2017 මැයි 13 වන සෙනසුරාදා

පියයුරු පිළිකාවට බ්‍රෙසියර් ප්‍රතිකාරයක්

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 220

ඒ එකම තනි පියොවුර
පාළු නිම්නයකට තනි රකින
නූස් කඳු ගැටයක හැඩය
මහරගමදී ඇයට හිතුණේ එහෙමය’

පියයුරු පිළිකා මාරයා විසින් බිළිගත් කාන්තා ජීවිත. මේ වනවිට අපට ගිණිය හැකි තරම් නොවේ. කාන්තාවන්ට වැළඳෙන රෝග අතරින් මුල් තැනක් ගන්නා රෝගයක් ලෙස පියයුරු පිළිකාව හඳුන්වයි. මෙය බටහිර රටවල කාන්තාවන් දොළොස් දෙනකුගෙන් එක් අයකුට වැළඳීමේ ප්‍රවණතාවක් ඇති බවට සමීක්ෂණ මගින් තහවුරු කරගෙන ඇත. ශරීරයෙර් සෛල ක්‍රියාකාරිත්වය පාලනය කරන ජානවල විකෘතිතාවයක් ඇති වීම පිළිකාවක් ලෙස හඳුන්වාගත හැකිය. කාන්තාවන්ට ආවේණික වූ හෝර්මෝනයක් වන ඊස්ට්‍රජන් හෝමෝනය පියයුරු පිළිකා කෙරෙහි බලපාන බැවින් මෙය වැළඳීමේ 99‍ක ප්‍රවණතාවයක් ඇත්තේ කාන්තාවන්ටය. පිළිකාව වනාහී ජීවිතය බිලිගන්න පැමිණි මාරාන්තික රෝගයක් ලෙස බොහෝ දෙනා දනිති. ජනගහනයෙන් ලක්ෂයකට 16 දෙනකුට පිළිකාව කියා සොයාගෙන ඇත.

ජීවිතය බිලිගන්නා පෙණහලු පිළිකා ළඟට දෙවනුවට බහුලවම දක්නට ලැබෙන්නේ පියයුරු පිළිකාවන්ය. මෙම සංඛ්‍යාව පිළිකාවන් නිසා සිදුවන මරණ සංඛ්‍යාව අතරින් පස්වන ස්ථානය ගනී. කාන්තාවන් අතර බහුලවම දක්නට ඇති පිළිකා විශේෂයක් වන පියයුරු පිළිකාව කාන්තාවන් අතර බහුලවම දක්නට ඇති පිළිකා විශේෂයයි. 2005 වසරේ දී පියයුරු පිළිකා නිසා ලොව පුරාම සිදුවන මරණ සංඛ්‍යාව 502000ක අගයකි. මෙය එම වසරේ දී ලොව පුරා පිළිකා නිසා සිදු වූ මරණ සංඛ්‍යාවෙන් 7‍ ක් ද සියලුම මරණ සංඛ්‍යාවෙන් 1‍ අගයක් ද වේ. 1970 සිට පියයුරු පිළිකාවන් වාර්තා වීම සැළකිය යුතු ලෙසින් ඉහළ ගොස් ඇත. මේ සඳහා ප්‍රධානතම හේතු සාධකය වන්නේ බටහිර රටවල ඇති නවීන පන්නයේ ජීවන ක්‍රමය. සංවර්ධනය නොවූ රටවල අඩු ප්‍රමාණයක් ලෙසත් සංවර්ධනය වූ රටවල වැඩි ප්‍රමාණයක් ලෙසත් පියයුරු පිළිකාවනහි ව්‍යාප්තිය ලොව පුරා විවිධ වේ.

