
කටුගස්තොට ගොහාගොඩ තේක්කවත්ත කසළ කන්ද තුළින් අවට ජනතාවට මුහුණ දීමට සිදුව තිබෙන පීඩාවන් පිළිබඳව එම ප්‍රදේශයේ පදිංචි ජනතාව වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය බලධාරීන්ට වගකිය යුතු රාජ්‍ය නිලධාරීන්ට දන්වති. එහෙත් එම කසළ කන්ද සම්බන්ධව කිසිවෙකුත් අවධානය යොමු කර නොමැත. ගොහාගොඩ කසළ කන්ද පිළිබඳව කඩිමුඩියේ සොයාබලා නිතර නිතර එම ස්ථානය නිරීක්ෂණය කිරීමට ඇතැම් රාජ්‍ය නිලධාරීන් උනන්දුවක් දැක්වූයේ මීතොටමුල්ල කුණු කන්ද හදිසියේ පුපුරා ගොස් අවට නිවාස යටකර මිනිස් ජීවිත 30කට ආසන්න සංඛ්‍යාවක් අහිමි කිරීමෙන් පසුවය.
නගරයේ පරිසරය කෙසේ වෙතත් ගොහාගොඩ කුණු කන්දට මුවාවී විදෙස් සංචාරයන් සඳහා ගිය මහනුවර නගර සභාවේ ඇතැම් දේශපාලනඥයන් රාජ්‍ය නිලධාරීන්, ඔවුන් සවාරි ගිය රටවලින් කසළ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව අධ්‍යයනයක් ලබාගත්තේදැයි නගරවාසී බදු ගෙවන ජනතාවටද ප්‍රහේළිකාවක් වී තිබේ.
එක් ප්‍රදේශයක් පිරිසිදුකොට තවත් ප්‍රදේශයක ජනතාවට විනකරන ව්‍යාපෘති රටට ඇවැසිදැයි ගොහාගොඩ තේක්කවත්ත කසළ කන්ද නිසා දැඩිසේ පීඩාවිඳින ජනතාව රජයේ වගකිය යුතු බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටිති.
බලපුළුවන්කාරකමත්, දේශපාලන ශක්තියත් ජනතාව තමන්ට ලබාදුන් වරමත් ඉතා කපටි අන්දමින් උපයෝගී කරගනිමින් ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයෝ ගොහාගොඩ කසළ කන්ද අඩි 100 – 200 දක්වා ඉහළට යද්දී නිහඬව බලාසිටියහ.
අද වනවිට මෙම කසළ කන්දෙන් පිටව යන අපද්‍රව්‍ය (අසූචී මිශ්‍ර මළ අපජලය) මහවැලි ගඟට ද මුසුවී ජලයට එක්වී මහා වසංගත ලෙඩරෝග බෝකරවන අනතුරුදායක තත්ත්වයකට පත්වන්නට ඉඩ ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරයි.
මෙම කසළ කන්ද අවට පදිංචි ජනතාවට එම ස්ථානයෙන් ඉවත් වන ලෙසද නගර සභා බලධාරීන් විසින් දැනුම් දී තිබේ.
ඒ අතර කසළ කන්දට එකතු වන පොලිතීන්වලින් මුදල් හම්බ කරගත් නගර සභාවේ නිලධාරීන් කීපදෙනෙකු පිළිබඳවද තොරතුරු හෙළිවිය.
මහනුවර මහනගර සභාවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කසළ අධ්‍යයන අංශයත් පෞද්ගලික ආයතනයකුත් එක්ව රාජ්‍ය පෞද්ගලික අංශ ව්‍යාපෘතියක් ලෙස මෙම කසළ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වූයේ කසළ යොදාගෙන එමගින් විදුලිය නිෂ්පාදනය කිරීමයි.
කෙසේ වෙතත් අද වනවිට ගොහාගොඩ තේක්කවත්ත කසළ ප්‍රතිචක්‍රීයකරණ කටයුතු ඇණහිට තිබෙන්නේ රජයටම සම්බන්ධ ආයතනයක් විසින් ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙළක් නිසාය.
