2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

පෙරි පෙරි චිකන් - හොට් බටර් කට්ල් ෆිෂ් බටර් මිල්ක් පෑන් කේක්ස් - ක්ලැසික් ඔම්ලට් උදේ ඉඳන් රෑ වෙනකම්

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 96

ලන්දේසි රෝහල අසල Kaffeine By RE.PUB.LK වෙත වසර කිහිපයකට පසු ගොඩවුණා. ඔවුන් දැන් රාත්‍රී ආහාරයට පමණක් නොව උදෑසන ආහාරවේලේ සිට රාත්‍රී බීම දක්වාම ඔබට සේවය සපයනවා. නමුත් ඔවුන්ගේ මූලික අරමුණ රසවත් කෝපි කෝප්පයක් පිළිගැන්වීමයි.

රසවත් කෑම වේලකට, බීම වර්ගයකට, wifi සහ කතාබහකට සුදුසු වටපිටාවකට ප්‍රදේශයේ තිබුණු ව්‍යාපාරිකමය හිඩැස සඳහා තමයි ඔවුන් මේ අවන්හල විවෘත කරන්නෙ. ඉතාම සැලකිල්ලෙන් නිර්මාණය කළ දේශීය අමුද්‍රව්‍ය පදනම් කරගත් නමුත් ජාත්‍යන්තර මට්ටමේ මෙනුවක් ඔවුන් සතුයි.

Peri peri chicken, Hot butter cuttlefish ආදියෙන් ආරම්භයක් අරගෙන Butter milk pancakes, Egg benedict, The classic omelette ආදිය හෝ Sri Lankan breakfast එකක් උදේ ආහාරය සඳහා තෝරාගන්න ඔබට පුළුවන්. ප්‍රධාන ආහාර අතරින් chicken nasi goreng මගේ හිත දිනාගත්තත් penn pasta, kalu pol chicken pizza, southern fired chicken momo, chicken caesar salad ආදී ආහාර වර්ග බොහොමයක් මෙනුවේ අන්තර්ගතයි. සැබැවින්ම විශිෂ්ට මෙනුවක්.
බීම වර්ග දෙස අවධානය යොමු කළොත් ඔවුන් විශේෂ සැලකිල්ලක් දක්වන කෝපිවලට අමතරව capaccino, latte, iced milo සහ ඉඟුරැ තේ ඇතුළු ඕනෑම කෙනකුට ගැලපෙන බීම වර්ග මෙනුවක් මෙහි අන්තර්ගතයි.

හරිත සෞම්‍ය වටපිටාව, රසවත් ආහාර වගේම ලබා දෙන සේවාව RE.PUB.LK වෙත ඔබව නැවත නැවත ආකර්ශනය කරගනු නොඅනුමානයි. සැකයක් තියනවා නම් එක් වරක් පැමිණ chicken nasi goreng, butter milk pancake රස විඳින්න. ඔබ පුදුම වේවි.

 ධනූ
Life.lk ඇසුරින් 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00