2023 ජනවාරි 22 වන ඉරිදා

ආසියාවේ ධනවත්ම නළුවා සුපිරි නළු ෂාරුක් ඛාන්!

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 110

ලොව ධනවත්ම නළුවන් දස දෙනාගේ නවතම ෆෝබ්ස් ලැයිස්තුවට අනුව බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් ආසියාවේ ධනවත්ම නළුවා බවට පත්වී ඇත. ඔහු ලෝකයේම 4 වැනියාය. ලොව ධනවත්ම නළුවන් දසදෙනාගේ ලැයිස්තුවට ඇතුළත් එකම ඉන්දීය නළුවා ද ෂාරුක්ය.

චරිතාංග නළුවකු, චිත්‍රපට නිෂ්පාදකයකු සහ ව්‍යාපාරිකයකු වන ෂාරුක්ගේ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 770ක් බව එම ලැයිස්තුවේ සඳහන් වේ.

ටොම් කෘස් සහ ජැකී චෑං වැනි හොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවන් සිටින්නේද ෂාරුක්ට වඩා පසුපසිනි. ඩොලර් මිලියන දහසක වත්කමක් සහිත අමෙරිකාවේ සුපිරි විකට නළු ජෙරී සයින්ෆෙල්ඩ් සහ ටයිලර් පෙරී එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවන අතර, ඩොලර් මිලියන අටසියයක වත්කමකට හිමිකම් කියන අමෙරිකානු සටන් නළු ඩ්වේන් ජොන්සන් තුන්වැනි තැනට පත්ව සිටී.