ඌරන් කැකුණ තලද්දී හබන් කුකුළන්ට ජය මඟුල් යැයි කීවාක් මෙන් දැනටමත් විවිධ දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වීම තුළින් ගොහාගොඩ කසළ කන්ද ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක් ආරම්භ කර එහි ටෙන්ඩරය ලබාගැනීම සඳහා පෞද්ගලික ආයතනයක් සැලසුම් ක්‍රියාත්මක කර තිබේ. මහනුවර මහනගර සභාවටද මෙම කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මාසිකව ලක්ෂ 10ක මූල්‍ය පාඩුවක් සිදුව තිබේ.
ගොහාගොඩ තේක්කවත්ත කසළ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියට නිත්‍යනුකූල ගිවිසුම් අත්සන් කර පිළිගත් ටෙන්ඩර් පටිපාටියක් තුළින් ගිවිසුම් ගතවූ සමාගමට රැපියල් මිලියන 168ක මූල්‍ය පාඩුවකට මුහුණ දීමට සිදුව ඇත.
කසළ උපයෝගී කරගනිමින් විදුලි බලය නිෂ්පාදනයට සහ පොහොර නිෂ්පාදනයට අතගැසූ පෞද්ගලික ආයතනයේ වැඩකටයුතු අතරමඟ නැවැත්වීමට සිදුව ඇත්තේද කිසිදු දැනුම්දීමකින් තොරව මධ්‍යම පරිසර අධිකාරිය මගින් ව්‍යාපෘතිය අත්හිටුවන ලෙස කරන ලද නියෝගය නිසාය.
2010 ජනවාරි මස 18 වන දින එකෝටෙක් ලංකා ලිමිටඩ් නැමති ආයතනයක් මහනුවර මහනගර සභාව සමඟ වසර 30ක ගිවිසුමකට අත්සන් කර ඇත්තේ වසරකට බදු කුලිය යටතේ නගර සභාව සතු අක්කර 16ක ඉඩම් ප්‍රමාණයක් තුළ කසළ ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහනක් සහ කසළ මගින් විදුලිය නිපදවීමත්, පොහොර නිෂ්පාදනය කිරීමත් සඳහාය. මෙම ව්‍යාපෘතිය සඳහා මහනුවර මහනගර සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයද ලබාගෙන තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය, අන්තර්ජනනීය බලශක්ති අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, මහවැලි අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව, මධ්‍යම පරිසර අධිකාරිය, හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වාරිමාර්ග දෙපාර්තමෙන්තුව, ජාතික ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය යන ආයතන සියල්ල ඒකාබද්ධ වී තාක්ෂණ කමිටුවක් මගින්ද මෙම ව්‍යාපෘතියට එකඟතාවය පළකර තිබේ.
කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් නිසි ක්‍රමවේදයක් තුළ මනා ලෙස පවත්වාගෙන යෑමට පෞද්ගලික සමාගම් තුනක් විසින් අවශ්‍ය සියලු කටයුතු සකස්කර කසළ අංගන පරිශ්‍රයේ අපද්‍රව්‍ය ටැංකි, අපද්‍රව්‍යයන්හි විෂ සහිත ද්‍රව්‍යයන් ඉවත්කරීම, මාර්ග පද්ධති නිසිලෙස සැකසීම, කාණු පද්ධති සැකසීම පොහොර නිෂ්පාදනය සඳහා යන්ත්‍ර කට්ටල ඉදිකිරීමද ඇතුළු සියලු නිමාකිරීම්ද සිදුකර තිබේ.
මෙම කටයුතු සඳහා ව්‍යාපෘතිය බාරගත් ආයතනය රුපියල් මිලියන 168 ක මුදලක්ද වැයකර ඇත.
