2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

ප්‍රතිදේහවලින් මෙල්ල නොවන නව කොවිඩ් ප්‍රභේදයක්!

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 60

ප්‍රතිදේහවලින් පාලනය කිරීමට අපහසු නව කොවිඩ් ප්‍රභේදයක්  බව කියන R පොයින්ට් වන් (R.1) නම් කොවිඩ් ප්‍රභේදය පිළිබඳව අමෙරිකාවේ අවධානය යොමුවී තිබේ.

එම R පොයින්ට් වන් (R.1) නම් නව ප්‍රභේදය පළමුවරට හඳුනාගෙන තිබුණේ ජපානයෙනි. එම ප්‍රභේදයම ආසාදිත වූ පුද්ගලයින් 45 දෙනෙකු අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ සාත්තු සේවා මධ්‍යස්ථානයකින් හඳුනාගැනීමත් සමඟ අමෙරිකාවේ අවධානය ඒ වෙත යොමුවී තිබුණි. අදාළ නව ප්‍රභේදය සතුව ව්‍යාප්තවීමේ, ගුණනය වීමේ සහ ප්‍රතිශක්තීකරණය අභිබවා යාමේ කැපී පෙනෙන විකෘතීන් වර්ධනය වී ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙයි. මේ හේතුවෙන් R පොයින්ට් වන් ප්‍රභේදය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත.