2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

මොබිටෙල් සහ තුරු හරිතකරණ ව්‍යාපෘතිය ජගත් සම්මාන ලැයිස්තුවේ

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 76

2020 පෙබරවාරි මාසයේදී බාසිලෝනා නගරයේ පැවැත්වීමට නියමිත GLOMO සම්මාන ලෙස ජනාදරයට පත්වී ඇති GSMA Global Mobile Awards 2020 සම්මාන උළෙලේදී ‘Best Mobile Innovation for Climate Action award’ කාණ්ඩය සඳහා මොබිටෙල් සහ තුරැ එක්ව දියත් කළ තාක්ෂණය හරහා හරිතකරණය ව්‍යාපෘතිය කෙටි ලැයිස්තු ගතවී ඇත.    

තමන් සතු මූලිකම ශක්තිය වන තාක්ෂණයේ බලයෙන් තිරසර හරිතකරණ මූලිකත්ව වැඩසටහන් සඳහා මූලික ශක්තිය ලබාදෙන මොබිටෙල් ගමන්මගේ ඇගයීම් රැසක් අතර තවත් එක් සන්ධිස්ථානයක් ලෙස මෙම ඇගයීම් නිවේදනය හඳුන්වාදිය හැක. ඩිජිටල් තාක්ෂණයේ මූලිකත්වයෙන් හරිතකරණයට පිවිසෙන නව්‍ය වැඩසටහනක් වූ තුරු සමඟ එක්වී ඔවුන්ට අවශ්‍ය තාක්ෂණ සහ සන්නිවේදන දායකත්වය මොබිටෙල් විසින් ලබාදීමට කටයුතු කළේය. එසේම, තුරු සහ මොබිටෙල් එක්වී නව්‍යකරණ තාක්ෂණික හඳුන්වාදීම් සහ තවත් සේවා වලින් සමන්විත විශේෂාංග රැසකින් මෙම නව ඇප් එක බලගන්වා අනාගතය වෙනස් කරන සුවිශේෂී නිර්මාණයක් බවට පත්කළේය ‘Tech4Good - Best Mobile Innovation for Climate Action’ කාණ්ඩය යටතේ GSMA GLOMO සම්මාන උළෙලට මොබිටෙල් සහ තුරු අයදුම් කළ අතර, එහිදී මෙම ව්‍යාපෘතිය කෙටි ලයිස්තුගත වී ඇත. සබඳතාවන්ගෙන් බලගැන්වුණු ලෝකයක් නිර්මාණය කිරීමට වෙහෙසෙන නව නිපැයුම්කරැවන් හඳුනාගනිමින් සහ ඔවුන්ව අගයමින් GLOMO සම්මාන පිරිනැමිණි. අපේ එදිනෙදා ජීවිතය ඉහළ නැංවීමට, අධ්‍යාපනික අවස්ථාවන් වැඩිදියුණු කිරීමට, යහපත් දේශපාලනික මැදිහත්වීම් බලගැන්වීමට සහ ඉහළ ආර්ථික වර්ධනයක් ලබාගැනීමට ජංගම සන්නිවේදනයේ දායකත්වය ලබාදෙන ආයතන හඳුනාගැනීමට මෙම සම්මාන උළෙල ලොව පුරා ප‍්‍රචලිත වී තිබේ. ජංගම සන්නිවේදනයේ සුවිශේෂී කඩඉම් සහ ඉතා ඉහළ සාධනීය බලපෑම් ඉහළින්ම සමරන මෙම සම්මාන උළෙල මොබයිල් ක්ෂේත‍්‍රයේ ඔස්කාර් සම්මාන උළෙල ලෙස කා අතරත් ප‍්‍රචලිත වී තිබේ. එසේම ජංගම සන්නිවේදන ක්ෂේත‍්‍රයේ සජීවී බව ආරක්ෂා කරගනිමින් ඉදිරි අනාගතයට නව්‍යකරණයේ ඉහළ දායකත්වයක් ලබාදීම මෙමගින් බලගැන්වේ.  

තිරසර නිපැයුම් සහ සේවා ජනගත කිරීමේ උපායමාර්ගික අරමුණේ එක් කොටසක් ලෙස මොබිටෙල් විසින් බලගැන්වූ නව්‍යකරණ සහ ව්‍යවසායකත්ව පදනම් කරගත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම reality TV වැඩසටහනක් වන &කෝටියක් වටිනා අදහසක්” Season 2වල අවසාන තරගකරුවන් දහදෙනා අතරට තේරුණු විශිෂ්ට නව්‍ය සංකල්පයක් ලෙස තුරු හඳුන්වා දිය හැක. ඒකාබද්ධ සහසම්බන්ධතාවය තුළින් විශිෂ්ටත්වය කරා පියමැනීම සහ තාක්ෂණික එකමුතුවෙන් ශක්තිමත් හැකියාවන් බලගැන්වීම මෙම වැඩසටහනේ අරමුණ වූ අතර, මොබිටෙල් සහ තුරු එකමුතුවෙන් නැවත පැල වවන හරිතකරණ මූලිකත්ව වැඩසටහන දියත්කිරීමට කටයුතු කළේය. මෙහිදී පුද්ගලයන්ට ඇත්ත ගසක් පැළකර තුරු ඇප් එක හරහා රැකබලාගැනීම සහ එහි වර්ධනය නිරීක්ෂණය කිරීමේ හැකියාව හිමිවේ. කළයුත්තේ ගසක් පැළකිරීම සහ එහි ඡායාරූප සහ විස්තර upload කිරීමයි. එවිට ඇප් එක මඟින් ස්වයංක‍්‍රීයව ලකුණු ලබාදීම සිදුවන අතර, සැබෑ පරිසර හිතකාමියෙක් ලෙස ඔබට ලකුණු සටහනේ ඉහළටම යාමේ අවස්ථාව මේ සඳහා හිමිවේ. දිගින් දිගටම ඡායාරූප upload කරමින් තමන් පැළකළ ශාකය රැකබලාගන්නා පුද්ගලයන්ට ලකුණු සටහනේ ඉහළටම යාමේ හැකියාව හිමිවේ. එමෙන්ම, පැළ වැවීමේ උපදෙස් සහ පැළ වවන තවත් එවැනිම පුද්ගලයන් හා අන්තර් සම්බන්ධතා ඇතිකර ගැනීමේ හැකියාව තොරතුරැ හුවමාරු කරගැනීමේ හැකියාව ලොව වටා සිටින පරිසර හිතකාමී ගස් වවන්නන් සමඟ සමාජයක් ගොඩනැගීමේ අවස්ථාව මෙහිදී හිමිවේ. හරිත ලෝලීන් ප‍්‍රවර්ධනය කිරීමට මොබිටෙල් විසින් තුරු ඇප් එක භාවිතා කරන්නන් සඳහා විශේෂ ඩේටා දීමනාවක් ලබාදුන් අතර, තුරු සමඟ සම්බන්ධ වී පැළ වගාකරමින් Green Bytes (නොමිලේ ඩේටා) හිමිකර ගැනීමේ අවස්ථාවද ලබාදී තිබුණි.