කසළ ප්‍රතිචක්‍රීකරණ කටයුතු භාරගත් ආයතනය කසළ උපයෝගී කරගනිමින් පොහොර නිෂ්පාදනය කිරීම සහ කසළ බලශක්තිය උපයෝගී කරගනිමින් විදුලිය නිෂ්පාදනය කිරීමට සූදානම්ව තිබියදී කිසිදු දැනුම් දීමකින්ද තොරව මධ්‍යම පරිසර අධිකාරිය මගින් ව්‍යාපෘතියේ වැඩකටයුතු අත්හිටුවන ලෙසටද නියෝග කර තිබීම ගැටලුවකි.
මෙම තත්ත්වය තුළම කිසියම් වූ දේශපාලන බල අධිකාරියක හස්තයක් ක්‍රියාත්මක වීමෙන් ගොහාගොඩ තේක්කවත්ත කුණු කසළ භූමිය තුළින් මුදල් උපයාගැනීමේ අපේක්ෂාවකින් තවත් පෞද්ගලික ආයතනයක් පසුව මෙම ස්ථානයේ කසළ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතියක්ද ලබාගෙන ඇත.
ගොහාගොඩ තේක්කවත්ත කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා විදේශීය ආයෝජකයන් කීපදෙනකුද ඉදිරිපත් වී ව්‍යාපෘති සැලසුම් පවා ඉදිරිපත් කර තිබේ. එකී ව්‍යාපෘතිය හරහා ඇතැම් ප්‍රබල දේශපාලනඥයන් කීපදෙනෙකුට සුපිරි පහසුකම් සහිත විදේශ සංචාරද හිමිවී තිබෙන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබිණි. ගොහාගොඩ කසළ කන්දට එකතු වන පොලිතීන් තොග තුළින්ද ඇතැම් රාජ්‍ය නිලධාරීන් තම සාක්කුවට මුදල් පුරවා ගෙන ඇතැයි කියති. මෙම ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කරන ලද විදේශීය ආයෝජකයන් සඳහා සුපිරි නවාතැන් පහසුම් ලබාදී තමාට අයත් මහල් තුනකින් යුත් නිවසක් කුලියට දීමටද එක්තරා රාජ්‍ය නිලධාරියෙක් උත්සාහ දරාතිබිණි.
මහනුවර නගරය සහ හාරිස්පත්තුව අවට ප්‍රදේශයන්හි එක්රුස් වන කසළ තොග මළ අපද්‍රව්‍ය සියල්ල ගොහාගොඩ තේක්කවත්ත ප්‍රදේශයට බැහැර කරන අතර මෙම ස්ථානයේ කසළ ප්‍රතිචක්‍රීකරණ කටයුතු සිදුකිරීමේ ව්‍යාපෘතියට ගිවිසුම් අත්සන් කළ ආයතනය එම අංගන පරිශ්‍රයේ ඉදිකළ කාර්යාල සංකීර්ණය, පොහොර කම්හල (යන්ත්‍ර සූත්‍රද ඇත) ගබඩාව සහ ඉදිකරන ලද බිම් සැකසුම් මාර්ග පද්ධති සියල්ල එලෙසම පවතියි. එහෙත් එයින් ප්‍රයෝජනයක් ගත නොහැකිව එකී ආයතනය සියලු වැඩකටයුතු නවත්වා දැමීම නිසා අද වනවිට ගොහාගොඩ තේක්කවත්ත කසළ අංගනය ජන ජීවිතයට අවදානම් සහිත තත්ත්වයක් ඇතිකරවන තවත් මීතොටමුල්ලක් බවට පත්ව තිබේ.
ලංකාවේ කසළ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබාඇති ප්‍රථම ආයෝජක සමාගම පවසන්නේ තම ආයතනයට කසළ ප්‍රතිචක්‍රීකරණ කටයුතු යළිත් බාර දෙන්නේනම් මාස තුනක් ඇතුළත ගොහාගොඩ කුණු කන්ද තුළින් ඇතිවන කිසියම් වූ පාරිසරික හානිය අවම කිරීමට පියවර ගන්නා බවයි.
මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා මෙම කාරණය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ කියයි.
ජනාධිපතිතුමාටත් ගොහාගොඩ කසළ කන්ද පිළිබඳව පවතින තත්ත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් කළා. ජනාධිපතිතුමා දැනුම් දුන්නා මාස තුනක් ඇතුළත මෙම අක්‍රියවී තිබෙන ගොහාගොඩ කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘකිය ආරම්භ කරන ලෙස. නගර සභාවට අයත් ඉඩම් පරිශ්‍රයකයි මෙම කසළ අංගනය පිහිටා තිබෙන්නේ. මේ අවට අනවසරයෙන් පදිංචි වී සිටින පිරිස් ඉන්නවා. ඔවුන් ඉවත් කිරීමටත් පියවර ගනු ලබනවා.
ගොහාගොඩ කසළ ප්‍රතිචක්‍රීයකරණ කටයුතු ටෙන්ඩරය බාරගත් ආයතනය වසර තුනක් තිස්සේ ඔවුන්ගේ ව්‍යපෘතියේ වැඩකටයුතු නිසිලෙස ඉටුකර නැති නිසා තමයි ඔවුන්ගේ ව්‍යාපෘතිය මධ්‍යම පරිසර අධිකාරිය මගින් අවලංගු කර තිබෙන්නේ. අද වනවිට ගොහාගොඩ කසළ කන්දේ අපද්‍රව්‍ය සියල්ල හේතුවෙන් ගම්මාන වන කොණ්ඩදෙණිය, බදුන්වැල්ගොල්ල, ගොහාගොඩ, මඩපාතගම ගොහාගොඩ එකේ කණුව, ගොහාගොඩ වේගිරිය, දොඩම්වල අවට ගම්මාන අස්ගිරිය, කටුගස්තොට නගරය අවට පොල්වත්ත පදිංචි ජනතාවට දැඩි පාරිසරික ගැටලුවකට මුහුණ දීමට සිදුව තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්න ගොහාගොඩ කසළ කන්ද පිළිබඳව පර්ෙය්ෂණයක් සිදුකිරීමට පියවර ගෙන තිබේ.
මහාචාර්ය අතුල සේනාරත්න ගොහාගොඩ, තේක්කවත්ත කුණු කන්ද පිළිබඳව කරැණු දක්වමින් මෙසේ කියයි.
මේ කසළ කන්දෙන් හදිසියේම දුවිලි දුමාරයක් සේ පිටව ගියේ වායුවක්. මේ වායුව විදාරණය සිදුවූයේ කසළ කන්ද යට පවතින අධික උෂ්ණත්වය හේතුවෙන්. කාබනික ද්‍රව්‍ය ජීර්ණයට පත්වූ විට පොළොව යටින් මෙම තත්ත්වය මතුපිටට ඒම සිදුවන්න ඇති. මීතේන් වායුව නිෂ්පාදනය වී පොලිතීන් සමඟ මේ වාගේ මාධ්‍යයක් ඇතුළේ ගෑස් සිරවී තිබී අධික පීඩනය තුළින් වායුව ඉහළට ඒමක් සිදුව තිබෙනවා. වායුව විදාරණය වීමෙන් මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකියි.
මේ තත්ත්වය නිසි පරිදි කළමනාකරණය නොකළොත් අවදානම් තත්ත්වයක් මතුවිය හැකියි. ඒත් තවමත් තත්ත්වය භයානක නැහැ. මෙය ගෑස් හෙවත් වායු විදාරණයක් වියහැකියි. අධික උෂ්ණත්වයක් එක්ක එය සිදුවන්න ඇති. කුණු කන්දෙන් වායුව විදාරණය පොළොව මතුපිට තිබෙන දුවිලි සමඟ උඩට එන්න ඇති.
