2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

ෆේස්බුක් වෙනස අතර ට්‍රම්ප්ගෙන් සමාගමක්

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 102

ෆේස්බුක් සමාගම සිය නම වෙනස් කිරීමට තීරණය කර ඇත. අදාළ නව නාමය සම්බන්ධ නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතව ඇත්තේ, ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ගේ ප්‍රධානත්වයෙන්, ඔක්තෝබර් 28 වැනිදා පැවැත්වෙන වාර්ෂික සමුළුවේදීය. ෆේස්බුක් සමාගම විවිධාංගීකරණය සිදුකිරීම යටතේ එසේ නම වෙනස් කිරීමට තීරණය කර ඇත. ඒ, අනුව ෆේස්බුක් යෙදවුම, එම ආයතනය යටතේ ඇති සෙසු යෙදවුම් වන ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප් වැනි යෙදවුම් මෙන්ම සාමාන්‍ය යෙදවුමක් ලෙස සැලකෙනු ඇත.

ෆේස්බුක් සමාගම සඳහා නව නම් කිහිපයක් යෝජනා කිරීමට ලොවපුරා පරිශීලකයින් කටයුතු කරමින් සිටි අතර ඒ යටතේ රෝමය, බර්ලීන්, මොස්කව්, පැරිසිය, ග්ලාස්ගෝව් හා හොංකොං යන රටවල සිදුකළ සමීක්ෂණවලදී නම් කිහිපයක්ම ඉදිරිපත් වී තිබුණි. ඉන්, “ඕල්ඩ් පීපල්ස් ඇප්” (Old People’s App), “එස්පියනාජේ බුක්” (Espionage Book) එනම් ඔත්තු බැලීමේ පොත සහ “ෆේස්ටග්‍රෑම්” (Facetagram) යන නම්වලට වැඩි කැමැත්තක් පළවී ඇති බව වාර්තා විය. ‍

මේ අතර අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව සමාජ මාධ්‍ය ජාලයක් අරඹන බව කියා ඇත. එය “TRUTH Social” ලෙස නම්කර තිබේ. ට්‍රම්ප් පවසන්නේ සුවිසල් තාක්ෂණික සමාගම්වල කුරිරුකම්වලට එරෙහිව නැගී සිටීම සඳහා එම සමාජ මාධ්‍ය ජාලය නිර්මාණය කරන බවය.

අමෙරිකාවේ කැපිටෝල් ගොඩනැගිල්ල පසුගිය ජනවාරි මාසයේදී ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විසින් බලෙන් ඇතුළුවීමෙන් අනතුරැව ට්‍රම්ප්ගේ ගිණුම් අත්හිටුවීමට ට්විටර් සහ ෆේස්බුක් ක්‍රියා කළේය. ඊට ප්‍රතිචාර වශයෙන් ට්‍රම්ප් සහ ඔහුගේ උපදේශකයින් පැවසුවේ ඔවුන්ද සමාජ මාධ්‍ය ජාලයක් නිර්මාණය කරන බවය.