2021 ජුලි 24 වන සෙනසුරාදා

කුඩා දරුවන් හා කාන්තාවන් පරෙස්සමෙන්

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 232

2021 ජූලි මස 16 වැනි ඉරුදින සවස 4 පසුවී විනාඩි 54ට රවි ග්‍රහයා තමාට මිත්‍ර රාශි භවනක් වූ සඳුට අයත් කටක රාශියට පිවිසියේය. රවි ග්‍රහයා අගෝස්තු මස 17 වැනි කුජ දින පාන්දර 1 පසුවී විනාඩි 17 දක්වා එලෙස ගමන් කරමින් සිටියදී 2021 ජූලි 17 වැනි සඳු දින උදේ 9.26ට සිකුරු ග්‍රහයා තමාට සතුරු රාශි භවනක් වූ රවිට අයත් සිංහ රාශියට පිවිසෙයි. එම අගෝස්තු මස 11 වැනි බුධ දින උදේ 11 පසුවී විනාඩි 32 දක්වා ගමන් කරමින් සිටියදී ජූලි මස 20 වැනි කුජ දින සවස 5 පසුවී විනාඩි 54 රවිට අයත් සිංහ රාශියට අඟහරු තමාට මිත්‍ර රාශියට පිවිසෙයි. සැප්තැම්බර් 6 වැනි දින පාන්දර 4 පසුවී විනාඩි 1 දක්වා ගමන් කරමින්ද ජූලි 25 වැනි ඉරුදින බුධ ග්‍රහයා තමාට සතුරු රාශි භවනක් වූ සඳුට අයත් කටක රාශියට පිවිස 2021 අගෝස්තු 9 වැනි සඳු දින පාන්දර 1 පසුවී විනාඩි 34 දක්වා ගමන් කරනු ඇත.

රවි බුධ කුජ සිකුරු ග්‍රහයින් 4 දෙනාගේ මෙම ග්‍රහ ගමන අප රටට ඇති කරන්නා වූ බලපෑම පිළිබඳව විමසා බලමු.
බුධ හා සිකුරු සතුරු රාශිගත වීම නිසා අප රටට අයහපත් වූ බලපෑම් තව තවත් වර්ධනය වනු ඇත. විශේෂයෙන් මෙම කාල වකවානුව තුළ කුඩා දූ දරුවන් මෙන්ම කාන්තාවන්ද ඉතාමත් පරිස්සම් විය යුතු කාලයකි. පූජ්‍ය පක්ෂයේ අයට මෙන්ම නීති අංශයේ අයටද අයහපත් වන අතර රට තුළ පවුල් අතර සමගියට බාධා ඇතිවේ. විවාහ ජීවිත කැඩී බිඳී යාම්ද පවුල් ආරවුල් මත සිදුවන ඝාතනය කිරීම් හා සියදිවි නසා ගැනීම්ද ඉහළ ලෙස වාර්තා වන කාලයකි. රට තුළ විවිධ වූ අපරාධ ක්‍රියාවන් වර්ධනය වනවා ඇත. කුඩා දරුවන් මෙන්ම වැඩිහිටි අයද මෙම කාලය තුළ ගංගා මුහුදු වැනි ජලය පිරි ස්ථානවලට යාමේදී ඉතා පරිස්සම් විය යුතු අතර ඒ ආශ්‍රිතව මාරක ඇතිවීම්ද වර්ධනය වෙයි. පවතින කොරෝනා අවදානම් තත්ත්වය ඒ අයුරින්ම පැවතීමත් තව තව ජීවිත විනාශ වීමත් කුඩා දරුවන් අතරේද කොරෝනා රෝගය පැතිර යාමත් වාර්තා වන කාලයක් වේ. මේ සමය තුළ රට තුළ ලේ ආශ්‍රිත රෝගයක් පැතිර යනවා ඇත.

• මේෂ  - කලාවට හොඳයි
ඔබට අයහපත් නොවන නමුත් පිටස්තර අයගේ ප්‍රශ්නවලට මැදිහත් නොවී සිටිය යුතුයි. විරුද්ධ ලිංගිකයන් කෙරේ සිත් ඇදී යන වකවානුවක්ද වේ. කලා ක්ෂේත්‍රයේ කටයුතු කරන අයට ශුභඵල අත්වනු ඇත.

