2022 ජනවාරි 15 වන සෙනසුරාදා

රවී මකරයට අඟහරු ධනුවට දේශපාලනඥයන්ට අයහපත්

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 322

ග්‍රහ මණ්ඩලයේ රජු වූ රවි තමාට සතුරු රාශි භවනක් වූ සෙනසුරුට අයත් මකර රාශියට 2022 ජනවාරි 14 වැනි කිවි දින සවස 2 පසුවී විනාඩි 29ට සංක්‍රමණය වෙයි. 2022 පෙබරවාරි 13 වැනි ඉරු දින පාන්දර 3.00 පසුවී විනාඩි 27 දක්වා මකරයේ රවි ගමන් කරන අතර 2022 ජනවාරි 16 වැනි ඉරු දින සවස 4 පසුවී විනාඩි 30ට අඟහරු ග්‍රහයා තමාට මිත්‍ර රාශි භවනක් වූ ගුරුට අයත් ධනු රාශියට පිවිසේ. එසේ පැමිණ 2022 පෙබරවාරි 26 වැනි ශනි දින සවස 3 පසුවී විනාඩි 49 දක්වාම අඟහරු රාශියෙහි ගමන් කරනු ඇත.

රවි හා අඟහරු මාරුව අප රටට කෙසේ බලපායිද යන වග විමසා බලමු.

මෙම කාලවකවානුව තුළ පතල් ආශ්‍රිතව කටයුතු කරන අයට වාසිදායක වන අතර වටිනා මැණික් ඉල්ලම් මතුවනු ඇත. හදිසි අනතුරුවල වර්ධනයක් පවතින බැවින් රිය පැදවීම් කිරීමේදීත් මහමග ගමන් කිරීමේදීත් ඉතා කල්පනාකාරී වීමත් පරිස්සම් වීමත් වැදගත් වේ. බන්ධනාගාරවල යම් යම් අශුභ සිදුවීම් වාර්තා වීමත් විවිධ නීති විරෝධී ලෙස රැඳවියන් කටයුතු කිරීමත් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන්ට නොයෙක් චෝදනා එල්ලවීම්ද සිදුවන කාලයකි. දේශපාලන කටයුතුවල නිරත ප්‍රබලයින්ට ඉතා අයහපත් සිදුවීම්වලට මුහුණපෑමට සිදුවන අතර මන්ත්‍රීවරුන්ටද ඉතා අයහපත් කාලයකි. දේශපාලනඥයන් එකිනෙකාට විරුද්ධව විවිධ වූ ප්‍රකාශයන් සිදුකරමින් කටයුතු කරන කාලයක් වන අතර මෙම කාලය තුළ ප්‍රබල දේශපාලනඥයකුට ඉතා අයහපත් සිදුවීමකට මුහුණ දීමට හෝ ඉතා අශුභ මාරයක් ගෙන දෙනවා ඇත.

• මේෂ - කටයුතුවල දියුණුවක්

ඔබට යහපත් ඵල උදාවන අතර ඔබ කරන කටයුතුවල දියුණුවක්ද ඇතිවන කාලයක් වේ. තම සේවා ස්ථානයේ පැවති ප්‍රශ්න මගහැරී යන නමුත් යම් යම් කටයුතු ඉෂ්ඨ කර ගැනීමටද බාධාවන් ඇතිවනු ඇත. තාක්ෂණික ක්ෂේත්‍රවල නිරත වී සිටින අයට ඉතා යහපත් වේ.

• වෘෂභ - රාජ්‍ය අංශයෙන් උදව්

මිතුරන්ගෙන් ප්‍රශ්න ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම්වන්න. ඔබ කරන යම් යම් කටයුතුවලට බාධාවීම් ඇති වන මුත් රාජ්‍ය අංශයෙන් උදව් උපකාර සේවා බලාපොරොත්තු වන අයට යහපත් ඵල අත්වනු ඇත. තම දේ රුකගෙන කටයුතු කරන කාලයක් ද වේ.