ලොව පුරා ප්‍රධාන ප්‍රදේශ දොළහක් තුළ වාර්ෂිකව සිදු කරනු ලබන ප්‍රමිතිකරණයකට අනුව කාන්තාවන් 100000ක් ගත් කළ ඉන් එක කාන්තාවකට පියයුරු පිළිකා ඇති වීමේ ප්‍රවණතාව නැගෙනහිර ආසියාවේ 18ක්ද, මධ්‍යම ආසියාවේ 22ක්ද, අප්‍රිකාවේ උප සහරා ප්‍රදේශයේ 22ක්ද, ගිණිකොණ දිග ආසියාවේ 26 ක්ද, උතුරු අමෙරිකාවේ 90 ක්ද, ඇමරිකා එක්සත් ජනපදයේ සුදු කාන්තාවන් අතර 141 ක් වශයෙන් ගණන් බලා ඇත. ඒ අනුව ලොව වැඩිම පියයුරු පිළිකා ප්‍රමාණයක් වාර්තා වන්නේ උතුරු අමෙරිකානු කාන්තාවන්ටය. අමෙරිකා එක්සත් ජනපදයේ කාන්‍තාවන්ගේ ප්‍රධානතම පිළිකා විශේෂය පියයුරු පිළිකා වන අතර එය පිළිකා නිසා සිදුවන මරණ අතරින් දෙවැනි ස්ථානයට පත් වන්නේ පෙනහලු පිළිකා ප්‍රථම ස්ථානය කරමිනි. කාන්තාවන්ට තම ජීවිත කාලය තුළ ආක්‍රමණශීලි පියයුරු පිළිකාවක් ඇති වීමට 1/8ක සම්භාවිතාවක් සහ එමගින් මරණයට පත්වීමට 1/35ක සම්භාවිතාවක් ඇත. වසර 2007දී පියයුරැ පිළිකා නිසා අමෙරිකාව තුළ මරණ 40910ක් සිදුවීමට අපේක්ෂිතව තිබිණි.

පියයුරු පිළිකා මැඩලීම සඳහා නවීන තාක්ෂණය මහෝපකාරී වේ. ලොව ප්‍රමුඛ පෙළේ  සියලුම වෛද්‍ය උපකරණ නිපදවන සමාගම් මේ සඳහා විශාල මුදලක් වැය කරමින් පර්යේෂණ සඳහා නිතිපතා යොමු වේ. පියයුරු පිළිකා සඳහා ප්‍රතිකාර කරන ශල්‍යකර්ම, පිළිකා නාශක ඖෂධ, විකිරණ ප්‍රතිකාර හා හෝමෝන ප්‍රතිකාර විධි භාවිත කරයි. පියයුරු පිළිකා මරු පැරදවීම සඳහා දසලක්ෂ ගණනින් ප්‍රතිකාර විධි භාවිත කෙරෙන ලොවක මෙම පියයුරු පිළිකා සෛල නසන ඖෂධ කවන ලද අධිතාක්ෂණික තිසර පටක් නිපදවීමට ලන්ඩනයේ සාන්ත මාර්ටින්ස් සරසවියේ සාරාද කොස්තා නම් සිසුවියක් සමත්ව ඇත. පිළිකා ‍සෛල නසන Tamoxifen නමැති ඖෂධය ඉතා සියුම් අණු ලෙස ඇතුළත් කර නැනෝ තාක්ෂණයෙන් නිපදවා ඇති මේ තිසර පට හැඳගෙන සිටිනවිට ඖෂධ සමට ඇතුළු වී පියයුරු පිළිකා සෛල වර්ධනය අඩාල කිරීමට ඊස්ට්‍රජන් හෝමෝනය පාලනය කරන බව සඳහන් වේ. 

පියයුරු පිළිකා නැසීමට Tamoxifen ඖෂධය ලබාගන්නා කාන්තාවන් දහස් ගණනක් විවිධ අතුරු ආබාධවලට ලක්වන බවත් සාරාගේ මෙම නිෂ්පාදනය සමග එම අතුරු ආබාධ මග හරවා ගනිමින් ඖෂධ ලබාදීමට හැකිවනු ඇති බවට විශ්වාස කෙරේ. විදේශ මාධ්‍ය වාර්තා කළ අන්දමට මෙම නව සංකල්පය මත ඉදිරියේ දී වෙනත් රෝග සඳහා වන ඖෂධ මෙම ක්‍රමය හරහා රෝගීන්ට ලබාදීමට හැකියාවක් පවතීද යන්න පිළිබඳව ඉදිරියේ සොයා බැලීමට විද්‍යාඥයන් තීරණය කර ඇත.
කෙසේ වෙතත් මෙම තිසර පටේ ආරංචිය පියයුරු පිළිකාවක් පිළිබඳ බියකින් පෙළෙන සියලුම කාන්තාවන්ට සුබ ආරංචියකි. පිළිකා වේවා වෙනත් රෝගයක් වේවා කොයිතරම් ඖෂධ සොයාගනු ලැබුවද අපට නිරෝගිකම තරම් ලාභයක් කොහේවත් නැත.

 තනූජා ලුම්බිණි