


කඩවත මධ්‍ය මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළ පසුගිය (27දා) විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.
Amazon, Ocean, Horizon නිවාසයටතේ ශිෂ්‍ය, ශිෂ්‍යාවන් 2017 නිවාසාන්තර කුසලානය වෙනුවෙන් මෙහිදී තරග වැදුණහ. තරග රාශියක් සමන්විත මෙම ක්‍රීඩා උලෙළ සරඹ සන්දර්ශනයකින් හා බටහිර තූර්ය වාද්‍ය කණ්ඩායමේ සංදර්ශනයකින් වර්ණවත් විය. ක්‍රීඩා උලෙළේ ශූරතාව Ocean නිවාසයත් අනුශූරතාව Horizon නිවාසය විසින් හිමි කරගන්නා ලදී. මේ අතර විද්‍යාලීය ගුරුභවතුන්ගේ තරගය කාගේත් අවධානයට ලක්විය. විද්‍යාලයීය විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්යවරුන්, හිටපු විදුහලපතිතුමා, ආදි ශිෂ්‍ය, ශිෂ්‍යාවන්, ආරාධිත අමුත්තෝ රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.