2023 පෙබරවාරි 26 වන ඉරිදා

පාකිස්ථානයේ පළාත් දෙකකට මැතිවරණයක් !

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:00 52

පාකිස්ථානයේ පළාත් දෙකක මැතිවරණය අප්‍රේල් මස 09 වැනිදා පැවැත්වීමට එරට ජනාධිපති අරීෆ් අල්වි මහතා ඒකමතික තීරණයක් ගෙන තිබේ.

ඡන්ද කල්තැබීමේ මැතිවරණ කොමිසමේ උත්සාහය නොතකා එරට ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත. පාකිස්ථාන මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබුණේ මෙම ප්‍රාන්ත දෙකෙහි මැතිවරණය පැවැත්වීම සඳහා පාකිස්ථාන රුපියල් බිලියන 15ක මුදලක් අවශ්‍ය බවයි. නමුත් මුදල් අමාත්‍යංශය පවසා තිබුණේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම මුදල් ලබාදිය නොහැකි බවයි. ප්‍රමාණවත් පරිදි මුදල් නොමැති බවට මුදල් අමාත්‍යාංශය මැතිවරණ කොමිසමට දැනුම්දීමත් සමග පාකිස්ථානයේ ප්‍රාන්ත මැතිවරණ පැවැත්වීම පසුගිය සමයේ දිගින් දිගටම කල් ගොස් තිබුණි.