2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

නවීන බෙන්ස් මෝටර් රථ සහ තවත් ත්‍යාග කන්දරාවක් සමඟ මොබිටෙල් කෑෂ් බොනැන්සා 2020 ඇරැඹේ

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 104

දිවයින පුරා විසිරී සිටින සුවහසක් ජනතාවගේ පැතුම් සඵල කරමින් ඔවුන්ට විනෝදය වාසනාව රැගෙන එන 2020 මොබිටෙල් කෑෂ් බොනැන්සා සමාරම්භක උළෙලේ දී අති සුඛෝපභෝගී නවීන බෙන්ස් මෝටර් රථය සමඟ මිලියනයකට අධික මුදල් ත්‍යාග කන්දරාවක් වාසනාවන්තයන් තිදෙනෙකු අතර බෙදා දුන්නේය. බදුල්ලේ ජේ.එම්. ගිහාන් ලසුන් හර්ෂ, අති සුඛෝපභෝගී නවීන බෙන්ස් රථය දිනාගත් වාසනාවන්තයා වන අතර දෙවැනි ත්‍යාගය ලෙස රුපියල් මිලියනයක මුදල් ත්‍යාගය අවිස්සාවේල්ලේ ඒ.සී.එම්. ආදිල් ද තෙවැනි ත්‍යාගය ලෙස රුපියල් ලක්ෂ 5ක ත්‍යාගය කෝට්ටේගොඩ එච්.ඒ. නිමල් රෝහාන් ද දිනාගත්හ. සිය පවුලේ අය හිතමිතුරන්, මොබිටෙල් කාර්ය මණ්ඩලය සහ ප‍්‍රාදේශීය නිලධාරීන් ඉදිරියේදී ඔවුන්ට මෙම ත්‍යාග ප‍්‍රදානය සිදුකෙරිණි.

අති විශාල ත්‍යාග ප‍්‍රදානයන්ට අමතරව මොබිටෙල් කෑෂ් බොනැන්සා තුළින් දෛනිකව සහ ත්‍රෛමාසිකව දිනුම් ඇදීමක් සංවිධානය කරන අතර එම දිනුම් ඇදීම් වලින් ජයග‍්‍රහණය කරන වාසනාවන්තයන් සඳහා මුදලින් රැපියල් මිලියන 190ට අධික ත්‍යාග සම්භාරයක් ලබාදීම සිදුවේ. එමෙන්ම වසර පුරා තෝරාගන්නා වාසනාවන්තයන් 220,000කට රැපියල් 500ක් බැගින් වටිනා ත්‍යාග ප‍්‍රදානයක්ද සිදුකරයි. 

අතිශය ජනාදරය දිනාගත් සහ ආකර්ෂනීය අලෙවි ව්‍යාපෘතියක් ලෙස වසර පුරාම සිය පාරිභෝගියන් උදෙසා අදහාගත නොහැකි ත්‍යාග ලබාදෙන මෙවන් වැඩසටහනක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම සන්නිවේදන ජාලය මොබිටෙල් ආයතනය බව අවිවාදයෙන් කිවහැක. මෙම වැඩසටහන ආරම්භ වූ 2015 වසරේ සිට 2019 අවසානය දක්වා මිලියන 2.3ක් වූ අති විශාල පාරිභෝගිකයන් සංඛ්‍යාවකට මොබිටෙල් කෑෂ් බොනැන්සා හරහා ත්‍යාග ප‍්‍රදානය කර තිබේ. එමෙන්ම වසර 5ක් නොකඩවා පැවතී ශ‍්‍රී ලංකාවේ ඉතාම ජනප‍්‍රිය පාරිභෝගික දිරිගැන්වීමේ වැඩසටහන මොබිටෙල් කෑෂ් බොනැන්සා වැඩසටහන වේ. 

සිය විශ්වාසවන්ත පාරිභෝගිකයන් වෙනුවෙන් සිදුකරන කැපවීම තවත් අර්ථවත් කරමින් මොබිටෙල් විසින් කෑෂ් බොනැන්සා වාර්ෂික වැඩසටහන විනෝදාස්වාදය, සහය, පහසුව, උපකාරය සහ සිය පාරිභෝගිකයන්ට එකතුවීමේ අවස්ථාව උදාකරන මධ්‍යස්ථානයක් ලෙස ක‍්‍රියාත්මක කරයි. සියලුම පෙරගෙවුම්, පසුගෙවුම් සහ බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවන් සඳහා සිදුකරන රැපියල් 50ක් හෝ ඊට වැඩි රීචාර්ජ් කිරීමක් හෝ බිල්ගෙවීමක් මෙම මොබිටෙල් කෑෂ් බොනැන්සා තරඟයේ දිනුම් ඇදීමට ස්වංක‍්‍රීයව ඇතුළත් වේ. පෙර ගෙවුම් පැකේජ ඇති පාරිභෝගිකයන්ට දිනාගත් අගයට සමාන කතා කාලයක් ලබාගැනීමේ හැකියාව සහ පසු ගෙවුම් පැකේජ ඇති පාරිභෝගිකයන්ට තමන් දිනාගත් අගයට සමාන අගයක් තමන් සතු බිලේ අගයෙන් අඩුකිරීම සිදුකරයි. ජයග‍්‍රහකයන්ව තැපැල් මඟින් සම්බන්ධකර ගැනීම සහ මොබිටෙල් පාරිභෝගික සේවා අංකයවන 0172755777 අංකයෙන් සම්බන්ධ කරගැනීම සිදුවන අතර ජයග‍්‍රහණය කළ  ඕනෑම ත්‍යාගයක් ලබාදීම සඳහා කිසිදු අයකිරීමක් ලබානොගනී. බංජි ජම්පිං වල සිට චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් දක්වාද IOT වැඩමුළු සංවිධානයෙන්ද දරැවන්ට සෙල්ලම් කිරීමට වෙන්කළ ස්ථාන සැකසීමෙන්ද මොබිටෙල් නිපැයුම් සහ සේවා අලෙවි මධ්‍යස්ථාන වලින් ද මෙම සැණකෙළිය පරිපූර්ණ වේ. කෑෂ් බොනැන්සා සැණකෙළියේ දී මොබිටෙල් IOT උපාංග නිවැරදිව ක‍්‍රියාත්මක කරන ආකාරය ආදර්ශ ඇසුරෙන් පෙන්වා දෙන ගමන්ම එහි නිපැයුම් සහ සේවාවල අනාගතවාදී තාක්ෂණික සුවපහසුව පැමිණෙන පාරිභෝගිකයන්ට සැබැවින් අත්විඳීමේ අවස්ථාව උදාකරයි.