2020 මාර්තු 07 වන සෙනසුරාදා

HIT TIPS

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 63

Love Sri Lankan Festival 2020

මේ සැණකෙළිය සංවිධානය කරන්නේ Mother Sri Lanka සංවිධානය. මාර්තු 14 සෙනසුරුදා විහාරමහාදේවි උද්‍යානය පැත්තට ආවොත් ඔයාලටත් විනෝද වෙන්න පුළුවන්. එදිනට ආහාර පාන, සාප්පු සවාරි, විවිධ ක්‍රීඩා, සංස්කෘතික අංග, නර්තනය, සංගීතය අතුළු  සතුට විනෝද සපිරි අංග රාශියක් ඔබ වෙනුවෙන් සංවිධානය වෙනවා.

ජන ගී පෙළහර මංගල්‍යය 2020

තුන්හෙළ ජන ගී කල්ලිය රසවත් වෙන ජන ගී පෙළහර මංගල්‍යය මාර්තු 9 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙනවා. ඔබ ජන ගීයට ආදරෙයි නම් ජන ගීය ප්‍රාසාංගිකව ඉදිරිපත් කරනවා බලන්න කැමති නම් එදින හවස 6ට විතර නෙළුම් පොකුණ පරීශ්‍රයට ගොඩවෙන්න.