
විශ්‍රාමික පොලිස් සැරයන්වරයකු ඇතුළු දස දෙනකු නවගත්තේගම ප්‍රදේශයේ රච්චිරාගම කොහොඹගස් යාය රක්ෂිතයට ඇතුළුවී පුරාවස්තු සෙවීමේ අදහසින් කැණීම් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.
වසර ගණනාවක පටන් අවස්ථා කිහිපයකදී පුරාවස්තු සොයමින් විවිධවූ කණ්ඩායම් මෙම ස්ථානය කැණිම් කර ඇතත් පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරිම හේතුවෙන් අතහැර පලායාමට ඔවුන්ට සිදුවී තිබිණි.
මෙවර නිදන් හෑරීම සඳහා ඉදිරිපත්වී ඇති කණ්ඩායමේ මහමොළකරු ලෙස පොලීසියේ විශ්‍රාමික සැරයන්වරයකු කටයුතු කරන බව නවගත්තේගම පොලීසියට තොරතුරක් ලැබී තිබුණි.
තම පොලිස් වසම තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය මත්පැන් ජාවාරම මුලිනුපුටා දැමීමට කටයුතු කරමින් මතින් තොර රටක් නිර්මාණය කිරීමට ලබාදුන් දායකත්වය වෙනුවෙන් 2016 ජූලි 11 වැනිදින ජනාධීපති සම්මානයට පාත්රවූ නවගත්තේගම පොලිස් ස්ථානාධීපති පොලිස් පරික්ෂක ඩබ්ලිව්.එම්.එන්.අයි. දයානන්ද මහතා වර්තමානය වන විට තම පොලිස් බල ප්‍රදේශයෙන් ඔබ්බට ගොස් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම අත්අඩංගුවට ගත නොහැකි මහා පරිමාණ මත්පැන් ස්කාගාර වැටලීමේ මෙහෙයුම්වල නිරතවී සිටින රාජකාරිය අකුරට කරන පොලිස් නිලධාරියකු බව ප්‍රදේශයේ ජනතාව කියති.
වෙනත් මෙහෙයුම් සඳහා වෙනත් පොලිස් කණ්ඩායම් යෙදවූ ස්ථානාධිපතිවරයා නිදන් හොරු අල්ලා ගැනීමේ මෙහෙයුම සැලසුම් කළේ මාසයක පමණ කාලයක පටන් ඉතාමත් සුක්ෂම ලෙස ඔත්තුකරුවන් මඟ දෙපස යොදවමිනි. දුරකථන පණිවිඩ මගින් පොලිසියෙන් බේරී කටයුතු කරන විශ්‍රාමික පොලිස් සැරයන්වරයා ඇතුළු පිරිස නීතියේ රැහැනට හසුකර ගැනීම පහසු කාර්යක් නොවන බව පොලිස් බුද්ධි තොරතුරු ඒකකයට තොරතුරු ලැබී තිබුණි.
අවස්ථා කිහිපයකදීම මෙම ස්ථානය වැටලීම සඳහා සූදානම් වුවද පොලිසිය එහි යනවිට එකිනෙකා පලාගොස් තිබිණි. පොලිසියේ රාජකාරී කළ විශ්‍රාමික පොලිස් සැරයන්වරයාට පොලිස් මෙහෙයුම් සිදුකරන ආකාරය පිළිබඳ මනා දැනුමක් තිබීම ෙහ්තුෙවන් නවගත්තේගම පොලීසියට මොවුන් අත්අඩංගුවට ගැනීම අභියෝගයක් විය.
