2020 මාර්තු 14 වන සෙනසුරාදා

කොරෝනා තර්ජනයට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයින්ට සෙත්පතා මහජන බැංකුවෙන් බෝධි පූජා පිංකමක්

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 530

දකුණු කොරියාව, ඉතාලිය, මැද පෙරදිග ඇතුළුව ලොව පුරා සීඝ‍්‍රයෙන් පැතිරෙන නව කොරෝනා (කෝවිඩ් 19) වෛරසයෙන්, විදේශගතව සිටින අප ශ්‍රී ලාංකික ජනතාවට ආරක්ෂාව පතා මහජන බැංකුවේ එතෙර ගනුදෙනු සේවාව සංවිධානය කළ ආශීර්වාදාත්මක බෝධි පූජා පිංකමක් පසුගියදා කොළඹ කොටුව ශ‍්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී පැවැත්විණි.

මෙම බෝධි පූජා පිංකම කොළඹ කොටුවේ ශ‍්‍රී සම්බුද්ධාලෝක විහාරයේ විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසාර නාහිමියන් සහ විතාරන්දෙණියේ මේධානන්ද හිමියන්ගේ මුලිකත්වයෙන් සිදුකෙරිණි. මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පූර්ණ ව්‍යාපාර බැංකුකරණ හා ව්‍යාපාර ආයතන) නිපුණිකා විජේරත්න, සහකාර සාමාන්‍යාධිකාරිනි (එතෙර ගනුදෙනු සේවාව) අනෝමා මුද්දුව යන මහත්මින් ඇතුඵ එහි කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

මෙම දුෂ්කර මොහොතේ, තම දහදිය මහන්සියෙන් සහ බොහෝ කැපකිරීම් කරමින්  රටේ ජාතික ආදායමට මහඟු දායකත්වයක් ලබාදෙන විදේශයන්හි සේවයේ නියුතු අපගේ ශ්‍රී ලාංකික ජනතාව සමග එක්වෙමින් ඔවුන්ට නිදුක් නිරෝගී සුවය ප‍්‍රර්ථනා කිරීම මහජන බැංකුවේ ප්‍රේෂණ හා විදේශ මුදල් තැන්පත් මධ්‍යස්ථානය වන එතෙර ගනුදෙනු සේවාවේ ඒකායන අරමුණයි.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00