2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

වටිනා මැණික් මතුවේ

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 301

ග්‍රහ මණඩ්ලයේ සෙන්පති වූ අඟහරු සිකුරුට අයත් තුලා රාශියට 2021 ඔක්තෝබර් මස 22 වැනි කිවිදින පාන්දර 2 පසුවී විනාඩි 3ට පිවිසෙයි. 2021 දෙසැම්බර් 5 වැනි රවි දින පාන්දර 5 පසුවී විනාඩි 58 දක්වා අඟහරු මෙම තුලා රාශියෙහි ගමන් කරනු ඇත.

අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී භූමිය ආශ්‍රිතව හදිසි විපත් සිදුවන කාලයක් වේ. භූමියේ සෙලවීමක්ද නාය යෑමක්ද වාර්තා වනු ඇත. කාලගුණයේද අයහපත් තත්ත්ව මත කෘෂි භෝග විනාශවීම්ද ජල ගැලීම්ද ඇතිවන කාලයක් වේ. පතල් ආශ්‍රිතව කටයුතු කරන අයට ශුභඵල ගෙන දෙමින් වටිනා මැණික් හමුවන කාලයකි. මහජනතාව රජය ගැන දැඩි අප්‍රසාදය දක්වමින් ක්‍රියා කිරීම්ද උද්ඝෝෂණ වැඩ වර්ජනද වර්ධනය වන සමයකි.

රටට වැඩදායී සේවයක යෙදුණු ඉංජිනේරු හා වෛද්‍යවරුන් ආදීන්ට ඉතා අයහපත් වන අතර ඔවුන්ට මාරකද ඇතිවන කාලයක් වේ. අප රට තුළින් නව විද්‍යාත්මක සොයාගැනීමක්ද මේ දිනවල වාර්තා වනවා ඇත.

විදේශීය වශයෙන් විමසා බැලීමේදී ලෝක ආර්ථිකයේ අර්බුදකාරී තත්ත්වයන් තවදුරටත් වැඩිවන කාලයක් වන අතර ප්‍රධාන ව්‍යාපාර වසා දමන තත්ත්වයට පත්වනවා ඇත. භාණ්ඩ ප්‍රවාහනය කරන යාත්‍රාවක් අනතුරට පත්වීමක්ද ගිනි ගැනීමකට ලක්වීමක්ද සිදුවන වකවානුවක් වේ. විදේශ රටවල් අන් රටවල් සමග භේද භින්නවීම් හා ගැටුම් ඇතිකර ගැනීම්වලට මූලාරම්භයක් මෙම සමය තුළ ඇතිවෙනවා ඇත.

• මේෂ - ඉවසීමෙන් සැනසීම

ඔබට එතරම් යහපත් වකවානුවක් නොවනු ඇත. පවුල් දිවියේ සමගිය පළුදු වන කාලයක් වන අතර ඉවසීමෙන් කටයුතු කළ යුතුවේ. ව්‍යාපාරික කටයුතුවල නිරත අයටද ලාබ අඩුවන කාලයක් වන අතර හදිසි ශරීර පීඩාද ඇතිවන කාලයක් වේ.

• වෘෂභ - සතුරන් මර්දනය වේ

ඔබට එරෙහිව පැවතියා වූ සතුරු උපද්‍රව මර්දනය කරගත හැකි කාලයක් වේ. ඔබගේ කලාත්‍රයාට රෝග පීඩා ඇතිවන සමයකි. යම් යම් බොරු ආරංචි හේතුවෙන් බිය ඇතිවනවා ඇත.

• මිථුන - ලිංගික බැඳීම්

හදිසි කේන්ති ගති ඇති වන්නාවූත් කාලයක් වේ. විරුද්ධ ලිංගික බැඳීම් ඇතිවන කාලයක් වන අතර හිතමිතුරන්ගෙන් ප්‍රශ්න කරදර ඇතිවනවා ඇත. ශරීර පීඩා ඇතිවන කාලයක් වෙයි. මුත්‍රා ආශ්‍රිත පීඩාවක්ද ඇතිවනු ඇත.

• කටක - සේවා ප්‍රශ්න මගහැරේ

උරුම හිමිකම් ලබා ගැනීමට යහපත් වන අතර සේවා ස්ථානයේ පැවති ප්‍රශ්න මගහැරී යන කාලයක්ද වේ. ව්‍යාපාරික කටයුතුවල නිරත අයට පාඩු සිදුවීම්ද වේ.

• සිංහ - ගැටලු මගහැරේ

සහෝදර බැඳීම් පළුදු වන කාලයක් වේ. ඔබට එරෙහි සතුරු බලවේග මර්දනය කරගත හැකි කාලයක්ද වනු ඇත. සේවා ස්ථානයෙහි පැවති ප්‍රශ්නද මගහැරී යනු ඇත.

• කන්‍යා - නොබියව ඉදිරියට

තම දේපළ රැක ගැනීමට උත්සාහ දරන්නා වූ කාලයක් වේ. මිතුරන් නිසා යම් යම් ප්‍රශ්නවලට මැදිවීමට සිදුවනු ඇත. යම් සිදුවීම්වලට නොබියව ඉදිරිපත් වීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේ.

• තුලා - හදවත් පීඩා

හදිසි කේන්ති ගති ඇතිවන කාලයක්ද වන අතර උරුම හිමිකම් ලබාගත හැකිවනු ඇත. ව්‍යාපාර කටයුතුවල නිරත වී සිටින අයට ලාබ අඩුවනු ඇත. හෘදය ආශ්‍රිත පීඩා ඇතිවන වකවානුවකි.

• වෘශ්චික - පවුලේ ප්‍රශ්න

යම් යම් ආරංචි නිසා බියවීම් ඇතිවන කාලයක් වේ. ඔබට එරෙහිව පැවති සතුරු උපද්‍රව මගහරවා ගත හැකිවන අතර පවුල් දිවියේ ප්‍රශ්නද උද්ගතවනවා ඇත.

• ධනු - මුතු මැණික් ලැබේ

භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට ශුභඵල අත්වන අතර මුතු මැණික් ලබාගත හැකි වන කාලයක් වේ. යම් යම් හේතු නිසා ඔබගේ නම ප්‍රසිද්ධියට පත්වනවා ඇත.

• මකර - නව රැකියා හිමිවේ

සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ගැටලු නිමවේ. නව රැකියා අපේක්ෂාවන්ද ඉටුකර ගත හැකිවනු ඇත. උරුම හිමිකම්ද ලබාගත හැකිවනු ඇත.

• කුම්භ - බොරු ආරංචි

ඔබ බලාපොරොත්තු වන්නා වූ යම් යම් කටයුතුවලින් ලැබෙන ඵල අඩු වන කාලයක් වේ. ඔබට එරෙහි බොරු ආරංචි පැතිර යන්නාවූත් කාලයක්ද වේ.

• මීන - ලේ ආශ්‍රිත පීඩා

ඔබට අයහපත් ඵල උදාවන අතර හිතමිතුරන්ගෙන්ද ප්‍රශ්න කරදර ඇතිවන කාලයක් වේ. හදිසි ශරීර පීඩාද ඇතිවන අතර ශරීරයේ ලේ ආශ්‍රිත පීඩාවක්ද ඇතිවේ.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00