මීතොටමුල්ලේ කුණු කන්දෙත් සිදුවන්න ඇත්තේ මේවගේ සිදුවීමක් විය හැකියි. ඒ නිසයි පිපිරීමක් සිදුවුණේ. ඒත් ඒක කවුරැත් දැක්කේ නැහැ. අප නිරන්තරයෙන්ම ගොහාගොඩ තේක්කවත්ත කසළ අංගන පරිශ්‍රය පරීක්ෂණයට ලක්කරනවා. මෙම කසළ කන්දේ පොළොව යටින් මතුවන කසළ ඕජස් ද්‍රව්‍ය මහවැලි ගඟට මුසුවී එම ජලය මොරගහකන්ද ජලාශය දක්වා ගොස් පොළොන්නරැව ප්‍රදේශය දක්වා යෑමෙන් විෂ සහිත ජලය පරිභෝජනය කිරීම නිසා වසංගත රෝග තත්ත්වයක් පවා මිනිසුන්ට ඇතිවීමේ අවදානමක් තිබෙනවා.
දැනට හාරිස්පත්තුව ප්‍රදේශයට පානීය නළ ජලය සපයන්නේද ගොහාගොඩ ජල සැපයුම් මධ්‍යස්ථානයෙන් බව ගොහාගොඩ පදිංචි මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නීතිඥ අසංග තිලකරත්න මහතාද පවසයි.
එවකට පරිසර අමාත්‍යධුරය හෙබවූ පාඨලී චම්පික රණවක මහතාද ගොහාගොඩ තේක්කවත්ත කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට විශේෂ උනන්දුවක් දැක්වූ බවද මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නීතිඥ අසංග තිලකරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්න මහතා වැඩිදුරටත් ගොහාගොඩ තේක්කවත්ත කසළ කන්ද පිළිබඳව නිරීක්ෂණයක් කොට මෙහි වහා ඇවිලෙන මීතේන් වායුව තිබෙන බැවින් කොයි මොහොතක හෝ කසළ කන්දේ පිපිරීමක් සිදුවීමට ඉඩතිබෙන බව සඳහන් කරමින් ගතහැකි කඩිනම් ක්‍රියාමර්ගයක් ගෙන අවදානම් සහිත ස්ථානවල පදිංචි වී සිටින පිරිස් ඉවත් කිරීම කළ යුතු බව පවසයි.
ගොහාගොඩ තේක්කවත්ත කසළ අංගනය තුළ ඇතිවිය හැකි අවදානම් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ජනාධිපතිවරයා වෙත කරැණු වාර්තා කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී මහනුවර මහනගර සභාවේ සේවයේ නියුතු සේවක මණ්ඩලයේ (කණිෂ්ඨ සේවක සේවිකාවන්) නිවාස 100ක් පමණ කසළ කන්ද ආසන්නයේ පවතින අතර ඔවුන් අනිවාර්යෙන්ම මෙම අවදානම් ස්ථානයෙන් ඉවත් කළයුතු බවට භූ විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබේ. එහෙත් ඔවුන් සඳහා ප්‍රමාණවත් වන්දි මුදල් සහ ඉඩම් ලබාදීම ප්‍රමාදවීම හේතුවෙන් එය නිවැසියන් ඔවුහු පදිංචි නිවාසවලින් ඉවත් වීමද ප්‍රතික්ෂේප කරති.
මෙයට අමතරව තේක්කවත්ත අවට ස්ථිර ඉඩම්ලාභී පදිංචිකරැවන්ට ද කුණු කන්ද නිසා දැඩි සෞඛ්‍ය තර්ජන ජීවිත හා දේපල අවදානම පවතින බැවින් තමන් එම පදිංචි ස්ථානවලින් ඉවත් කරන්නේනම් සුදුසු ඉඩම් හා පවතින මිල යටතේ නිවාස තක්සේරැකර වන්දි මුදල් ලබාදිය යුතු බව එම නිවාස හා ඉඩම්වල පදිංචිකරැවෝ පවසති.
කතාව හා සේයාරූ - ජේ.ඒ.එල්. ජයසිංහ