2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

ගිනියාවේ ආණ්ඩු ගින්න!

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 105

ගිනියාවේ මේ වනවිට මහ ගින්නකි. එරට හමුදාව ජනාධිපති මන්දිරය වටලා ජනාධිපති ඇල්ෆා කොන්ඩේ අත්අඩංගුවට ගැනීමත් සමගය. දැන් එරට තුළ දින නියමයක් නොමැතිව ඇඳිරිනීතිය පනවා ඇත. බටහිර අප්‍රිකාවට අයත්, ගිනියාවේ ජනාධිපතිවරයා බලයෙන් පහකළ මෙම හමුදා කණ්ඩායම රජය විසුරුවා හරින බව පවසා නැවත දැනුම් දෙන තුරු රටපුරා ඇඳිරි නීතිය පනවා ඇත. මෙම කුමන්ත්‍රණයෙන් පසු හමුදාව නිවේදනය කර ඇත්තේ, ආණ්ඩුකාරවරුන් සහ අනෙකුත් ඉහළ පරිපාලකයින් වෙනුවට හමුදා නිලධාරීන් පත් කරන බවයි.

හමුදා සෙබළුන් ඒ රට ජනාධිපති ඇල්ෆා කොන්ඩේ වටකර ගෙන සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී ඇත. කොනාක්‍රි අගනුවර පැය ගණනාවක් තිස්සේ දරුණු වෙඩි හුවමාරුවක් පැවැති බවද වාර්තා වේ. ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ ජනාධිපති ආරක්ෂක භටයන් විසින් කුමන්ත්‍රණය ව්‍යර්ථ කරනු ලැබූ බවයි. නමුත් එහි නිරවද්‍යතාව හෝ ජනාධිපතිවරයා සිටින්නේ කුමන ස්ථානයකද යන්න මෙතෙක් අපහැදිලි බව විදෙස් විචාරක මතයයි. මේ අතර මෙම සිදුවීම් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇතුළු කලාපීය හා ජාත්‍යන්තරය දැඩිව හෙළා දැක ඇති අතර එ.ජා. මහ ලේකම්වරයා පවසන්නේ, ජනාධිපතිවරයා වහාම නිදහස් කරන ලෙසය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00