2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

තවත් වෛරස් රෝගයක් එළියට එයි

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 401

ග්‍රහ මණ්ඩලයේ බුද්ධිමතා වූ බ්‍රහස්පති තමාට නීච රාශි භවන වූ මකර රාශියට 2020 නොවැම්බර් මස 20 වැනි කිවි දින සවස 1 පසුවී විනාඩි 23ට පිවිස 2021 අප්‍රේල් මස 5 වැනි සඳු දින දක්වාම නීචව මකර රාශියෙහි ගමන් කරනු ඇත. එහිදී මකර රාශියෙහි ගමන් කරන සෙනසුරු සමග යෝගව බ්‍රහස්පති මෙලෙස ගමන් කිරීමක් මීට වසර 59කට පෙර එනම් 1961 පෙබරවාරි 10 වැනිදා සිදුවී ඇති බව ජ්‍යොතිෂ අතීතය කියයි. එහිදීද බ්‍රහස්පති සෙනසුරු සමග මකර රාශියෙහි යෝගව ගමන් කිරීමක් සිදුවිය.

බ්‍රහස්පති සෙනසුරු සමග මකර රාශිගතවීම අප රටට මෙන්ම ලෝකයටම අයහපත් වනු ඇත. අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී ඉතා අශුභ වූ කාල වකවානුවක් බවට පත්වන අතර දැනට පවතින කොරෝනා රෝග තත්ත්වයට අමතරව තව වෛරස් රෝග ව්‍යාප්තියක් ඇතිවෙයි. මේ නිසා කොරෝනා රෝග තත්ත්වයන් සමගම ඉතා දරුණු ලෙස ජන ජීවිත අවුල් කරමින් මිනිස් ජීවිත බිලි ගනිමින් මුළු රටම අවුල් සහගත තත්ත්වයකට පත්කරනවා ඇත. විශේෂයෙන්ම ප්‍රසිද්ධ චරිත ඇති අය මෙන්ම රාජ්‍ය ප්‍රධානීන්ට ධනවත් පුද්ගලයන්ට ඉතා අයහපත් වන අතර මාරක ද ඇතිවන කාලයක් වේ. භූමියට අයහපත් ඵල අත්වන අතර භූමියේ සෙලවීමක් මෙන්ම පතල් අනතුරු හා නිවාස ගොඩනැගිලි හදිසි කඩා වැටීම් ගිලා බැසීම්ද නායයෑම්ද ඇතිවේ. නාවික හමුදාවට මෙන්ම යුද්ධ හමුදාව සම්බන්ධයෙන් මෙන්ම පූජ්‍ය පක්ෂය හා නීති අංශ නිලධාරීන් කෙරෙහිද දැනට පවත්නා කොරෝනා වෛරස් තත්ත්වය ව්‍යාප්ත වීමත් රට තුළ ව්‍යාපාරික කර්මාන්ත අංශවල කඩාවැටීමක්ද ආර්ථික පසුබෑමක්ද වාර්තා වනවා ඇත. ආරෝග්‍ය ශාලාවල සේවය කරන සේවක මහතුන්ට ඉතා අයහපත් කාලයක්ද වන අතර ආරෝග්‍ය ශාලා රෝගීන්ගෙන් පිරී යාමත් මරණ ඉහළ යාමත් සිදුවීම නිසා රජයට දැඩි පීඩනයක් ඇතිවන කාලයක්ද වේ.

මේෂ - ආර්ථිකය අයහපත්

ඔබට අයහපත් නොවන නමුත් ආර්ථික අපහසුතා ඇතිවන කාලයක් බවට පත්වනු ඇත. වෛරස් රෝග අවදානම් වැළඳිය හැකි බැවින් මෙම වකවානුව පරිස්සම් විය යුතු කාලයක් වේ.

වෘෂභ - ප්‍රශ්න මගහැරේ

ඔබට අයහපත් නොවනු ඇත. අලුත් දේ ගැන අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබෙයි. සහෝදරයන් සමග යම් මතභේදයක් පැවතුනේ නම් එම ප්‍රශ්නද මගහැරී යන කාලයක් වේ.

