2023 මාර්තු 12 වන ඉරිදා

විශ්‍රාම වයස කල් දැම්මාට ප්‍රංශයේ මහා වර්ජනයක්!

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 74

රටේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ නැංවීම ඇතුළු ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ යෝජිත වෙනස්කම්වලට එරෙහිව අඛණ්ඩ විරෝධතාවක් දැන් ඒ රටපුරා පැතිර ගොස් තිබේ. මේ වනවිට මිලියන 1.28ක ජනතාවක් රටපුරා වැඩවර්ජනයකට සහභාගී වී ඇත. සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ, ජනවාරි 31 ප්‍රතිසංස්කරණයට එරෙහිව ඇති විරෝධතා දශක කිහිපයකට පසු විශාලතම  විරෝධය බවය.

ප්‍රතිසංස්කරණ පසුගිය වසරේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ නැවත තේරී පත්වීමේ ව්‍යාපාරයේ හදවත වූ නමුත් එය ගැඹුරින් ජනප්‍රිය නොවීය. මේ ක්‍රමය යටතේ විශ්‍රාම යන වයස අවුරුදු දෙකකින් හෙවත් 64 දක්වා වැඩි කිරීමට යෝජිතය. මෙම වෙනස ක්‍රමානුකූලව සිදුවන අතර 2030 දක්වා වසරකට මාස තුන බැගින් වැඩිවේ. නව විශ්‍රාමිකයින් සඳහා ශුද්ධ අවම වැටුපෙන් සියයට 85කට නොඅඩු අවම විශ්‍රාම වැටුප් ආදායමක් හෝ වර්තමාන මට්ටමින් මසකට දළ වශයෙන් යුරෝ 1,200ක් සහතික කෙරේ.

කම්කරු අමාත්‍යාංශයේ ඇස්තමේන්තුවලට අනුව, මෙම වෙනස්කම් හේතුවෙන් 2030 වනවිට වාර්ෂික විශ්‍රාම වැටුප් දායක මුදල වසරකට යුරෝ බිලියන 17.7 (ඩොලර් බිලියන 18.8) දක්වා  ඉහළ  යනු ඇත. තම වෘත්තීය ජීවිතය ඉක්මනින් ආරම්භ කරන්නට සිටින,   වෙහෙසකර රුකියාවල යෙදෙන නිපුණතා අඩු සේවකයන්ට මෙය අසාධාරණ සහ  අසමාන ලෙස බලපානු ඇති බවත් සේවක සංගම් කියයි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00