාපට ඉදිරියේදී තිරගත වීමට නියමිත අතර ඔහු ඒ සිනමාපටයන්හි වෙනස් වෙනස් ශෛලියකින් පෙනී සිටිනු ඇත. එමෙන්ම සෑම සිනමා පටයක්ම එකකට එකක් වෙනස් විෂය පථයකින් සහ සිත්ගන්නා සුළු සහ කුතුහලය සපිරි සිනමා පට වනු නොඅනුමනය.