

රටපුරා දැවෙන ප්‍රශ්නයක් ලෙස මතු වී තිබෙන කසළ කළමනාකරණය සහ කසළ ප්රතිචක්රීයකරණ ප්‍රශ්නයට විසඳුම් දීම සඳහා මහනුවර දොළුව ප්‍රදේශයේ තරුණ කාර්මිකයෙකු විසින් දිනකට කසළ ට්‍රැක්ටර් ට්‍රේලර් 300ක කසළ (ඝන ද්‍රව්‍ය, ප්ලාස්ටික්, යකඩ හා පොලිතින්, සත්ව ඇටකටු) ප්රතිචක්රීයකරණය කොට කුඩා කැබලි කිරීඹට හැකි දැවැන්ත යන්ත්‍රයක් නිපදවා තිබේ. රුපියල් ලක්ෂ 37කට අධික මුදලක් වැයකරමින් තම මුළු කාලයම වැඩකර නිර්මාණය කරන ලද මෙම දැවැන්ත කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ යන්ත්‍රය දැනට මනා ලෙස ක්‍රියාකළ හැකි තත්ත්වයේ පවතියි.
විවිධ බාධක හා බලපෑම් හමුවේ නොසැලී යකඩ ගොඩකට පණ පෙවූ විකුම් සම්පත්, තම උත්සාහය හා අධිෂ්ඨානය මඟින් ගොඩනැංවූ දැවැන්ත යන්ත්‍රය තුළින් ප්‍රයෝජන ගන්නට බොහෝ උත්සාහ දැරූ බව ඔහු හා කළ කතාබහේදී හෙළිවිය.
ඇතැම් දේශපාලන බලධාරින්ට අතයට ගනුදෙනු දීමට හැකියාවක් නැතිකමින් විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න මහතාගේ (අවුරුදු 37) ගෙවත්තේ යන්ත්‍රය දිරාපත්වෙමින් පවතී.
ගම්පොල ප්‍රදේශයේ උග්‍ර කසළ ප්‍රශ්නයට විසඳුමක් ලෙස වසර කිහිපයක් තිස්සේ මහත් වෙහෙසක් දරා නිමකරන ලද මෙම දැවැන්ත යන්ත්‍රයට අබලන් ත්‍රීරෝද රියක් දැමූ විට එහි සියලු අංශ කොටස් ඉතා කුඩා කැබලි බවට පත්වී යකඩ කුඩුවී ප්ලාස්ටික් ද්‍රව්‍ය වෙන්වී යන්ත්‍රානුසාරයෙන්ම පිටතට යොමුවන තත්ත්වයක් ඇතිවෙයි.
2016 වසරේ අප්‍රේල් මස 04 වනදින මෙම යන්ත්‍රය නිපදවූ තරුණ කාර්මිකයා එයින් ප්‍රයෝජනයක් ගන්නට මහත් වෙහෙසක් දරා ඇත. ගම්පොල ප්‍රදේශයේ දේශපාලනඥයන් හා ඇතැම් නිලධාරින් අති විශාල ලෙස අතයට මුදල් අපේක්ෂා කරමින් මෙම යන්ත්‍රය එම ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයකට බාරගැනීමට උත්සාහ දරා අවසානයේ මෙම යන්ත්‍රයෙන් ගසා කන කොමිස් මුදල් බෙදා ගැනීමට එකිනෙකා අතර ගුටිකෙළියකට පවා යොමු වී තිබේ.
