2023 මාර්තු 12 වන ඉරිදා

කොලොම්බියා ආදිවාසීන්ට විශේෂ ආරක්ෂාවක්!

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 110

කොලොම්බියාව සහ ඉක්වදෝරය දෙරට අතර දේශසීමා කලාපයේ සන්නද්ධ කණ්ඩායම්වල ප්‍රහාරවලින් ආදිවාසී ආවා ප්‍රජාවන් ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ අනතුරු ඇඟවීමේ පද්ධතියක් දියත් කර ඇත. 

පසුගියදා කොලොම්බියානු අගනුවර බොගෝටාහි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, දෙරටේ මානව හිමිකම් ඔම්බුඩ්ස්මන්වරු නව ක්‍රමය ප්‍රකාශයට පත් කළහ. එය සැලසුම් කර ඇත්තේ සිදවිය හැකි ප්‍රහාර පිළිබඳව සෑම රටකම රජයේ සහ හමුදා නිලධාරීන්ට අනතුරු ඇඟවීම සඳහාය.

ඉක්වදෝරයේ සහ කොලොම්බියාවේ දේශසීමා ප්‍රදේශයේ ජීවත්වන මහා ආවා පවුලේ සාමාජිකයින් 29,000 කට ආසන්න පිරිසකට එරෙහිව නීති විරෝධී සන්නද්ධ කණ්ඩායම් මගින් සිදුවන සංවිධානාත්මක අපරාධ හේතුවෙන් මේ පියවර ගැනීමට කටයුතු කර තිබේ.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00