2021 මැයි 29 වන සෙනසුරාදා

අපේ කාලයේ විලියම් ශේක්ස්පියර් මියයයි !

 2021 මැයි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 166

අපේ කාලයේ විලියම් ශේක්ස්පියර් මියගිය බව ලන්ඩන් පුවත්පත් කියයි. මේ විලියම් ශේක්ස්පියර් ප්‍රසිද්ධ වූයේ නමේ මුල් හිමිකරු මෙන් සාහිත්‍යකලා කටයුතු නිසා නොව අපේ කාලයේ එපාම කරපු වසංගතයට එරෙහිව තැනූ එන්නතක් නිසාය. ඒ ෆයිසර් බයොන්ටෙක් එන්නත ලබාගත් ලෝකයේ දෙවැනියා සහ එන්නත ලබාගත් ලෝකයේ පළමු පුරුෂයා වීම නිසාය.

ඉකුත් දෙසැම්බර් 8 වැනිදා විලියම් ඉතිහාස පොතට එක් වූයේ කොවෙන්ට්‍රි රෝහලේදී ෆයිසර් බයොන්ටෙක් එන්නත ලබාගන්නා විට ඔහුගේ වයස 80කි. 81 හැවිරිදි විලියම් ඉකුත් සතියේ මරණයට පත් වූයේ එන්නතට කිසිදු සම්බන්ධයක් නැති රෝග තත්වයක් නිසා බව වාර්තාවේ.

මහා කලාකරු විලියම් ශේක්ස්පියර් නොව, කෝවිඩ්-19 එන්නත ලබාගත් ලෝකයේ දෙවැනියා සහ එන්නත එන්නත් කළ පළමු පුරුෂයා වීම නිසා ඉතිහාස පොතට එක් වූ විලියම් ශේක්ස්පියර්ය. 81 හැවිරිදි විලියම් ඊයේ මරණයට පත්විය. නමුත් ඒ ෆයිසර් බයොන්ටෙක් කෝවිඩ්-19 එන්නත ලබාගැනීමට කිසිදු සම්බන්ධයක් නැති රෝග තත්ත්වයක් නිසා කොවෙන්ට්‍රි රෝහලේදී ම ය. මහා කවි විලියම් ශේක්ස්පියර්ගේ උපන්ගමට කොවෙන්ට්‍රියේ සිට ඇති දුර හැතැක්ම 20ක් පමණි. වර්තමාන විලියම්ට ඒ නම යොදන්නට මහා කවියාගේ උපන් ගමට සමීප වීම බලපා ඇත.

රෝල්ස් රොයිස් සමාගමේ සේවකයෙකු මෙන්ම ලේබර් පක්ෂයේ සක්‍රිය සාමාජිකයෙකුද වූ ඔහු ප්‍රජාවට සේවයක් කිරීමට හැමවිටම උත්සුක වූ තැනැත්තෙකු ලෙස ප්‍රසිද්ධය.