2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

චීනය අඳුරේ!

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 102

මේ දිනවල චීනයේ බහුතරයකට විදුලිය නැත. එරට තුළ මතුව ඇති හදිසි විදුලි අර්බුදය හේතුවෙනි. චීනයේ නිෂ්පාදිත භාණ්ඩ සඳහා ලොවපුරා ඉල්ලුම අධික වීමෙන් සමහර කර්මාන්ත ශාලා නිෂ්පාදන කටයුතු වැඩිකිරීම හේතුවෙන් සහ ගල්අඟුරු බලාගාර සඳහා සැපයුම්වලට බාධා ඇතිවීමෙන් මෙලෙස එරට තුළ විදුලිබල අර්බුදයක්  නිර්මාණය වී ඇත. එම හේතුවෙන් ගෘහස්ථ අවශ්‍යතා සඳහා විදුලිය සැපයීමටද බාධා මතුවී ඇති බව සඳහන් වෙයි.

එසේම විශාල කර්මාන්ත ශාලා නිෂ්පාදන කටයුතු අඩු කිරීමටද කටයුතු කර ඇති බව වාර්තා විය. ඒ හේතුවෙන් ලොව සැපයුම් ජාලවලටද බලපෑම් ඇතිවෙතැයි අනුමාන කෙරේ. විදුලි බලයට ඇති ඉල්ලුම අවම කිරීම සඳහා බලධාරීන් විවිධ පියවර ගනිමින් සිටී. සමහර ආයතනවලට දැනුම්දීමකින් තොරව විදුලිය කප්පාදු කිරීම හේතුවෙන් සේවකයින් විදුලි සෝපානවල සිරවී ඇති බවත් වාර්තා විය.