2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

පැන්ඩෝරා හෙළිදරව්ව!

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 51

ලොව පුරා සිටින රාජ්‍ය නායකයන්, දේශපාලනඥයන්, ධනවතුන් සහ බලවත් පුද්ගලයන් ලොවට හෙළි නොකර පවත්වාගෙන ගිය සෙසු රහස් මූල්‍ය වත්කම් සම්බන්ධයෙන් ගවේෂණාත්මක හෙළිදරව්වක් "ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය" පසුගියදා සිදු කළේය. ලොව පුරා කැළඹීමක් ඇති කළ එය හැඳින්වූයේ පැන්ඩෝරා පත්‍රිකා ලෙසය.

බීබීසී, ගාඩියන්, රේඩියෝ ෆ්‍රාන්ස්, ඉන්ඩියන් එක්ස්ප්‍රස් ඇතුළු මාධ්‍යවේදීන් ඇතුළත් "ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය" විසින් ලිපිගොනු මිලියන 11.9ක් ඇසුරින් සකස් කරනු ලැබූ මේ වාර්තාවට සම්බන්ධව බවට විවිධ රටවල හිටපු සහ වත්මන් රාජ්‍ය නායකයන් 35 දෙනෙක් චෝදනා ලබා සිටිති. ඒ අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජු, කටාර් එමීර්වරයා, ඩුබායි අගමැති වැනි ප්‍රබල නායකයන්ගේ නම් සඳහන්ය. මීට අමතරව රටවල් 91ක තවත් දේශපාලනඥයන්, ප්‍රකට පුද්ගලයන් සහ ක්‍රීඩකයන් ඇතුළුව 330කට වැඩි පිරිසක් එම වාර්තාව මගින් චෝදනා ලබා සිටිති. පැනඩෝරා පත‍්‍රිකා මගින් සැඟවුණු ධනය ඇති පුද්ගලයන් තවත් හෙළිවීමට නියමිත බව වාර්තා වේ.