2022 මැයි 08 වන ඉරිදා

පිලිපීන මහ පුටුව නැවතත් මාර්කොස් පවුලට

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 230

පිලිපීනයේ මහ පුටුව නැවතත් මාර්කොස් පවුලට හිමිවන ලකුණු පහළ වී තිබේ. පිලිපීන ජනාධිපති අපේක්ෂකයින් මේ සතියේ අවසන් මැතිවරණ රුස්වීම් පැවැත්වීමට නියමිතය. මේ වනවිට ඉදිරි සඳුදා ජනාධිපතිවරණ සටන පෙරටුගාමී ෆර්ඩිනන්ඩ් මාකෝස් කනිෂ්ඨ සහ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ලෙනී රොබ්‍රෙඩෝ අතර ද්වන්ධ-සටනක්    බවට හැඩගැසී හමාරය.

දශක දෙකක් තිස්සේ රට පාලනය කළ නෙරපා හරින ලද ඒකාධිපතියා වන මාර්කෝස්ගේ පුත්‍රයා මේ වනවිට සිය පරම්පරා නමට වැදුණු කළු පැල්ලමද තිබියදීම, මැයි 9 වැනිදා පැවැත්වෙන්නට නියමිත ඡන්ද විමසීමෙන් වත්මන් උප ජනාධිපතිනි  රොබ්‍රෙඩෝට වඩා පුළුල් ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා ලකුණු දැනටමත් පහල වී හමාරය.

ඉතිහාසය නැවත ලිවීමට මාර්කෝස් උත්සාහ කරන බවට විවේචකයින් චෝදනා කරන අතරම, දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ ඔහුගේ පවුල පිළිබඳ මහජන මතය වෙනස් කිරීමට ඔහුගේ පියාගේ පාලනය අවසන් කර වසර 36 කට පසු කනිටු ෆර්ඩිනන්ඩ් මාකෝස් දැඩි ප්‍රයත්නයක් දරන බවටය.

ස්වාධීන මත විමසුම්කරැ Pulse Asia විසින් අප්‍රේල් මැද භාගයේදී කරන ලද සමීක්ෂණයකින් පෙන්නුම් කළේ ප්‍රතිචාර දැක්වූවන් 2,400ක් අතරින් 56%ක්  මේ කාලය තුළ මැතිවරණය පැවැත්වුවහොත් තමන් මාකෝස්ට ඡන්දය දෙන බව පවසා ඇති බවය. ඒ අතර 23෴ක් රොබ්‍රෙඩෝට සහාය දෙන බව ප්‍රකාශ කර ඇත.

1986දී මාර්කෝස්ගේ පියා නෙරපා දැමීම සඳහා වීදි බැස ඇති ව්‍යාපාරය සමඟ රොබ්‍රෙඩෝගේ සම්බන්ධය දැඩිව සිටීමත් සමඟ මේ දෙදෙනා අතර දැඩි එදිරිවාදිකමක් මතුව ඇත. රොබ්‍රෙඩෝ ඇගේ මෑතකාලීන ප්‍රචාරක රුලිවලට දස දහස් ගණනින් මිනිසුන් ආකර්ෂණය කරගෙන ඇත. 64 හැවිරිදි මාර්කෝස් පවසා ඇත්තේ ඡන්ද විමසීමේදී ඔහුගේ ප්‍රබල පෙනුම ජයග්‍රහණය සහතික කිරීමට බලපෑමක් වනු ඇති බවය.

1986දී, මහජන නැගිටීමක් නිසා මාර්කෝස්වරැන්ට හවායි වෙත පිටුවහල් වීමට බල කෙරැණි. නමුත් ඒ වනවිටත් ඔවුන් බලයේ සිටි දශක දෙකකට වැඩි කාලය තුළ රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ඩොලර් බිලියන 10ක් කොල්ල කා තිබුණි. එයින් බොහෝමයක් කිසිදා අයකර ගැනීමට නොහැකි විය. මේ නිසාම  පිලිපීනයේ ඇතැමෙකුට, මාකෝස් නම ම්ලේච්ඡත්වය, දූෂණය සහ සොරකම සඳහා අතුරැ වචනයකි. ඒත්  තවත් සමහරැ එම  පවුලට දැඩි ලෙස පක්ෂපාතීව සිටිති.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00