2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

බෙලරූස් සංක්‍රමණික අර්බුදය!

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 149

බෙලරූස් දේශසීමාවෙන් පෝලන්තය හරහා යුරෝපයට ඇතුළුවන සංක්‍රමණිකයින් හේතුවෙන් හටගත් අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස බෙලරූස් රාජ්‍යයට එරෙහිව සම්බාධක පැනවීමට යුරෝපා සංගමය තීරණය කර ඇත.
පෝලන්තය හා ලිතුවේනියාව හරහා යුරෝපයට ඇතුළුවිම සඳහා සංක්‍රමණිකයින් විශාල පිරිසක් කුඩා දරුවන්ද සමගින් මේවනවිට බෙලරූස් රාජ්‍යයේ දේශසීමාව අසල රැඳී සිටිති. ඒ අධික ශීත කාලගුණය මධ්‍යයේයි. එම සංක්‍රමණිකයින් අතරින් බොහෝ පිරිසක් ඉරාක හා ඇෆ්ගනිස්තාන වැසියෝ වෙති.

මීට පෙර භාවිත නොකළ මාර්ග හරහා ඔවුන් බෙලරූස් රාජ්‍යයේ සිට යුරෝපයට ඇතුළුවන බවට මේ වනවිට චෝදනා එල්ල වී ඇත. මෙම ක්‍රියාකලාපය යුරෝපයේ ආරක්ෂාවට තර්ජනයක් බවට යුරෝපා සංගමය චෝදනා කරයි. කෙසේ වෙතත් සංක්‍රමණිකයින් ඇතුළුවීම වළක්වාලමින් පෝලන්තය මේ වනවිට සිය දේශ සීමාවේ ආරක්ෂාව තරකර තිබෙනවා. බෙලරූස් රාජ්‍යයට එරෙහිව ආකාර 05 කින් සම්බාධක පැනවීමට යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරුන් එකඟත්වයට පැමිණ ඇත. ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණයට ඉදිරි දින කිහිපයේදී එළැඹීමට නියමිතය. 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00