2022 ජුනි 19 වන ඉරිදා

ලොව විශාලතම මීතේන් කාන්දුව රුසියාවෙන්

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 150

ලොව විශාලතම මීතේන් කාන්දුව රුසියාවේ ගල් අඟුරු ආකරයකින් සිදුවන බව සොයා ගෙන ඇත. ගල් අඟුරු බලාගාර පහකට සමාන කාබන්ඩයොක්සයිඩ් පිටකරන රුසියාවේ විශාලතම ගල් අඟුරු ආකරය වන Kemerovo Oblast හි Raspadskaya පතලෙන් එන එම කාන්දුව කැනඩාව පදනම් කරගත් වාණිජ චන්ද්‍රිකා නිරීක්ෂණ සමාගමක් වන GHGSat හි දත්තවලට අනුව සොයාගෙන ඇත.

එම ප්‍රභවය සොයාගත් ජනවාරි මාසයේදී පැයකට මීතේන් ටොන් 90 ක් පමණ පතලෙන් මුදාහරින ලද බව දත්ත මගින් සනාථව ඇත. රුසියාවේ විශාලතම ගල් අඟුරු ආකරය වන Kemerovo Oblast හි Raspadskaya පතලෙන් එන කාන්දුව, GHGSat විසින් 2016 හි ගෝලීය චන්ද්‍රිකා නිරීක්ෂණ ආරම්භ කළ දා සිට දැක ඇති වෙනත් කාන්දුවීම්වලට වඩා 50%ක් පමණ විශාලය. එය මෙතෙක් වාර්තාගත ඕනෑම කාන්දුවකට වඩා විශාල බව විශ්වාස කරයි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00