2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

පාකිස්තානයේ ප්‍රබල භූ කම්පනයක්!

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 26

පාකිස්ථානයේ බල‍කිස්තාන් පළාතේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇත. එහි අගය රිච්ටර් මාපාංක 5.7ක අගයක් ගෙන තිබේ. බල‍කිස්තාන් ප්‍රාන්තයේ ක්වටා නගරයට කිලෝමීටර් 100ක් දුරින් පිහිටි හර්නායි දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් භූමිකම්පාව ඇතිව තිබේ.

මෙම භූ කම්පනය හේතුවෙන් 30කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර එරට ආපදා කළමනාකරණ නිලධාරීන් පවසා ඇත්තේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර අවම වශයෙන් පුද්ගලයන් 150 දෙනකුවත් තුවාල ලබා ඇතැයි සදහන් වේ. සුන්බුන්වලට යටවී සිටින පිරිස් බේරාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ. මේ නිසා මියගිය පිරිස සහ තුවාල ලැබූ පිරිස තවදුරටත් ඉහළ යා හැකි බව පාකිස්ථාන බලධාරීහු කියති.

අදාළ ප්‍රදේශයේ මාර්ග අවහිර වී තිබීම හේතුවෙන් බේරාගැනීමේ කණ්ඩායම්වලට එම ප්‍රදේශයට යාමට අසීරු වී ඇත.