2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

ලෝකෙම කුල්මත් කරන කිතුල්ගල ත්‍රාසය! Adventure base camp

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 244

මේ කතාව නම් ත්‍රාසජනක ක්‍රියාකාරකම්වලට කැමති ඔබටම ගැලපෙන ස්ථානයක් ගැනයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ කිතුල්ගල කියන්නෙ ලෝකයම දන්න විදිහට ආසියාවෙ water rafting වලට හොඳම ස්ථානය. ඉතින් මේ සුන්දර කැලණි ගඟ අසල ත්‍රාසජනක ක්‍රියාකාරකම්වලට අපූරැම තැනක පිහිටලා තියන Adventure base camp ගැනයි මේ.

Adventure base camp නමින් 2000 වසරෙදි ආරම්භ වෙලා British canoe union වෙතින් බලපත්‍රලාභිව 20 වසක් පමණ පුරාවට විශ්වාසයෙන් යුතුව ඔවුන් කටයුතු කරනවා.

AC, non AC, camping tent, dormitory ආදී විවිධ කාමර පහසුකම්වලින් සම්පූර්ණ වන අතර දේශීය විදේශීය ආහාර සහිත 300කට පමණ පහසුකම් සහිත අවන්හලක්, ගිනිමැල හා BBQ රාත්‍රීන් ආදී බොහොමයක් පහසුකම් සහිතයි.
Hiking, trekking, rafting වලට අමතරව නායකත්ව පුහුණු වැඩසටහන්, canyoneering ආදි ක්‍රියාකාරකම්වලටත් සහභාගි වෙන්න පුළුවන්. ඒ වගේමයි බලංගොඩ, ශ්‍රී පාදය, හොර්ටන් තැන්න, ලෝකාන්තය, නුවර, නුවරඑළිය ආදී සංචාරක ස්ථාන කරා ළඟවෙන්නත් පහසු ස්ථානයක්.

ඉතින් ක්‍රියාශීලි නිවාඩුවකට කැමති ඔබට නිස්කලංක ස්වභාව සෞන්දර්යයෙන් අනූන වටපිටාවක වික්‍රමාන්විත අත්දැකීම් තිළිණ කරන්නට ICAN Adventure Base Camp සූදානමින්.

සනත් වීරසුරිය 
සේයා රූ : ශාන්  බන්දු වීරසිංහ

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00