2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

සියවසක් පැරණි බංගලාවක රැයක් ගතකරන්න කැමතිද? Morawaka Gurubeula Leisure

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 146

දකුණු පළාතේ උතුරු කෙළවරේ මොරවක කන්ද මුදුනේ අපූරු නවාතැන Gurubeula Leisure ගැනයි මේ. අක්කර 28ක Gurubeula වතුයායේ කාබනික ගොවිපළවල්, තේ හා රබර් වගාවන්, වැසි වනාන්තර ආදියෙන් වට වූ මේ භූමිය පරිසරයට ආදරය කරන සංචාරකයන්ට නිදහස් සාමකාමී තැනක්.

මෙහි තවත් විශේෂත්වයක් තමයි gurubeula බංගලාව. ශතවර්ෂයකට වඩා පැරැණි පරම්පරා 4ක් පමණ රැකගනිමින් එන මේ පැරැණි බංගලාව මැද මිදුලක් වටා කාමර 7කින් සමන්විතයි. නව කොටස තුළ තරු පන්තියේ නවාතැන් පහසුකම් සහිත කාමර හා ආහාර පාන ඇතුළත් වන අතර එය සුවපහසු සුඛෝපභෝගී නිවාඩුවකට අත්දැකීමක් ඔබට ගෙන දේවි. නවීන සම්මන්ත්‍රණ ශාලාවක් ද ඔවුන් සතුයි.

තිරසාර ගොවිතැනක් මෙන්ම ස්වභාවධර්මය සුරකින පරිසරයක සුවපහසු අත්දැකීමකට මේ අපූරු තෙත් කලාපයේ සුන්දර නවාතැන ඔබට මග සලසාවි. ඉතින් gurubeula වතු අත්දැකීමක් විඳගන්න ඔබත් එන්න.

සනත් වීරසූරිය
සේයාරූ : ශාන් බන්දු වීරසිංහ