බස්රියක කොටස් සහ වෙනත් යාන්ත්‍රික කොටස් මෙන්ම විශේෂයෙන්ම සැකසූ යාන්ත්‍රික දැති රෝද යකඩ සහ වෙනත් ඝන අපද්‍රව්‍ය ඇඹරීමට හැකි යන්ත්‍ර කොටස්ද යොදාගෙන සකසා ඇති මෙම විස්මිත දැවැන්ත යන්ත්‍රය උපයෝගී කරගනිමින් ඕනෑම දැවැන්ත කසළ කන්දක අඩංගු කසළ වර්ග ඉතා කුඩා කැබලි බවට පත්කොට ඒ තුළින් පොහොර සැකසිය හැකි බවද ගම්පොල ප්‍රදේශය තුළ පමණක් නොව මධ්‍යම පළාත තුළම කුණු කසළ සහ සියලු ඝන අපද්‍රව්‍ය තම යන්ත්‍රය මගින් ප්රතිචක්රීයකරණය කරදීමේ අභියෝගය තමන් භාරගන්නා බවද විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න මහතා පවසයි.
විවාහක දෙදරු පියෙකු වන ඔහු ලංකා ඛනිජතෙල් සංස්ථාවේ යාන්ත්‍රික භ්‍රමණ අංශයේ කාර්මික නිලධාරියෙකු ලෙස වසර හතරක් සේවය කර ඇත.
රටපුරා දැවෙන ප්‍රශ්නයක් වූ කසළ අර්බුදයට විසඳුම් දීම සඳහා ඔහු නිපදවූ මෙම සුවිශේෂී යන්ත්‍රය නිර්මාණය කිරීමට අවශ්‍ය යකඩ හා වෙනත් අමුද්‍රව්‍ය ඇතුළු දෑ වෙනුවෙන් ඔහු මුදල් උපයාගෙන ඇත්තේ සිය නිෙවස සහ බිරිඳගේ රන් අභරණ පවා බැංකුවට උකස් තබා ගත් ණය මුදලිනි.
විකුම් යන නමටම අර්ථයක් ගෙන දෙමින් තම වික්‍රමය රටට විදහා දැක්වූ මෙම තරුණ කාර්මික ශිල්පියා විදේශ රටක උපන්නා නම් අද ඔහු නිපදවූ මෙම දැවැන්ත කසළ ප්රතිචක්රීයකරණය කිරීමේ යන්ත්‍රය (කුණු ඇඹරීමේ යන්ත්‍රය) විදේශ රටක සිට ලංකාවට ගෙන්වනුයේ රුපියල් කෝටි 10ක් වැනි මුදලකට මිල නියම කරමින්ය.
ඇතැම් දේශපාලනඥයෝ ගම්පොල කසළ ප්රශ්නය තම සාක්කුවට මුදල් පුරවා ගන්නා ක්‍රමවේදයකට භාජනය කරවීම නිසා විකුම් නිපදවූ මෙම කසළ ඇඹරීමේ යන්ත්‍රය ලියාපදිංචි කරවා ගැනීමට පවා මැදරට ජනතාවගේ බදු මුදලින් ජීවනෝපාය මාර්ගය සලසා ගන්නට වැටුප් ලබන කුජීත රාජ්‍ය නිලධාරින් පිරිසක් ඉඩලබාදී නැති බව අපට හෙළිදරව් විය.
මාස හතක් වැනි කෙටි කාලයක් තුළදී යන්ත්‍රය නිපදවා ඇති විකුම්ට ඉතා ළැදිව අවංකව උදව් උපකාර කළ පිරිසක්ද සිටිති. කේ.බී. ශ්‍යාමලී (බිරිද), මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නිශ්ශංක හේරත්, ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මධ්‍යම පළාත්) රාජපක්ෂ, බණ්ඩාර මන්තිලක (සමීප මිතුරා), පල්ලේවෙල ලේත් මැෂින් ආයතනයේ අධිපති සම්පත්, උඩපළාත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රාජසූරිය බණ්ඩාර, ගම්පළ හිටපු නගරාධිපති සරත් හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මින් විකුම් සම්පත් මහතා සිහිපත් කළේ හෘදයාංගම සතුටකිනි.
