2022 ජනවාරි 08 වන සෙනසුරාදා

මෝදි පාලමක් මත සිරවෙයි

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 120

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පන්ජාබ්හි ෆෙරොසෙපූර් නම් ප්‍රදේශයේ සංවිධානය කර තිබූ උත්සවයකට පැමිණෙමින් සිටියදී ඔහු ගමන් කරමින් සිටි රථ පෙළට උද්ඝෝෂකයින් පිරිසක් බාධා කර ඇත. ඒ හේතුවෙන් නරේන්ද්‍ර මෝදි පාලමක් මත සිරගතවිය.

අදාළ උත්සවයට ඉන්දීය අගමැතිවරයා හෙලිකොප්ටරයකින් යාමට නියමිතව සිටියද අයහපත් කාලගුණය හේතුවෙන් එම ස්ථානයට මෝටර් රථයෙන් යාමට තීරණය කර තිබුණි. එසේ යන අතරතුරදී ගුවන් පාලමක් මතදී එම අකරතැබ්බට මුහුණ දී තිබුණි.  ඔහුගේ මෝටර් රථ පෙළ නැවැත්වීමට ආරක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබුණේ ගොවීන් පිරිසක් මාර්ගය ආසන්නයේ උද්ඝෝෂණයක් අරඹා තිබූ හෙයිනි. ඒ හේතුවෙන් ඇතිවූ රථවාහන තදබදය හේතුවෙන් ඉන්දීය අගමැතිවරයාට ගුවන් පාලම මත විනාඩි 20ක පමණ කාලයක් රැඳී සිටීමට සිදුවී ඇත.

එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ එම “ආරක්ෂක අඩුපාඩුව” හේතුවෙන් අදාළ උත්සවය අවලංගු කළ බවය. එම සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් සපයන ලෙසත් ඊට වගකිවයුතු පාර්ශ්ව ගැන දැඩි තීරණ ගන්නා ලෙස ප්‍රාන්ත රජයට අමාත්‍යංශය විසින් දන්වා තිබේ.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00