2022 ජනවාරි 08 වන සෙනසුරාදා

ලෝක න්‍යෂ්ඨික ලොක්කෝ එකඟතාවක

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 113

හමුදාමය ගැටුම් වළක්වා ගැනීම, ස්ථාවරත්වය සහ පුරෝකථනය කිරීමේ හැකියාව ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය වැඩිකිරීම සහ කිසිවෙකුට ප්‍රතිලාභයක් නොවන සහ සියල්ලන්ටම අනතුරක් නොවන අවි තරගය වැළැක්වීම සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයන් දිගටම සොයන බවටද න්‍යෂ්ටික අවි සහිත රාජ්‍ය පහේ නායකයින් එකඟ වී ඇත.

ඒ එකඟතාව සිදුවූයේ ලෝකයේ න්‍යෂ්ටික අවි ඇති ප්‍රබල රාජ්‍යයන් 5ක් වන චීනය, ප්‍රංශය, රුසියාව, බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය න්‍යෂ්ටික යුද්ධය වැළැක්වීමට සහ අවි තරගවලින් වැළකී සිටින බවට විශේෂ ප්‍රතිඥාවක් ලබාදීමත් සමගිනි.
සිය න්‍යෂ්ටික අවි කිසිවකින් එකිනෙකා හෝ වෙනත් රාජ්‍යයක් ඉලක්ක කර ගන්නේ නැති බවත් න්‍යෂ්ටික යුද්ධයක් ජයගත නොහැකි අතර, කිසිදා සටන් නොකළ යුතුය යන එකඟතාවටත් මේ රාජ්‍යයන් පැමිණ තිබුණි.

න්‍යෂ්ටික අවි අනවසරයෙන් හෝ අනපේක්ෂිත ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහා ඔවුන්ගේ ජාතික ක්‍රියාමාර්ග පවත්වාගෙන යාම සහ තවදුරටත් ශක්තිමත් කිරීමේ අභිප්‍රාය රටවල් පහ විසින් ප්‍රකාශ කරන ලද අතර න්‍යෂ්ටික අවි සිය ආරක්‍ෂක අරමුණු සඳහා සේවය කළ යුතු අතර, න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක අවසාන ඉලක්කය සමග නිරායුධකරණයේ ප්‍රගතිය සඳහා වඩාත් හිතකර ආරක්ෂක පරිසරයක් නිර්මාණය කිරීමට සියලු රාජ්‍යයන් සමග කටයුතු කරන බවටද නායකයෝ ප්‍රතිඥා දී තිබෙනවා.