2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

උතුරු කොරියාවෙන් න්‍යෂ්ටික මිසයිලයක්!

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 90

ජපානයේ බොහෝ ප්‍රදේශවලට පහරදීමේ හැකියාව ඇති නව දිගු දුර ක_ස් මිසයිලයක් උතුරු කොරියාව (long-range cruise missile) අත්හදා බලා ඇත. පරීක්ෂණවලදී මිසයිලය කි.මී.1500ක් දුරට ගමන් කළ බව කියන උතුරු කොරියානු විශ්ලේෂකයින්ට අනුව න්‍යෂ්ටික යුධ හිසක් රැගෙන යා හැකි එරටේ පළමු දිගු දුර ක_ස් මිසයිලය එයයි.

එයින් ඇඟවෙන්නේ ආහාර හිඟය සහ ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද උතුරු කොරියාවට තවමත් ආයුධ නිපදවීමේ හැකියාව ඇති බවයි. උතුරු කොරියානු රොඩොං සින්මුන් පුවත්පතේ ඡායාරෑපයේ දැක්වෙන්නේ දියත් කරන වාහනයකින් මිසයිලයක් මුදාහරින අයුරු සහ ඊට පසුව එය තිරස් අතට පියාසර කරන ආකාරයයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්බාධක හේතුවෙන් උතුරු කොරියාවට බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම තහනම් නමුත් ක_ස් මිසයිල අත්හදා බැලීම තහනම් නැත. බැලස්ටික් මිසයිල ක_ස් මිසයිලවලට වඩා භයානක යැයි එක්සත් ජාතීන් සලකන්නේ ඒවාට වැඩිදුර පරාසයක් ඇති බැවින් සහ වේගයෙන් පියාසර කළ හැකි බැවිනි.

මාර්තු මාසයේදීද එම රට සම්බාධක නොතකා බැලැස්ටික් මිසයිල අත්හදා බැලූ අතර එමඟින් එක්සත් ජනපදය, ජපානය සහ දකුණු කොරියාව දැඩි ලෙස කෝපයට පත්විය. පසුගිය මාසයේදී එක්සත් ජාතීන්ගේ පරමාණුක ඒජන්සිය කියා සිටියේ උතුරු කොරියාව න්‍යෂ්ටික අවි සඳහා ප්ලූටෝනියම් නිපදවිය හැකි ප්‍රතික්‍රියාකාරකයක් නැවත ආරම්භ කළ බව පෙනෙන්නට තිබෙන බවයි.

ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම් කට්සුනොබු කැටෝ පැවසුවේ මේ සිද්ධිය  සම්බන්ධව “ජපානයට සැලකිය යුතු කනස්සල්ලක්” ඇති අතර තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව සමඟ කටයුතු කරමින් සිටින බවයි.