2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

ජස්ටින් ටෲඩෝගේ ලිබරල් පක්ෂය කැනඩාව ජයගනී!

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 38

කැනඩාවේ පැවැති මහ මැතිවරණයෙන් ටෲඩෝ නියෝජනය කරන පාලක ලිබරල් පක්ෂය ජය ගැනීමත් සමඟ ජස්ටින් ටෲඩෝ 03 වැනි වරටත් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්ව තිබෙ. කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට අග්‍රාමාත්‍ය ටෲඩෝගේ ලිබරල් පක්ෂය සමත් වී නැත. 

අග්‍රාමාත්‍ය ටෲඩෝගේ නායකත්වයන් යුත් කැනඩාවේ පාලක ලිබරල් පක්ෂය දිනාගෙන ඇත්තේ ආසන 158 ක් පමණකි. කැනඩාවේ විපක්ෂය වන කන්සර්වේටිව් පක්ෂය හිමිකර ගෙන ඇති ආසන සංඛ්‍යාව 122කි. කැනඩා පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට නම් මන්ත්‍රී ආසන 338න් ආසන 170ක බලය හිමිකර ගත යුතුය.

අග්‍රාමාත්‍ය ටෲඩෝ විසින් මෙවර මහ මැතිවරණය පැවැත්වූයේ එරටට සිව්වන කොරෝනා රැල්ලක බලපෑමක් එල්ල වී තිබූ පසුබිමක් තුළය. අර්බුද රැසක් මැද අමෙරිකානු ඩොලර් මිලියන 470ක වියදමෙන් ඉක්මන් මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් අගමැති ටෲඩෝට විචේචනද එල්ල වී තිබුණි. කෙසේ වෙතත්  ටෲඩෝ සිව්වැනි වරටත් කැනඩාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වීම මෙන්ම ඉදිරියටත් ලිබරල් පක්ෂයේ නායකත්වය දැරීම මෙම අර්බුද හමුවේ අවිනිශ්චිත තත්ත්වයක පවතියි.