2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

මියන්මාරයේ විරතු හිමි නිදහස්

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 59

මියන්මාරයේ ප්‍රකට හා විවාදාත්මක බෞද්ධ භික්ෂුවක් වන අශින් විරතු හිමි මිලිටරි ජුන්ටාව විසින් නිදහස් කරනු ලැබ තිබේ. පසුගිය පෙබරවාරි මාසයේදී හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කෙරුණු සිවිල් රජයට එරෙහිව රාජද්‍රෝහී ක්‍රියාකාරකම් වල නියැලීමේ චෝදනාව එහිමියන්ට මීට පෙර එල්ල වී තිබුණි.

විරතු හිමි මිලිටරි හිතවාදී අදහස් දරන්නකු ලෙසද ප්‍රසිද්ධය. මෑත වසරවලදී ඔහු මිලිටරි හිතවාදී රැලිවලට සහභාගී වෙමින් ජාතිකවාදී කථා පැවැත්වූ අතර එවක නායිකා අවුං සාන් සුචී සහ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ලීගය විවේචනය කළේය. 2019 දී සිවිල් රජයට එරෙහිව “වෛරය පැතිරවීම සහ අපහාස කිරීම” සම්බන්ධයෙන් විරතු හිමිට චෝදනා එල්ල විය. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී බලධාරීන්ට යටත් වීමට පෙර විරතු හිමි සැඟවී සිටියේය. එතැන් සිට ඔහු නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් සිටියේය.

විරතු හිමිට එරෙහි සියලු චෝදනා ඉවත් කර ඇති බව ඉකුත් සඳුදා (සැප්.06) හමුදා රජය පැවසීය. මේ වනවිට එහිමි හමුදා රෝහලක ප්‍රතිකාර ලබන බව සඳහන් වන අතර සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු වාර්තා නොවේ. මිලියන 54ක පමණ ජනතාවක් ජීවත් වන මියන්මාරයේ ප්‍රධාන ආගම බුද්ධාගම වුවද 2017දී මියන්මාරයේ ඉහළම බෞද්ධ අධිකාරිය විසින් විරතු හිමිට වසරක දේශනා තහනමක් පනවන ලද අතර 2018 දී ෆේස්බුක් සමාඟම එහිමියන්ගේ පිටුව ඉවත්කර දැමීය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00