2022 නොවැම්බර් 20 වන ඉරිදා

ලෝක ජනගහණය බිලියන 8ක් !

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 72

2022 නොවැම්බර් මස 15 වැනිදා ලෝක ජනගහණය බිලියන 8 සම්පූර්ණ කළේය. එදින  අලුයම 1.29ට පිලිපීනයේ මැනිලා නුවර රෝහලක උපන් විනිසි මබන්සාග් නමැති සිඟිත්තිය ලොව බිලියන අට සම්පූර්ණ කළ පුද්ගලයා බවට සංකේතාත්මකව පිළිගනු ලැබිණි.

ලෝක ජනගහණයේ 7 වැනි බිලියනය 2010 වසරේදී සටහන් වී ඇත. ඊළඟ බිලියනය ලොවට එකතු වීමට ගත වී ඇත්තේ වසර 12ක් පමණි. ජනගහණය 1950 වසරේ සිට මන්දගාමීව වර්ධනය වූ අතර, එය 2020 වසරේ දී 1% කට වඩා අඩු අගයක පැවති බව එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන් වේ. ඔවුන්ගේ ඇස්තමේන්තුවලට අනුව ගෝලීය ජනගහණය 2030 වසරේ දී බිලියන 8.5 දක්වා, 2050 වසරේ දී බිලියන 9.7 දක්වා සහ 2100 වසරේ දී බිලියන 10.4 දක්වා ද වර්ධනය විය හැකිය.
2022 වසරේදී වඩාත්ම ජනාකීර්ණ කලාප දෙක වාර්තා වන්නේ ආසියාවෙනි. ඒ බිලියන 2.3 ක ජනතාව සිටින නැගෙනහිර සහ අග්නිදිග ආසියාව සහ බිලියන 2.1 ක ජනතාව සහිත මධ්‍යම සහ දකුණු ආසියාවයි.

බිලියන 1.4 කට වැඩි සංඛ්‍යාවක් සිටින චීනය සහ ඉන්දියාව මෙම කලාප දෙකේ ජනගහණයෙන් වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන බව එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන් වේ.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00