2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ !

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 121

මොළයට බරපතළ අයුරින් හානි කරන මාරාන්තික නිපා නමැති වෛරසය ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ යළි හිස ඔසවා ඇති බවට හඳුනාගෙන තිබේ. ඒ කේරළය කොවිඩ් වසංගතයෙන්ද දරුණු ලෙස බැටකමින් සිටින වාතාවරණයක් තුළය. මේ වනවිට ඉන්දියාවේ නවතම කොවිඩ් ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය බවට පත්වී තිබෙන්නේ කේරළ ප්‍රාන්තයයි.‍

මෙම නිපා වෛරසය ආසාදනයෙන් 12 හැවිරිදි පිරිමි දරුවෙක් මියගොස් ඇති අතර තවත් පුද්ගලයන් 20 දෙනෙකු පමණ වෛරස ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත. ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 188 දෙනෙක් සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණයට යටත් කර ඇති බවද ඉන්දීය වාර්තා සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පර් යේෂණ හා සංවර්ධන කටයුතු සිදුකරමින් පවතින ප්‍රමුඛතා රෝග කාරක ලැයිස්තුවට ඉබෝලා, සීකා, මර්ස්, ලස්සා යන වෛරස සමග මෙම නිපා වෛරසයද ඇතුළත් කර තිබේ.

වවුලන්, ඌරන් හෝ වෛරස ආසාදිත පුද්ගලයන් තුළින් ඍජුවම තවත් අයෙකුට නිපා වෛරසය ආසාදනය විය හැකිය. එන්සෙපලයිටිස් සහ මස්තිෂ්ක ප්‍රදාහයට හේතුවන නිපා වෛරසයට එරෙහිව තවමත් එන්නතක් සොයාගෙන නොමැත.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00