2022 ජනවාරි 08 වන සෙනසුරාදා

හයිටි අගමැති ඝාතන තැත!

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 87

හයිටියේ නිදහස සැමරීමට පසුගිය සෙනසුරාදා පැවති උත්සවයක් අතරතුරදී එරට  අගමැතිවරයාට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. හයිටි අගමැති ඒරියෙල් හෙන්රි ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පිරිසක් විසින් දෑරු උත්සාහයක් ලෙස එරට බලධාරීන් මෙය හඳුන්වා දී ඇත.

උතුරු හයිටියේ ගොනයිව්ස් නම් නගරයේ දේවස්ථානයක පැවති උත්සවයක් අතරතුරදී අදාළ වෙඩිතැබීම සිදුකර තිබුණි. සමාජ මධ්‍යයේ සංසරණය වෙමින් තිබූ වීඩියෝවක දැක්වෙන්නේ අගමැතිවරයාගේ වාහන පෙළට දරුණු වෙඩි ප්‍රහාරයක් එල්ල වන ආකාරයයි.

පසුගිය ජූලි මාසයේදී එරට ජනාධිපති ජෝවෙනෙල් මොයිසේව ඔහුගේ නිවසේ නිදන කාමරය තුළදීම ඝාතකයින් කණ්ඩායමක් විසින් වෙඩිතබා මරාදැමීය. අනතුරුව එරට ආරක්ෂක තත්ත්වය ව්‍යාකූල වී තිබේ. මේ වනවිට හයිටිය තුළ විවිධ මැර කණ්ඩායම් බලවත් වී සිටින අතර ඔවුන් විසින් පුද්ගලයින් පැහැරගැනීම සහ රට තුළ ගෑස් බෙදාහැරීමේ කටයුතු බලයෙන් අල්ලාගෙනද තිබේ.