• මිථුන - පවුලේ සමගියට බාධා

විශාල මුදල් යෙදවීම් කිරීමේදී ඉතා පරිස්සම් විය යුතු කාලයක් වේ. පවුල් දිවියේ සමගියට බාධාවීම් ඇතිවිය හැකි නිසා ඉවසිලිමත්ව කටයුතු කරන්න. ඇපකරවලට අත්සන් තැබීමේදී තමා අමාරුවේ වැටිය හැකි බැවින් ඒ ගැන දෙවරක් සිතා කටයුතු කරන්න.

• කටක - ස්ථාන මාරු

ඔබට එරෙහිව පැවති ගැටලු හා සතුරු කරදර පරාජය කිරීමට හැකිවන කාලයක් වේ. රැකියාවේ ස්ථාන මාරුවක් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තුද ඉෂ්ඨ කරගත හැකිවෙයි. ශරීරයේ ලේ විෂවීම් ඇතිවිය හැක.

• සිංහ - බොරු ආරංචි

හදිසි කේන්ති ගති පාලනය කරගත යුතු කාලයක් වේ. බොරු ආරංචිවලින් බියවීම් ඇතිවෙයි. මිතුරන්ගෙන් විවිධ ප්‍රශ්න පැනනගී. විරුද්ධ ලිංගික බැඳීම්ද ඇතිවන කාලයක් වේ. උදරය ආශ්‍රිත පීඩා ඇතිවනු ඇත.

• කන්‍යා - පපුවේ අමාරු

යම් යම් වැඩවල ප්‍රමාද ගති ඇතිවන අතර උරුම හිමිකම් ලබා ගැනීමට යහපත් වන කාලයක් වේ. විරුද්ධ ලිංගික බැඳීම්වලට ප්‍රශ්න හා බාධා ඇතිවනු ඇත. දේශපාලන කටයුතුවල නිරත අයට ශුභඵල අත්වෙයි. පපුව ආශ්‍රිත පීඩා ඇතිවනු ඇත.

• තුලා - තාක්ෂණයට හොඳයි

පිටස්තර ප්‍රශ්නවලට මැදි නොවී සිටිය යුතු අතර ඒවා තමා වෙත කැරකෙන කාලයක් වෙයි. සිතේ සහනය අඩුවනු ඇත. යම් යම් වැඩවලට නොබියව ඉදිරිපත් වන කාලයක් වන අතර තාක්ෂණික කටයුතුවල නිරත අයට ශුභඵල අත්වනු ඇත.

• වෘශ්චික - ශාරීරික පීඩා

තම දේ රැකගෙන කටයුතු කරන කාලයකි. ක්‍රීඩා කටයුතුවල නිරත අයට ශුභඵල ගෙනදෙනු ඇත. හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් පරිස්සම් විය යුතුයි.

• ධනු - තැන්පත් වැයවේ

උත්සාහයේ තරමට ප්‍රතිඵල අඩුවන කාලයකි. නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් පරිස්සම් වන්න. හදිසි කේන්ති ගති ඇතිවනු ඇත. තැන්පත් ධනය වියදම් වන කාලයක්ද වේ. ඇස්වල පීඩා ඇතිවනු ඇත.

• මකර - සතුරන් පසුබසී

බොරු ආරංචිවලින් බිය ඇතිවන අතර ඔබට එරෙහිව එන සතුරු උපද්‍රව මර්දනය කරගත හැකිවනු ඇත. අන් අය අතර ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීම නිසා ඇතැම් හිතමිතුරන් සිත් අමනාපකම්ද ඇතිකරගනු ඇත.

• කුම්භ - විදේශ ගමන්

රථවාහන ආශ්‍රිතව කටයුතු කරන අයට යහපත් වන අතර යම්කිසි ආරංචියක් නිසා නිකරුණේ ධන හානියක් වනු ඇත. ගමන්වලින් පරිස්සම් විය යුතු නමුත් විදේශ ගමන්ද යෙදෙනු ඇත.

• මීන - දේපල ලාභ

දේශපාලන කටයුතුවල නිරත අයට යහපත් වන අතර සේවා ස්ථානයේ පැවති ප්‍රශ්නද මගහැරී යන කාලයකි. අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වෙයි. අලුතින් ඉඩමක් වාහනයක් මිලදී ගැනීමකටද යහපත් කාලයක් වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්ෙය්ෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00