2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

රොනාල්ඩෝගෙන් පාපන්දු ලොවේ අද්වීතීය වාර්තාවක්!

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 21

මෙතෙක් ජාත්‍යන්තර පාපන්දු පිටියේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා බවට පත්වෙමින් ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නව  ලෝක වාර්තාවක් බිහිකර ඇත. දැන් එය ගෝල 111කි.

36 හැවිරිදි රොනාල්ඩෝ මෙලෙස බිඳ දැමුවේ ඉරාන පාපන්දු ක්‍රීඩක අලී ඩේ 1993 - 2006 කාල වකවානුවේදී පිහිටුවා තිබූ ලෝක වාර්තාවයි. ඔහු ජාත්‍යන්තර පාපන්දු ගෝල 109 ක් ලබා එම වාර්තාව බිහිකර තිබුණි.

ඉකුත්දා අයර්ලන්තය සමග පැවැති තරගයේදී ගෝල 2ක් වාර්තා කිරීමත් සමඟ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එම ලෝක වාර්තාව බිඳ හෙළීය. ඒ අනුව මේ දක්වා ඔහු රැස්කර ඇති සමස්ත ජාත්‍යන්තර ගෝල සංඛ්‍යාව 111 ක් බවට පත්විණි. 

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෝල 111 ත් සමඟින් මෙම ලෝක වාර්තාව බිහි කළේ තරග 180 කට සහභාගි වෙමිනි. එහි විශේෂත්වය වන්නේ ලොව නම් දැරූ සුප්‍රකට ක්‍රීඩකයින් කිසිවෙකුත් මෙම වාර්තාව ආසන්නයට හෝ පැමිණ නොතීබීමය. සුප්‍රකට පාපන්දු ක්‍රීඩකයෙකු වූ බ්‍රසීලයේ පේලේ තරග 92 කදි ගෝල 77 ක් රැස්කර තිබේ. මේ වනවිට ලොව අංක එකේ පාපන්දු ක්‍රීඩකයා වන ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී ද තරග 151 කදී රැස්කර ඇත්තේ ගෝල 76 ක් පමණි.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00