මෙම සුවිශේෂි යන්ත්‍රය තුළට ප්රතිචක්රීයකරණය සඳහා කසළ දැමීමද සිදුවන්නේ යන්ත්රානුසාරයෙනි. සියලු කසළ ඉතා කුඩා කැබලි බවට පත්වී පිටතට යොමුකරන්නේද යන්ත්රානුසාරයෙනි. මෙම යන්ත්‍රයෙන් ප්‍රයෝජනයක් ගත හැකි හොඳම වකවානුව දැන් උදා වී තිබේ. ප්‍රදේශයක දෛනිකව එකතුවන සියලුම කැළිකසළ ඝන අපද්‍රව්‍ය (ප්ලාස්ටික්, රබර්, රබර්, පොලිතින්, සත්ව ඇටකටු, වීදුරු පිඟන්, ගඩොල්, කොන්ක්‍රීට් කොටස් පවා) මෙම යන්ත්‍රයට දමා යන්ත්‍රය පණ ගැන්වූ සැණින් එහි ක්‍රියාත්මක වන දැවැන්ත ඝන වානේ දැති රෝද සහ වානේ දඟරයන්ට හසුවීමෙන් ඉතා කුඩා කැබලි බවට පත්වෙයි. මෙම යන්ත්‍රයෙන් ප්‍රයෝජනයක් ගත හැකි පරිදි එය මහමඟ ධාවනය කරවීමට විශේෂ බලපත්‍රයක් සහිත නීතිමය අනුමැතියක්ද අවශ්‍ය වන බව විකුම් සම්පත් මහතා පැවසීය.
ජනාධිපතිතුමාත් අග්රාමාත්යතුමාත් ආපදා කළමනාකරණ අමාත්‍යවරයාත්, රාජ්‍ය නිලධාරිනුත් තමන්ට සහාය ලබාදෙන්නේ නම් රටපුරා එක්රුස්වන කුණු කසළ ගැටලුව විසඳා දීමට තමන්ට මෙවැනි දැවැන්ත යන්ත්‍ර නිපදවා දිය හැකි බව විකුම් සම්පත් මහතා සඳහන් කරයි.
මෙම යන්ත්‍රයට සවිකර තිබෙන උපකරණයක් මගින් කිලෝ 1500ක කසළ බරක් ඔසවා යන්ත්‍රය තුළට දැමීමද යන්තානුසාරයෙන් සිදුවෙයි.
යන්ත්‍රය මගින් ප්රතිචක්රීයකරණය කරන ලද කසළ දිරිපත්වීම සහ දුඟද හැමීම පාලනය කිරීමට පරිසරයට හිතකර රසායනික ක්‍රමවේදයක්ද භාවිත කෙරේ.
තමන් විසින් නිපදවූ මෙම සුවිශේෂි යන්ත්‍රයට අවශ්‍ය අමතර කොටස් පල්ලේවෙල ලේත් මැෂින් ආයතනයේ අධිපති සම්පත් මහතා විසින් සකසා දුන් බවද සඳහන් කළ විකුම් සම්පත් යන්ත්‍රය ක්‍රියාකරවීම සඳහා ඉන්ධන ලීටර් 20ක් වැය වන බවත් “හයිඩ්‍රොලික්” ක්‍රමය තුළින් සේවකයන් දෙදෙනෙකු පමණක් යොදවා කසළ තොග ප්රතිචක්රීයකරණය කළ හැකි බවත් පවසයි.

මෙවැනි යන්ත්‍ර නිපදවා විශාල පිරිසකට රුකියා ලබාදීමටද තමන්ට හැකියාව ඇතැයි පවසන මෙම තරුණ කාර්මිකයා මීට කලකට ඉහතදී ගම්පොළ නගරය තුළ දෛනිකව එක්රැස්වන කසළ තොග ප්රතිචක්රීයකරණය සඳහා ටෙන්ඩරයක් ඉදිරිපත් කර එකී ටෙන්ඩරය ලබාගෙන ඇතත් පසුව එම යන්ත්‍රය යොදවා ගෙන ගම්පොළ ප්‍රදේශයේ කැළිකසළ අපද්‍රව්‍ය ප්රතිචක්රීයකරණය කිරීමට පියවර ගනිමින් සිටියදී ප්‍රාදේශීය දේශපාලනඥයන් කීප දෙනෙකු තමන්ට රුපියල් පනස්දහසක් සහ තිස්දහස බැගින් මුදල් අවශ්‍ය බවද පවසා තිබේ. ගම්පොළ ප්‍රදේශයේ දෛනිකව එක්රැස්වන කුණු කසළ වලින් තම සාක්කුවට මුදල් පුරවා ගැනීමට කැසකැවූ ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් කීප දෙනෙකු එක් වී තමාට ලබාදුන් ටෙන්ඩරය අතිහිටුවීමටද පියවර ගත් බවද කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය තම ගෙවත්තේ ගාල්කර තැබීමට සිදුවූ බවද මෙම තරුණ කාර්මිකයා ඉතා කණස්සල්ලෙන් පැවසීය.
