2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

මොබිටෙල් WhatsApp සහ Viber පාරිභෝගික සේවාව සාර්ථක වර්ෂ 2 කඩඉම පසුකරයි

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 155

ශ‍්‍රී ලංකාවේ ජාතික ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන මොබිටෙල් සමාගම ඩිජිටල් ක‍්‍රමෝපායන් හරහා පාරිභෝගික සේවාව ලබාදීමේ ගමන් මගෙහි තවත් වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කර තිබේ. WhatsApp සහ Viber වැනි ඩිජිටල් යෙදවුම් ඔස්සේ විශිෂ්ට පාරිභෝගික සේවාවක් වර්ෂ දෙකක් පුරාවට ලබාදෙන්නට සමත්වීම එම සුවිශේෂී ජයග‍්‍රහණයයි. 

දිනෙන් දින දියුණුවන තාක්ෂණය හා පාරිභෝගික අවශ්‍යතා පිළිබඳව අවබෝධ කරගැනීමේ විශේෂ හැකියාවක් මොබිටෙල් සමාගම සතුය. 2018 වර්ෂයේදී WhatsApp සහ Viber ඔස්සේ ඩිජිටල් පාරිභෝගික සේවාව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට හඳුන්වාදීමට මොබිටෙල් සමාගම කටයුතු කළේය. මෙම හඳුන්වාදීම නිසා මොබිටෙල් ග‍්‍රාහකයන්ට වඩාත් පහසුවෙන් සිය ගැටලු පිළිබඳව විමසීම් කිරීමටත් අවශ්‍ය උපදෙස් ලබාගනිමින් සිය ගැටලු නිරාකරණය කරගැනීමටත් හැකියාව ලැබී තිබේ. Chatbot, Self-Care App, DataMart App, Web Chat සහ E-Male වැනි ඩිජිටල් ක‍්‍රමවේද භාවිතා කරමින් ලබා දෙන පාරිභෝගික සේවාවට අමතරව මොබිටෙල් සමාගම සෘජු දුරකතන අංක, පාරිභෝගිකයා මුණ ගැසෙමින් ලබාදෙන පාරිභෝගික සේවාව frontline support* සහ ෆැක්ස් වැනි සම්ප‍්‍රදායික පාරිභෝගික සේවා ක‍්‍රමෝපායන්ද භාවිතා කරයි.

ජංගම විදුලි සංදේශ සේවා කර්මාන්තය වෙනුවෙන් පාරිභෝගික කේන්ද්‍රීය නව්‍යකරණ නිපැයුම් හා සේවාවන් හඳුන්වාදීමට මොබිටෙල් නිරන්තරවම කටයුතු කරයි. SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී 2017 සහ 2018 යන වර්ෂයන් දෙකෙහිදීම ‘වසරේ සේවා සන්නාමය’ සම්මානය හිමිකර ගැනීමට මොබිටෙල් සමාගම සමත් විය. සාමාන්‍ය පාරිභෝගික සේවාවෙන් ඉදිරියට යමින් සුපිරිතම සේවාවක් ලබා දෙන සමාගම් ඇගයීම වෙනුවෙන් පසුගියදා පැවැති Singapore Customer Engagement Forum Awards සම්මාන උළෙලේදී තවත් සම්මානනීය ඇගයීම් රාශියකින් පිදුම් ලැබීමට මොබිටෙල් සමාගමට හැකියාව ලැබිණි.