2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

කීර්තිමතුන්ගේ අභාවයන් ඉහළට

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 374

මෙම වසර තුළ සිදුවන අවසන් සූර්ය සංක්‍රාන්තිය 2021 දෙසැම්බර් මස 16 වැනි ගුරු දින අළුයම 03 පසුවී විනාඩි 44ට රවි ග්‍රහයා බ්‍රහස්පතිට අයත් ධනු රාශියට පිවිසීමත් සමඟ සිදුවෙයි. මෙම සංක්‍රාන්තිය සමයේ 2022 ජනවාරි මස 14 වැනි කිවි දින සවස 2 පසුවී විනාඩි 29 දක්වා රවි ධනු රාශිගතව ගමන් කරනු ඇත.

අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී ලංකාවට නොසිතූ ආකාරයේ බලපෑම් සිදුවන කාලයක් බවට පත්වනු ඇත. රාජ්‍ය පාලන කටයුතුවලට ක්ෂණික කරදර විපත් ගෙන දෙන අතර දේශපාලන කටයුතුවල නිරත අයට මෙන්ම සිටි අයටද ඉතා අයහපත් වූ සිදුවීම්වලට මුහුණදීමට සිදුවන අතර නොසිතූ ගැටුම්වලට මැදිවීමටද සිදුවේ. තවද යම් යම් හේතු මත ක්ෂණික විපත් මාරක ඇතිවීම්ද සිදුවෙයි. ජනයා අතරද රහසිගත කුමන්ත්‍රණ ක්‍රියාවන් හා හිංසාකාරී හැසිරීම්ද යම් යම් අපරාධ ක්‍රියාවන්ද සිදුවනවා ඇත.

වයස්ගත පුද්ගලයන්ගේ මෙන්ම රටට කීර්තිය අත්කර දුන් පුද්ගලයන්ගේ අභාවයන් අධිකව සිදුවන කාලවකවානුවක් වෙයි. එසේම විදේශීය රටවල් වෙත යන පිරිස්ද අධික වන සමයක් වනවා ඇත. නව කොවිඩ් ප්‍රභේදයක් රට තුළ සීඝ්‍රයෙන් දැඩි ලෙස ව්‍යාප්ත වීමේ හේතුවෙන් කොවිඩ් ආසාදිතයින් නොසිතූ ලෙස ඉහළ යන කාලවකවානුවක් බවට පත්වනු ඇත. මේ නිසා රටවැසියන් බොහෝ ප්‍රවේශමෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට යොමුවිය යුතු බව අවධාරණය කෙරේ.

• මේෂ - දුර ගමන්

ඔබට යහපත් ඵල අත්වනු ඇත. දුර ගමන් යාමට අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තුද ඉෂ්ට කරගත හැකිවන අතර තම දරැවකුගේ ජයග්‍රහණයක් වෙනුවෙන් සිතේ සතුටක් ඇතිවන කාලයක්ද වේ.

• වෘෂභ - ශරීර පීඩා

තමාගේ උත්සාහයේ තරමට ඵල අත් නොවන අතර තැන්පත් ධනයද වියදම් වී යන කාලයක්ද වනු ඇත. ගමන් බිමන්වලින් පරිස්සම් විය යුතු අතර හදිසි ශරීර පීඩාද ඇතිවන වකවානුවකි. යම් යම් වැඩවල ප්‍රමාද ගතිද ඇතිවනු ඇත.

• මිථුන - නීතිමය ගැටලු

ලියවිලිවලට අත්සන් තැබීමේදී පරිස්සම් විය යුතුය. නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීව වැඩ කරන්න.  ශරීරයේ උෂ්ණාධික ගති ඉහළ යාම හේතුවෙන් පීඩා ගෙන දෙනවා ඇත.

• කටක - ඇස් රෝග

ඔබට ඉටු කරගත නොහැකි වූ යම් යම් කටයුතු ඉටු කරගත හැකි වන කාලයක් වේ. ගමන්වලින් හදිසි ශරීර පීඩා ඇතිවිය හැකියි. ප්‍රවේසම් වන්න. ඇස්වල රෝගද ඇතිවනු ඇත.

• සිංහ - ඉතිරිය අඩුයි

ඔබගේ කටයුතුවල ප්‍රමාද ගති ඇතිවන අතර දේශපාලන කටයුතු වල නිරත අයට ශුභඵල අත්වනු ඇත. ලැබීම් මාර්ග ඇතිවුවද ඉතිරි කර ගැනීමට බාධා ඇතිවනු ඇත.

• කන්‍යා - කැපී පෙනේ

පිටස්තර ප්‍රශ්නවලට මැදි නොවී සිටිය යුතු කාලයකි. විවිධ ගැටලුවලට මුහුණදීමට සිදුවනවා ඇත. සේවා ස්ථානයේ පැවැති ප්‍රශ්න මගහැරී යනු ඇත. අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වන කාලයක්ද වේ.

• තුලා - නිර්මාණශීලී අදහස්

සිතේ සහනය අඩුවන කාලයක් වේ. නිර්මාණශීලී අදහස් ජනිත වනු ඇත. තාක්ෂණික අංශයේ නියුතු අයට යහපත් වේ. අධ්‍යාපනයේ නියැලී සිටින්නන්ට ඉතා යහපත් වන අතර තරගවලින් ජයද අත්කර ගත හැකි කාලයකි.

• වෘශ්චික - ප්‍රතිලාභ අඩුයි

තමාගේ උත්සාහයේ තරමට ලැබෙන්නා වූ ඵල අඩු වන්නාවූත් කාල සීමාවක් වේ. තැන්පත් ධනය යම් යම් අවශ්‍යතා වෙනුවෙන් වියදම් වනු ඇත. ඇස්වල රෝග පීඩාවක් ගෙන දෙනවා ඇත.

• ධනු - හිතවතුන් විරසක වේ

ඔබට යහපත් ඵල උදාවන අතර අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වනු ඇත. සේවා ස්ථානයේ පැවැති ප්‍රශ්න මගහැරී යන අතර යම් යම් හිතවතුන් තමාගේ කතාවන්ට අකමැති වීමත් විරසක වීමක් සිදුවන බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න.

• මකර - විදේශ ගතවීම්

විදේශ ගතවීමේ අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ට කරගත හැකිවන අතර තමාට එරෙහිව තිබූ සතුරැ උපද්‍රව පාලනය කරගත හැකි කාලයක්ද වේ. සතුන්ගෙන් ශාරීරික හානි ඇතිවිය හැකිය. ගංගා මුහුදුවල දියනෑම් කිරීමෙන් වැළකී සිටිය යුතු කාලයක්ද වේ.

• කුම්භ - හවුල් වැඩට හොඳයි

දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට ශුභඵල අත්වන අතර යම් යම් වැඩවල අතපසුවීම්ද සිදුවන කාලයක් වේ. හවුල් වැඩකටයුතු ආරම්භයටත් ඒවා ඉදිරියට ගෙනයාමටත් අවස්ථාව ලැබේ.

• මීන - සේවා උසස්වීම්

සේවා ස්ථානයේ පැවති ගැටලු මගහැරී යන අතර උසස්වීම් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ට කරගත හැකි වන්නාවුත් කාලයකි. තම දරැවන්ටද ඉතා ශුභඵල ගෙන දෙන කාලයක්ද වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්ෙය්ෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00