2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

ඉන්දියාවේ හැදූ නව ගුවන් යානය හන්සා!

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 210

ඉදිරි මාස 4 තුළදී ඉන්දියාවේ නිෂ්පාදිත ගුවන් යානයක සේවය ලබා ගැනීමට එරට වැසියනට හැකිවනු ඇත. බැංගලෝරයේ පිහිටි ජාතික අභ්‍යවකාශ විද්‍යාගාරය යටතේ ඇති විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ කවුන්සිලය මගින් “හන්සා” නමින් නම් නව පරපුරේ ගුවන් යානයක් නිෂ්පාදනය කොට තිබේ. 

එය සිය මංගල ගුවන් ගමන සාර්ථකව සිදුකර ඇත. එම ගුවන් යානය බැංගලෝරයේ පිහිටි හල් ගුවන් තොටුපලේ සිට සැප්තැම්බර් මස 03 වැනි දින (සිකුරාදා) පස්වරැ 2.09ට ගුවන් ගත වී අඩි 4,000ක උන්නතාංශයක පියාසර කළ අතර විනාඩි 20 කට පමණ පසු ගොඩබෑමට පෙර නොට් Knot 80 ක වේගයක් ලබාගත් බව එහි සඳහන් වේ.

එම ගුවන් යානයේ විශේෂාංග ලෙස ඉන්දියාවේ විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යාංශය සඳහන් කළේ එහි ඉතා කාර්යක්‍ෂම ඩිජිටල් පාලිත එන්ජිමක්, කැබින් පහසුකම සහිත වීදුරු නියමු කුටියක්, අඩු මෙහෙයුම් පිරිවැයක් ඇතුළු පහසුකම් ඇති බවයි. ගුවන් යානයේ සුවිශේෂී ලක්‍ෂණ හේතුවෙන් එහි සේවා ලබා ගැනීමට මේ වනවිටද විවිධ පියාඹන සමාජවලින් ආරාධනා ලිපි 72ක් ලැබී ඇත. එම ගුවන් යානය සේවයට ඇතුළත් කිරීම සඳහා ඉදිරි මාස 4 තුළ අවශ්‍ය සහතිකය ලබා ගැනීමට නියමිතය.
 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00