නොසිතූ මොහොතක පොලිස් කණ්ඩායමක් සූදානම් කරගත් පොලිස් සථානාධීපතිවරයා ක්ෂණිකවම එම ස්ථානයට නුදුරින් ඉතාමත් සූක්ෂම ක්‍රමයක් භාවිත කරමින් මඟ රැඳී සිට ඔත්තු සැපයූ පුද්ගලයාව ජංගම දුරකථනය සමඟ අත්අඩංගුවට ගනු ලැබීය. නිදන් හාරමින් සිටි පුද්ගලයන් සමඟ තිබූ සබඳතාවය බිඳ දැමූ පොලීසිය අත්අඩංගුවට ගත් ඔත්තුකරුගේම මඟ පෙන්වීම අනුව රක්ෂිතය තුළ කැණිම් කරමින් සිටියදී හත් දෙනකු අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ වන විට අඩි විස්සක්ටත් වඩා ගැඹුරට කැණීම් කර තිබුණි.
වළ තුළ කැණීම් කරමින් සිටි සැකකරුවන්ද ගොඩට ගෙන ඔවුන් එම ස්ථානයේ වාඩි කරවූ පොලිසිය ඔවුන් සතුව තිබූ ජංගම දුරකථනද පොලිස් බාරයට ගෙන ඔවුන්ගෙන් ලබාගත් තොරතුරැ අනුව වෙදැදුරා සහ මහමොළකරු සැඟවී සිටී ස්ථානය වටලා ඔවුන් දෙදෙනාද අත්අඩංගුවට ගත්හ. නිදන් හෑරීමට පැමිණ සිටි දස දෙනාගෙන් එක් අයකුටවත් පලායාමට නොදී සූක්ෂම ලෙස සිදුකළ මෙහෙයුම සාර්ථක කර ගැනීමට පොලීසියට හැකිවිය.
පුරාවස්තු සෙවීම සඳහා උපයෝගී කරගත්, මන්ත්‍ර පොත්, යකඩ ආයුධ සහ පූජා භාණ්ඩ සමඟ සැකකරැවන් සතුව තිබූ ජංගම දුරකථන හතක් ඇතුළු භාණ්ඩ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත් කියයි. මෙතෙක් සිදුකළ වැටලීම් අතුරින් මෙය කිසිම සැකකරුවකුට පලායාමට ඉඩ නොදී සිදුකළ සාර්ථක මෙහෙයුමක් බවට පොලීසියේ උසස් නිලධාරීන්ගේද අවධානය යොමුවී ඇත.
සඳකඩ පහන, ගල්කණු හෝ පුරාවස්තු ඇති වෙනත් ස්ථානවල වටිනා දේ තැන්පත්ව ඇතැයි විශ්වාස කරන ඇතැම් අය විසින් නොදැනුවත්කම නිසා මෙබඳු තැන් හාරා විනාශ කරනු දක්නට ලැබේ. පුරා වස්තු සොයමින් සිදුකරන නිති විරෝධී ක්‍රියාවන් හේතුවෙන් මෙරට පවතින ඓතිහාසික උරුමයන් විනාශ වෙමින් පවතී.
මෙරට පවතින පුරාණ ස්ථාන පුරාවස්තු ආරක්ෂා කිරීම සඳහා දෙපාර්තමේන්තුවක් නිර්මාණයවී තිබුණද එහි ඇති අකාර්යක්ෂමතාවය හේතුවෙන් මෙරට බොහෝ පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන විනාශවී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලීසිය පැවසීය. පුත්තලම දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ සහා පුත්තලම කොට්ඨස භාර පොලිස් අධිකාරී ජේ.ඒ. චන්ද්‍රෙස්න මහතාගේ උපදෙස් මත පොලිස් පරික්ෂණ නවීන් ඉන්ද්‍රජිත් මහතාගේ මෙහෙයවීමෙන් පො.සැ 32466 හේරත්, පො.කො. 31260 රාජකරුණා, පො.කො 71232 කැලුම්, පො.කො 61251 පතිරාජ, පො.කො 31818 අනුර, පො.කො 69118 තුෂාර, පො.කො 29665 අනිල්, පො.කො.31593 නිදර්ශන් යන නිලධාරීහු මෙහෙයුම සිදු කළහ.
කතාව හා සේයාරූ I රෝවන් පෙරේරා