• වෘෂභ - නිර්මාණශීලී වැඩට සුබයි
ඔබගේ නිවසේ අලුත්වැඩියාවක් සිදුකිරීමට යහපත් කාලයක් වන අතර යම් යම් ප්‍රශ්න නිසා සිත් සහනය අඩුවනවා ඇත. නිර්මාණශීලී වැඩවල නිරත වී සිටින අයට ශුභඵල අත්වන කාලයකි.

• මිථුන - ආර්මාර්ථකාමී වේ
වැඩිපුර තමා ගැන සිතමින් කටයුතු කරන කාලයක් වන අතර තම තැන්පත් ධනය යම් යම් හේතු මත වියදම් වී යනවා ඇත. සහෝදරයන් අතර යම්කිසි සිත් බිඳීමක් තිබුණා නම් එම සිද්ධි මගහැරී යන කාලයක්ද වේ.

• කටක - ආර්ථික වාසි
තම දේ රුකගෙන කටයුතු කිරීමට පෙළඹෙන කාලයකි. නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. හදිසි ලැබීම්ද ආර්ථික වාසිද අත්වන කාලයක්ද වේ.

• සිංහ - ලේ දෝෂ රෝග
හදිසි කේන්ති ගති ඇතිවන කාලයකි. අවදානම් ස්ථානවල ගමන් කිරීමේදී පරිස්සම් විය යුතු අතර හදිසි ශරීර පීඩාද ඇතිවන කාලයකි. උණ රෝග සහ ලේ දෝෂ වලින්ද පරිස්සම් වීම වැදගත් වේ.

• කන්‍යා - භූමියෙන් ධනය
භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට ශුභ ඵල අත්වන අතර භූමියෙන් ලැබීමක්ද ඇතිවන කාලයකි. නිතර සතුටින් සිටීමට කාලය වැඩි වශයෙන් යොදන අතර විසිතුරු දේවල් මිලදී ගැනීම්ද සිදුකරනවා ඇත.

• තුලා - රථවාහන ලැබීම්
සේවා ස්ථානයන්හි පැවැති ප්‍රශ්න මගහැරී යනවා ඇත. තම උත්සාහය මත කටයුතු රුසක් සාර්ථක බවට පත් කරගන්නා කාලයක් වන අතර රථවාහන සම්බන්ධ හදිසි ලැබීම්ද ඇතිවන කාලයක් වේ.

• වෘශ්චික - හදිසි ලාභ
පතල් ආශ්‍රිතව කටයුතු කරන අයට ශුභඵල අත්වන අතර හදිසි ලැබීම් ඇතිවන කාලයක්ද වේ. වැඩිමහල් සහෝදරයන් සමග මතභේද ඇතිවන කාලයක් බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.

• ධනු - ආර්ථික අපහසුතා
ඔබගේ කාලත්‍රයාට අයහපත් ඵල ඇති වන අතර ආර්ථික අපහසුතාද මතුවේ. තැන්පත් ධනය වියදම් වී යන්නාවූත් කාලයකි. ශරීරයේ ලේ ඇසුරු කරගෙන පීඩාවන් ඇතිවනු ඇත.

• මකර - විවිධ බාධා
ඔබට මිතුරන්ගෙන් ප්‍රශ්න ඇතිවන කාලයක් වේ. හවුල් කටයුතුවලින් ඵල අත් නොවන කාලයකි. යම් යම් කටයුතුවලට විවිධ වූ පාර්ශ්වවලින් බාධාවන්ද ඇතිවනු ඇත.

• කුම්භ - ව්‍යාපාරවලට හොඳයි
ඔබගේ කාලාත්‍රයාට හදිසි ලෙඩ රෝග ඇතිවන කාලයකි. ගමන් වලින්ද හදිසි ශරීර පීඩා මතුවනු ඇත. පවුල් දිවියේ සමගිය ඇතිවන අතර ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ශුභ වේ.

• මීන - සතුරන් පරදී
දරුවන් ලැබීමට සිටින අය පරිස්සම් විය යුතු කාලයක් වේ. සතුරු පීඩා පරාජය කරගෙන කටයුතු කරනු ලබන කාලයක්ද වේ. යම් යම් කටයුතු අතපසුවීම්වලට ලක්වනු ඇත.

 

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්ෙය්ෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00