මිථුන - ආර්ථික ගැටලු

ඉදිරිය අයහපත් වන අතර ආර්ථික ප්‍රශ්න ඇතිවන බැවින් මෙම වකවානුව තුළ ඉතා කල්පනාකාරීව කටයුතු කළයුතුය. වෛරස් රෝග තත්ත්වය වැළඳිය හැකි බැවින් ප්‍රවේසම් වන්න.

කටක - මුදල් පාඩු

අයහපත් නොවන නමුත් මුදල් පාඩු ඇතිවන බැවින් කල්පනාකාරීව වියදම් කරන්න. සහෝදර සහෝදරියන් අතර ප්‍රශ්න පැවතියේ නම් ඒවා මගහැරී යන කාලයක්ද වනු ඇත.

සිංහ - වෛරස් රෝග

ඔබට අයහපත් ඵල අත්වනු ඇත. මූල්‍ය පාඩු ඇතිවන අතර සතුන්ගෙන්ද ශරීර පීඩා මතුවන කාලයක් වේ. දරුවන් ලැබීමට සිටින අයද පරිස්සම් වීම වැදගත්වේ. මෙම කාලය තුළදී වෛරස් රෝග වැළඳිය හැකි බැවින් ප්‍රවේසම් වන්න.

කන්‍යා - උදව් උපකාර

ඉදිරිය අයහපත් නොවනු ඇත. ඔබගේ දැනුමට අලුත් දේ එක් කර ගැනීමට හැකියාව ලැබෙන අතර හිත මිතුරන්ගෙන් උදව් උපකාරද හිමිවන කාලයකි. අන් අය වෙනුවෙන් උදව් කිරීම්ද සේවය කිරීමටද පෙළඹෙන කාලයක් වේ.

තුලා - දුරබැහැර නොයන්න

එතරම් යහපත් සතියක් නොවේ. ඔබේ හිතවතුන්ගෙන් ප්‍රශ්න ඇතිවිය හැකි අතර මෙම කාල සීමාව තුළ ශරීර සෞඛ්‍ය ගැන පරෙස්සම් විය යුතුය. දුර බැහැර ගමන්වලින් වැළකෙන්න.

වෘශ්චික - පවුලේ සමගිය

ඔබට අයහපත් නොවනු ඇත. පවුලේ සමගිය ඇතිවන කාලයක් බවට පත්වන අතර නිර්මාණශීලී අදහස් ජනිත වන කාලයක්ද වේ. සමාජ සේවා කටයුතුවලට රුචි කරනවා ඇත.

ධනු - සතුරු පීඩා

ඔබට යහපත් නොවන බව පෙනේ. ආර්ථික ප්‍රශ්න ඇතිවන අතර සතුරු පීඩාද ඇතිවිය හැක. වියදම් සීමා කරන්න. කල්ගතවූ අසනීප ඇති අය විශේෂයෙන් පරෙස්සම් වන්න.

මකර - නීති ප්‍රශ්න

ඔබට අයහපත් නොවනු ඇත. නමුත් නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් පරිස්සම් විය යුතු අතර පවුල් දිවියේද සමගිය වර්ධනය වන කාලයක් වනු ඇත.

කුම්භ - ගමන් බිමන් පරිස්සමෙන්

අයහපත් වන කාලයක් වේ. ඔබ කරන කටයුතුවලට බාධාවීම් ඇතිවන අතර විශාල මූල්‍ය පාඩු ඇතිවීමත් සිදුවේ. ගමන් බිමන්වලදී පරෙස්සම් විය යුතු අතර දැඩි පරීක්ෂාවෙන් සිටින්න.

මීන - නිතර සතුටෙන්

‍යහපත් නොවන අතර හිත මිතුරන්ගෙන් උදව් උපකාරද අත්වන කාලයක් වේ. නිතර සතුටින් සිටීමට හැකිවන අතර සරල ජීවිතයකට යොමුවනවා ඇත. පවුල් දිවියේද සමගිය වර්ධනය වන කාලයකි.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00