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී නායක ප්රභාකරන් තම ගෝලයන් යොදවා තැනූ දැවැන්ත යුද ටැංකි වලට වඩා විශාල ලෙසත් ශක්තිමත් ලෙසත් විවිධ වානේ කොටස් යොදා නිර්මාණය කරවා ඇති මෙම යන්ත්‍රය ක්‍රියාත්මක තත්ත්වය ඉතා උසස් මට්ටමක පවතියි. තමන්ට ගම්පොල ප්‍රදේශයේ කැළිකසළ හා ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ටෙන්ඩරය ලබාදෙන්නේ නම් පුද්ගලයන් 35 දෙනෙකුට සෘජුවම රැකියාව ලබාදීමට තමන්ට හැකි බවද විකුම් සම්පත් මහතා පැවසීය.
මෙම අපූරු තරුණ කාර්මිකයා ෆයිනස් ගසේ කොළ (පත්‍ර) උපයෝගී කරගනිමින් ඉන්ධන නිපදවා එම ඉන්ධන මගින් ත්‍රීරෝද රථ පවා ධාවනය කරවීමට කටයුතු යෙදූ අතර එවන් අවස්ථාවන්හිදී ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරියකු එම ක්‍රියාදාමයට තහංචි පැනවූ බවද ඔහු අප හා කීය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් තමන්ට අවශ්‍ය සහාය ලබාදෙමින් උදව් කරන්නේ නම් රටම ගිලගත් කසළ අර්බුදයට අභියෝගාත්මකව තමන් විසඳුම් ලබාදෙසන බවද විකුම් සම්පත් මහතා පවසයි.
තමන්ට අයත් අක්කර 12ක පෞද්ගලික වත්තේ ප්රතිචක්රීයකරණ කටයුතු සඳහා කසළ රඳවා තබාගැනීමටද මෙම අපූරු මිනිසා අවංක සිතින් කැමැත්ත පළකරයි.
පොලිතින් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය උණු කිරීමට පවා හැකිවන ලෙස නිවපදවා තිබෙන මෙම යන්ත්‍රය මහමඟ ධාවනය කළ හැකි පරිදි බස් රියක චැසිය යොදාගෙන සකසා තිබේ.
අවංක චේතනාවෙන් රටේ පාරිසරික ප්රශ්නය පිළිබඳව අවබෝධයක් ඇති රාජ්‍ය අංශයේ ඕනෑම මැතිඇමැතිවරයෙක් රාජ්‍ය නිලධාරියෙක් ඉදිරිපත් වී තමාට සහාය ලබාදෙන්නේ නම් ඕනෑම පළාතක දෛනිකව එක්රැස්වන සියලු කුණු කසළ බාර ගනිමින් ප්රතිචක්රීයකරණය කිරීමේ හැකියාව තමන්ට තිබෙන බව විකුම් සම්පත් මහතා අවසාන වශයෙන් සඳහන් කළේය.
ඔහුගේ ලිපිනය සම්පත අඹකුඹුර, දොළුව, ගම්පොල. දුරකථන අංකය 072-4040843
♦ කතාව හා සේයාරූ
ජේ.ඒ.එල්. ජයසිංහ