2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

තෙල් මිල බස්සන්න අමෙරිකාවෙන් තෙල්!

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 111

වෙළඳපලේ ඉන්ධන මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් ලෝක වෙළඳපළ වෙත හදිසි ඉන්ධන සංචිත මුදාහැරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පියවර ගෙන ඇත.

අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව සතු උපායමාර්ගික ඛනිජ තෙල් සංචිතයෙන් ඉන්ධන බැරල් මිලියන 50ක් ඒ අනුව ජෝ බයිඩ්න්ගේ නියෝගය පරිදි ලෝක වෙළඳපල වෙත නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි ධවල මන්දිරය නිවේදනය කළේය.වෙළඳපල ඉලක්ක කර අමෙරිකාව සිදුකළ විශාලතම ඉන්ධන මුදා හැරීම මෙයයි.

වැඩිකාලයක් ගතවීමට පෙර ගෑස් මිල පිළිබඳ ගැටලුවටද විසඳුම් ගෙන එන බවත්,  ගෑස් මිල ඉහළ යාමේ ගැටලුවට එක රැයකින් විසඳුම් ගෙන ඒමට නොහැකි බවත්,  අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබේ.

ධවල මන්දිරය කියන්නේ චීනය, ඉන්දියාව, එක්සත් රාජධානිය, ජපානය සහ දකුණු කොරියාව ඇතුළු ප්‍රධාන වශයෙන් ඉන්ධන භාවිත කරන රටවල් සමඟ සම්බන්ධීකරණය කිරීමෙන් අනතුරැව තෙල් සංචිත මුදා හැරීමේ තීරණයට එළඹුනු බවය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00